November 23, 2017

බර්මියුඩා ත්‍රිකෝණයේ අභිරහස පිලිබද තවත් විද්‍යාත්මක මතයක්.

ඇමරිකාවේ කොලරාඩෝ විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් විසින් කරන ලද පර්යේෂණ වලින් මේ ප්‍රදේශයේ සිදුවන අභිරහස් අතුරුදහන් වීම පිලිබද අලුත් මතයන් ඉදිරිපත් කරති. මේ ප්‍රදේශයේ ඉහල වායු ගෝලයේ වලාකුළු අතර හෙක්සගන් හෙවත් ශ්‍රඩස්ස්‍රාකාර වලාකුළු අතර ෂණිකව වායු රික්තක ඇතිවන බව සොයාගෙන ඇත. මෙම තත්වය ප්‍රදේශයෙන් ලබාගත් චන්ද්‍රිකා ඡායා රූප මගින් ද  තහවුරු කරයි. මෙම වායු රික්තක නිසා වායු බෝම්බ හට ගන්නා අතර ඒවායේ බලපෑම නිසා මෙම ප්‍රදේශයේ සුලගේ වේගය පැයට සැතපුම් 170 දක්වා ඉහල යා හැකි අතර අඩි 45 ට වඩා වැඩි මුහුද රළ හට ගැනීමේ හැකියාව ඇති බව ඔවුන්ගේ මතයයි. 

මෙම මුහුදු රළ සහ සුලගේ වේගය නිසා එම ප්‍රදේශයේ නැව් සහ ගුවන් යානා අතුරුදහන් වන බව මෙම පර්යේෂණ කණ්ඩායම විසින් පෙන්වා දේ.       

Bright slide ඇසුරිනි.                                                                                                                                                                                             
                                                                        
සී.වෙත්තසිංහ.
විද්‍යා හා තාක්ෂණ නිලධාරී.                                                                                                          අකුරැස්ස.
                                                                                                                                                                                                                                                       
        
                         



0 comments:

Post a Comment