January 3, 2014

සෞරග්‍රහ මණ්ඩලයට පරිබාහිරව ඇති ග්‍රහලෝක දෙකෙහි කාළගුණ තොරතුරු නිරාවරණය කරයි.

NASA හි හබල් අභ්‍යවකාශ දුරේක්ෂය (Hubble Space Telescope) මඟින් මෙම ග්‍රහලෝක දෙකෙහි වායුගෝල පිළිබඳ තොරතුරු සෙයාගෙන ඇත.

GJ 436b හෙවත් Gliese 436b ග්‍රහලෝකය, අලෝක වර්ෂ 36ක පමණ දුරකින් සිංහ රාශියේ පිහිටි රතු වාමන තරුවක් වටා ගමන් කරයි. මෙම ග්‍රහලෝකය සෙයාගනු ලැබු වේ 2004 අගෝස්තු මසය. මෙය නෙප්චූන් ග්‍රහලෝකය මෙන් ප්‍රමාණයෙන් විශාල වුවද එහි උෂ්ණත්වය නෙප්චූන්ට වඩා ඉතා අධිකය.

GJ 1214b ග්‍රහලෝකය අලෝක වර්ෂ 40ක පමණ දුරකින් ඔෆියුකස් (Ophiuchus) තාරකා රාශියේ පිහිටි රතු වාමන තරුවක් වටා ගමන් කරයි. මෙම ග්‍රහලෝකය සොයාගනු ලැබුවේ 2009 වසරේ දීය. මෙය පෘථිවියේ විෂ්කම්භය මෙන් 2.7 ගුණයක් හා ස්කන්ධය පෘථිවිය මෙන් 7 ගුණයකින් විශාල වේ. නමුත් මෙහි උෂ්ණත්වය ෆැරන්හයිට් අංශක 450ක් පමණ වේ.
ඉහත ග්‍රහලෝක දෙකෙහි ආකෘති වලට අනුව ඒවායේ වළාකුළු වල පොටෑසියම් ක්ලෝරයිඩ් හෝ සින්ක් සල්ෆයිඩ් තිබිය හැකි බව අනාවැකි පලවී ඇත.

Sci-News.com ඇසුරෙන්.

0 comments:

Post a Comment