November 27, 2017

ජලය පානය කිරීම

ජලය පානය අපට මෙතරම් වැදගත් වන්නේ ඇයි?

අප ශරීරයේ බරින් 60%කට වඩා ජලය වේ. මිනිසෙකුට ජලය රහිතව දින 3-5 කට වඩා වැඩි කාලයක් ජීවත් වීමට නොහැකිය.

ජලය අප සිරුරේ බොහෝ කාර්යයන් සඳහා අවශ්‍යවේ..
    රුධිරයේ ප්‍රධාන සංඝටකයක් ලෙස පෝෂණ ද්‍රව්‍ය හා ඔක්සිජන් ශරීරය පුරා බෙදා හැරීමට
   අප ගන්නා ආහාර දිරවීමට
   අප ශරීර උෂ්ණත්වය නිසි ලෙස පවත්වා ගැනීමට
   ශරීරය අනතුරුවලින් ආරක්ෂා කිරීමට
   මුඛය,ඇස්,නාසය ආදියේ පටලවල තෙතමනය පවත්වා ගැනීමට
   මුත්‍රා සහ දහදිය ලෙස අපද්‍රව්‍ය ශරීරයෙන් ඉවත් කිරීමට
   මොළයේ ක්‍රියාකාරිත්වය නිසි ලෙස පවත්වා ගැනීමට
   මල බද්ධය වලක්වා ගැනීමට

අප දෛනිකව කොපමණ ජල ප්‍රමාණයක් පානය කළ යුතුද?
ඔබේ වයස අනුව,ඔබ දෛනිකව පානය කළ යුතු ජල ප්‍රමාණය ගණනය කිරීම පහසුය.

ඔබ දෛනිකව පානය කළ යුතු ජල ප්‍රමාණය ගණනය කිරීම

වයස් කාණ්ඩය
ළමා අවධිය (අවුරුදු 1-5)
ප්‍රාථමික අවධිය (අවුරුදු 6-10)
නව යොවුන් අවධිය (අවුරුදු 11-18)
ජල පරිමාව
මිලි ලීටර් 750-1000
ලීටර් 1-1.5
ලීටර් 1.5-2
වැඩිහිටියන් සඳහා ශරීරයේ බර 30න් බෙදා ගත්විට දෛනික පානීය ජල අවශ්‍යතාවය පහසුවෙන් ගණනය කර හැක.

දිනකට ජල පරිභෝජන පරිමාව (ලීටර්)     =   ශරීරයේ බර (කිලෝග්‍රෑම්)
                                                                                    30

කෙසේ නමුත් ඉහත දැක්වෙනු යේ ඔබට දිනකට අවශය ජල ප්‍රමාණයේ දළ අගයකි.
දෛනික ජල අවශ්‍යතාවය විවිධ හේතුන් මත වැඩිවීමට පුවවන.

ඔබ සාමාන්‍ය අවශ්‍යතාවයට වඩා වැඩිපුර ජලය පානය කළ යුතු අවස්ථා,.

   ඔබ ව්‍යායාම හෝ ක්‍රීඩා වල යෙදෙන විට,
   උණුසුම වැඩි දින වලදී,
  හිරු රශ්මියට දිගු වේලාවක් නිරාවරණය වී සිටින විට,
• ඔබ විදුලි පංකාවක්/වායු සමීකරණයක්  යටතේ සිටින විට,
  දැඩි සුළඟට දිගු වේලාවක්  නිවාරණය වන විට
  උණ/පාචනය වැනි දෙයින් පෙලෙන විට

ඔබ ක්‍රීඩා කරන විට නියමිත ප්‍රමාණයට ජලය පානය කිරීමෙන් ඉතාමත් හොදින් ක්‍රීඩා කිරීමට හැකිවේ. ඒ සඳහා පහත මඟ පෙන්වීම අනුගමනය කරන්න.

ශාරීරික ක්‍රියාකාරකම්හි යෙදීමට පෙර,යෙදෙන අවස්ථාවේදී හා යෙදීමෙන් පසු ගත යුතු අමතර පානීය ජලය සඳහා මාර්ගෝපදේශය,

      ක්‍රියාකාරකමකට පැයකට පෙර        -  මිලි ලීටර් 500ක්
      ක්‍රියාකාරකම අතරතුරදී                    -  සෑම ක්‍රියාශිලී මිනිත්තු 15කට වරක් මිලිලීටර් 250 ක්
      ක්‍රියාකාරකමකට පසු                        -  මිලි ලීටර් 250ක්

හොදම පානය කුමක්ද?

අප සිරුරට සුදුසුම පානය ජලයයි.පැණි බීම හා ශක්ති ජනක පානයන් වැනි කෘතිම බීම වල අඩංගු විවිධ රසායන ද්‍රව්‍ය සිරුරට හානිකර වේ.

ඔබ ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන්නේ නම් ඔබේ මුත්‍රා අවර්ණ බවින් යුක්ත වේ.
පිපාසය ඇතිවන තෙක් නොසිට පිපාසයක් ඇතිවීමට කලින් නිතර ප්‍රමාණවත් ලෙස ජලය පානය කරන්න. 

ඔබ දිනකට අවශ්‍ය ප්‍රමාණයට ජලය පානය නොකරන්නනේ  නම් පහත සඳහන් අහිතකර ප්‍රතිඵල ඇතිවිය හැකිය.

      අධ්‍යාපන කටයුතු සඳහා මානසික ඒකාග්‍රතාවය පවත්වා ගැනීම අපහසුවීම
      ප්‍රශස්ත මට්ටමින් විෂය බාහිර ක්‍රියාකාරකම් කිරීමට නොහැකිවීම
      ශරීරය විජලනයට ලක්වී පිපාසය ඇති වීම
      මුඛය වියළීම නිසා විෂබීජ වර්ධනය වීම
      නිදිමත ගතිය හා ශාරීරික දුර්වල බව ඇති වීම
      ඉක්මනින් කේන්ති යාම
      සම වියළි වීම හා රැලි වැටීම

ඔබත් අඩුවෙන් ජලය පානය කල දිනවලදී මෙවැනි අත්දැකීම් ලැබී ඇත. නිසි ලෙස ජලය පානය මඟින් මෙවැනි අහිතකර ප්‍රතිඵල වලක්වා ගැනීම ඔබට ඉතා පහසුවෙන් කල හැකිය.



හෙල සුවය දේශණය ඇසුරෙන්
ඡායාරූප අන්තර්ජාලයෙන්
හංසනී ලුණුවිල
විද්‍යා හා තාක්ෂණ නිලධාරී
මාලිම්බඩ

0 comments:

Post a Comment