November 17, 2017

ඖෂධීය ගුණයෙන් යුත් අපේ සහල්

පෙරදිග ධාන්‍යාගාරය වශයෙන් ප්‍රචලිත ශ්‍රී ලංකාවේ වී ගොවිතැන ක්‍රිස්තු පූර්ව 800 කට පෙර සිටම පැවතෙන්නකි. විශාල වාරි මාර්ග සැලැස්ම, ජලාශ හා එකිනෙකට සම්බන්ධ ඇළ මාර්ග පද්ධති වලින්ද මෙය වඩාත් තහවුරු වේ. මෙම වී ගොවිතැන ආර්ථික මෙන්ම එය ජීවනෝපාය මාර්ගයක්ද වේ.
ශ්‍රී ලංකාවේ සහල් වර්ග 2000 කට අධික ප්‍රමාණයක් ලෝකයට හඳුන්වා දී ඇත. නමුත් 16 සහ 18 වන ශත වර්ෂ අතරතුරදී සිදුවූ යුරොපීයන්ගේ සංක්‍රමණය බෝග වගාව කෙරෙහි වැඩි අවධානයක් ලබා දෙනු ලැබූ අතර නැවතත් එම අවධානය 20 වන ශත වර්ෂයේ දී වී ගොවිතැන කෙරෙහි විය. මෙම ක්‍රියාවලියේදී බොහෝ ශ්‍රී ලාංකික සම්ප්‍රදායික සහල් ප්‍රභේදයන්හි අඩංගු වූ, විශාල ප්‍රමාණයක ග්ලුටැමික් අම්ලය (Glutamic acid), අධිසාන්ද්‍රිය විටමින්, තන්තු සහ අඩු සීනි සාන්ද්‍රණය (Glycemic index) යන ගුණාත්මකභාවයන් රසායනික පොහොර භාවිතය නිසා ජාතියට අහිමි විය  
පාරම්පරික වී වගාවේ ගුණාත්මක බව සහ එහි ඖෂධීය වටිනාකමින් යුත් වී වර්ග කිහිපයක් පහතින් දැක් වේ
කුරුළුතුඩ
මෙම සහල් ප්‍රෝටීන් හා මේදයන්ගෙන් සපිරි පෝෂ්‍යදායි රතු සහල් විශේෂයකි. ඉතා කදිම රසයකින් හෙබි මෙම සහල් පිත්තාශ ක්‍රියාකාරීත්වය වර්ධනය කිරීමේ, පුරුෂ කාම ශක්තිය වැඩි කිරීමේ සහ බෙලහිනතාවය මඟහැරවීමේ හැකියාවන්ගෙන් යුක්ත වේ. මෙම සහල්වල නිවුඩ්ඩ කාටිලේජවල ඇති කැල්සියම් අයින්වීම වලක්වයි. ආහාරවල යකඩ අවශෝෂණය කර රුධිරයේ ඇති හිමොග්ලොබින් උත්පාදනය කිරීමට අවශ්‍ය  ආධාරය ඇට මිදුළුවලට සපයයි.
සුවදැල්
මෙයින් අදහස් වනුයේ සුවඳයි. රසැති සහ ප්‍රණීත සුදු වී වර්ගයකි. මෙම සහල් භාවිතයෙන් සමෙහි පැහැය වර්ධනයද, කටහඩෙහි ස්වභාවය වර්ධනයද, කායික ශක්තිය වර්ධනයද සිදු කර ගත හැකි අතර දියවැඩියාව වැනි රෝග පාලනය කිරීමේ හැකියාවක්ද ඇත. මේ අතර සමබර කායික වර්ධනයක් සඳහාද මේවා බෙහෙවින් උපකාරී වේ. සියලු රෝග නිවාරණය සඳහා ඖෂධීය ගුණයකින් යුත් මෙම සහල් වර්ගය කයෙහි හෝමෝන ක්‍රියාවලිය සමතුලිත කිරීමට උපකාරී වේ. කයෙහි ඇති ඇඩ්‍රිනලින් වර්ගවල ශ්‍රාවයන් පාලනය කිරීම සඳහා අවශ්‍යවන, සෙලියුලෝස් වල සංයුතියට බොහෝ දුරට කිට්ටු වන්නා වූ එහෙත් ඇමයිලෙස් වැනි එන්සයිම උත්පාදනය කරවන ශක්තියක් ඇති කාබෝහයිඩ්‍රේට් වර්ග වලින් සමන්විත සහල් වර්ගයකි
හීනටි
ඖෂධීය ගුණාංගයන්ගෙන් පෝෂිත රතු කැකුළු සහල් වර්ගයක් ලෙසින් හඳුන්වන කළු හීනටි හාල් දිනපතා ආහාරයට සුදුසු වන අතර විශේෂයෙන් ගර්භනී හා කිරි දෙන මව්වරුන් සඳහා නිර්දේශිතය. කායික ශක්තිය වර්ධනය කරන අතර ආහාර දිරවීම සඳහා අවශ්‍ය තන්තු බහුලව ඇත. දියවැඩියාව පාලනය කිරීමට සහ සර්ප විෂ නැසීම සඳහාද උපකාරී වේ. කළු හීනැටි සහල් වලින් පිසින ලද කැඳ කහ උණ රෝගීන් සඳහා ඖෂධයක් ලෙස සැලකේ. මෙම ශාකයේ මූල කේශ තුල විශේෂිත ආකාරයේ බැක්ටීරියා සංචිතයක් රඳවා ගනී. එම ක්‍රියාකාරීත්වයෙන් ශාකයට උරා ගන්නා අයන වර්ග වල ධන රිණ භේදය, එනම් ධ්‍රැවීයතාවය වැඩි කරවා විස සහිත අයන ශාකයෙන් ඉවත් කිරීමේ යාන්ත්‍රණයක් ස්වාභාවිකවම ක්‍රියාත්මක කෙරේ

