November 23, 2017

ගිණිකෙළි සංදර්ශන ස්පර්ශයෙන් රස විදීම

අන්ධ පුද්ගලයින්ට ගිණිකෙළි සංදර්ශන ස්පර්ශයෙන් රස විදීම සඳහා ලාභදායි ජල විදින ක්‍රමයක් භාවිතා කිරීමට ඩිස්නි පර්යේෂකයින් සමත් වී ඇති බව වාර්තා වේ.

ශබ්දයන් සමග ක්ෂණිකව පැතිරෙන ගිණිකෙළි දර්ශනය ඉතා අලංකාර වේ. එහෙත් මෙම වර්ණවත් අලංකාර පිපිරීම ප්‍රධාන වශයෙන් දෘෂ්ඨමය වින්දනයක් නිසා අන්ධ හෝ දෘෂ්ඨ හීන පුද්ගලයන්ට එය රස විඳිමට හැකියාවක් නැත. ඩිස්නි පර්යේෂකයින් විසින් ˝ Feeling fireworks  (ස්පර්ශ ගිණිකෙළි) ˝  ක්‍රමය හෙවත් ස්පර්ශමය ප්‍රතිචාර ලබාදෙන වින්දනමය පෙන්වීම් ක්‍රමයක් ක්‍රියාත්මක කර ඇත. කම්පනය හෝ ස්පන්දනය මිනිසුන්ට දැනේ. අග්නි තාක්ෂණ ප්‍රදර්ශනය යම් පරිවර්තනයන් මගින් දෘෂ්ඨි හීන අයට දැනීමට සැලැස්වීම මෙම ක්‍රියාවලියයි. අන්ධ හෝ දෘෂ්ඨි හීන ප්‍රජාව වෙනුවෙන් (සංවේද්‍ය තාක්ෂණයක්) ˝aesthetic technology˝ නිර්මාණය සඳහා මුල පිරීමකට සහය වීමක් ලෙස මෙය හැඳින්විය හැකි බව පර්යේෂණයේ ප්‍රධාන විද්‍යාඥ Paul Boardsley පවසයි.

අඩු දෘෂ්ඨි ප්‍රජාවට උපකාර කිරීමට සංවෙද්‍ය ප්‍රතිචාර ක්‍රමය කිසිසේත්ම නව ක්‍රමයක් නොවන අතර වසර කිහිපයක සිට වර්ධනය වෙමින් පවතින්නකි. ස්පර්ශය මගින් උත්තේජනය වන තාක්ෂණය සහිත බොහෝ උපකරණ හා භාණ්ඩ දැනටමත් භාවිතා වේ. ඇවිදින විට සිදුවන කම්පනය සහිත සපත්තු මගින් අන්ධ පුද්ගලයන්ට මාර්ගෝපදේශණය දීම‚ Sunu වළලු සෙලවීම සිදු කරමින් දිශානතිය ලබාදීම ඒ සඳහා උදාහරණ කිහිපයකි. ඩිස්නි නිර්මාණය අවධානය යොමු වී ඇත්තේ ගිණිකෙළි සංදර්ශන වල චමත්කාරය ස්පර්ශයෙන් රස විදීමට සැලැස්වීම සඳහායි.

මෙම තාක්ෂණය, ඉදිරියෙන් ප්‍රක්ෂේපණය යන්ත්‍රයක් සහිත 3' x 3' ප්‍රමාණය තීරයකින් සහ පිටුපසින් සවිකර ඇති ජල විදින පෙළකින් සමන්විත වේ. මූලික Arduino පරිගණකයක මගින් ජල විදින ඉසින ගුණාංග පාලනය කරයි. එමගින් තිරය මත ගිණිකෙළි වල රටා නිර්මාණය කරන අතර තිරයේ නම්‍යශීලී මතුපිට නිසා තිරය අනෙක් පස ප්‍රේක්ෂකයාට එය ස්පර්ශයෙන් දැනේ. මීට අමතරව ප්‍රක්ෂේපණය මගින් අදාල ප්‍රතිරූපය ශබ්දය සමග නිර්මාණය කරයි.
ප්‍රක්ෂේපණයන් දැක්වෙන වීඩියෝ දර්ශන රටා හා ඒ සඳහා ගතවන කාලය සාමාන්‍ය ප්‍රේක්ෂකයින් හඳුනා ගැනීමට සාපේක්ෂව නම්‍ය මතුපිට ස්පර්ශයෙන් අඩු දෘෂ්ඨි ප්‍රජාව එය හඳුනාගැනීම 66% සාර්ථකත්වයක් පෙන්නුම් කළ බව ඩිස්නි පර්යේෂකයෝ ප්‍රකාශ කරති. 2013 වසරේදී ඔවුන් Aireal නම් තාක්ෂණයන් මගින් වායු භ්‍රමණ රූප හා අතිධ්වනික පීඩන කිරණ භාවිතකර සත්‍ය ලෙස දැනෙන අතත්‍ය වස්තු නිර්මාණය කර තිබේ.

අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව භාවිතයෙන් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර

https://youtu.be/19WMStqdXmM?t=5

0 comments:

Post a Comment