පච්චපෙරුමල්
. මේම සහල් ගුණාත්මක රතු සහල් වර්ගයක් වන දිනපතා ආහාරය සඳහා ඉතා යෝග්‍ය වන මෙම සහල් පොෂ්‍යදයිත්වයෙන් සහ ප්‍රෝටීන් වලින් සපිරිය.  මුත්‍ර නිෂ්පාදනයේදී ශරීරයෙන් පහ කිරීමට එකතුවන විටමින් වර්ග පාලනය කරයි. එනම් ශරීරයේ පටකවල ක්‍රියාකාරිත්වයට අවශ්‍ය විටමින් වර්ග අධික ලෙස මුත්‍රවල එකතුවීමක් සිදුවුවද වෘක්කානුවේ ග්ලුකෝස් සංචිතය වෙනත් කාබෝහයිඩ්‍රේට් වර්ග වලට පරිවර්තනය කරවයි. උෂ්ණත්වය අඩු කාලවලදී පරිභෝජනයට සුදුසු මෙම සහල් වර්ගය රසකැවිලි සැදීමේදී වැඩිපුර භාවිතා කල වී වර්ගයකි. තෙලිජ්ජවල හා කිතුල් පැණිවල ඇති සුක්‍රෝස් ප්‍රමාණය වෙනස් කිරීම සඳහා හෙළ ගොවියන් මෙම සහල් පිටි භාවිත කර රසකැවිලි සදා ඇත. එදවස කිතුල් පැණි සමග මෙම සහල් පිටි එක්වූ විට ආහාරයේ ඇති ග්ලුකෝස් සංචිතය වෙනස් වූ අතර තන්තුමය ව්‍යුහයේ ස්වභාවය නිසා ඉන්සියුලින් සෑදීමට බාධාවක් නොවිණි
මඩතවාළු

  සමකය ආශ්‍රිත රටක් වූ අප රටෙහි උෂ්ණත්වයේ ස්වභාවය සියුම් ආකාරයට වෙනස් වන ඔක්තෝබර් මාසයේ පස තුල ක්‍රියාකාරී වන දිලීර හා බැක්ටීරියා වර්ග වලින් ශ්‍රාවය වන එන්සයිම හා වෙනත් ශ්‍රාවයන් වල සංයුතිය යලට වඩා වෙනස් ය. පසෙහි මඩ ස්වභාවය හා වයනය විශේෂිත ආකාරයකට සකසන බැක්ටීරියා වර්ග අධික ලෙස වර්ධනය වන බැවින් ශාකයෙහි හෝමෝන ක්‍රියාවලිය අඩු උෂ්ණත්වයකදී ක්‍රියාවට නැංවීම සඳහා අවශ්‍ය අයන වල ගහනය පසෙහි වැඩි කරවයි. එබැවින් ආ‌‍ශ්‍රැති පීඩනයන් වෙනස් වන අතර ශාකයේ ක්‍රියාකාරිත්වය යලට වඩා වැඩි ස්වභාවයක් ගනී. මෙහිදී බීජය තුල සංචිතය වන්නේ කාබෝහයිඩ්‍රේට් වලට වඩා ප්‍රෝටීනමය හා මේදමය ස්වභාවයන් වැඩිවන ආකාරයට ය.
කාබෝහයිඩ්‍රේට් සංචිතයද අනුපාතයෙන් විවිධ ය. එබැවින් ග්ලුකෝස් සංචිතය අනුපාතයෙන් අඩු මට්ටමක පවතී. තන්තුමය ස්වභාවය ඉහල මට්ටමක පවතින්නේ ප්‍රෝටීන හා මේදමය ස්වභාවයන්ට තැන්පත් කරවීම පහසු කරවීමටත් අවශ්‍ය කාලයේදී ප්‍රරෝහණය සඳහා සුදුසු එන්සයිම ඉතා ඉක්මනින් සපයා දීමටත් සුදුසු වන පරිද්දෙනි. එබැවින් ප්‍රෝටීන් වර්ග හා මේදයන් දිරවීමට පහසු එන්සයිම අධික මෙම වී වර්ගය ආහාරයට ගැනීමේදී අහාර ජීර්ණය පහසු කරවයි.

ශ්‍රී ලංකාවේ 95% වී නිෂ්පාදනය දෙමුහුන් ප්‍රභේදයි. මෙම දෙමුහුන් ප්‍රභේද වී නිෂ්පාදනය සඳහා රසායනික ද්‍රව්‍ය, අකාබනික පොහොර සහ කෘමිනාශක ද්‍රව්‍ය යොදා ගනු ලබන්නේ අඩු මිලකට වැඩි අස්වැන්නක් ලබා ගැනීමේ අරමුණින්ය. නමුත් වර්තමානයේ ගෝලීය ප්‍රවනතාවය අනුව කාබනික පොහොර යෙදු ආහාර භාවිතයේ ඇති ප්‍රතිලාභත්, කෘෂිරසායනික හා කෘමිනාශක තුල ඇති අවධානමත් සහ යටත් විජිත යුගයට පෙර ජිවත් වූ මිනිසුන්ගේ කායශක්තිය හා දිර්ගායුෂ පිළිබඳ සැලකිල්ලට ගෙන නැවතත් පාරම්පරික සහල් කෙරෙහි අවධානය යොමු කොට ඇත.

උපුටාගැනීම
 අන්තර්ජලයෙන්

0 comments:

Post a Comment