January 31, 2014

නොවැළැක්විය හැකි මාර්ග අනතුරු වැළැක්වීම

පසුගිය මාසයේදී කළුතර - හොරණ ප්‍රධාන මාර්ගයේදී පස්හැවිරිදි දරුවෙක් යතුරු පැදියක ගැටී ජිවිතක්ෂයට පත්විය. තම නිවසේ පැවැත්වෙන පිරිත් දේශනාවක් සඳහා සැරසිලි කටයුතු කළ පියා සමඟ සිටි කුඩා පුතු එකවර ප්‍රධාන මාර්ගයට අවතීර්ණ වීමෙන් මෙම ඛේදවාචකය සිදුවී තිබේ. මෙවැනි වු බොහෝ අනතුරු වැළැක්විය හැකි ක්‍රමයක් ජර්මනියේ Technische  Universidad Monessen  විශ්ව විද්‍යාලය මඟින් නිර්මාණය කර තිබේ. වාහනයේ දර්ශන පථයේ නොමැති (රියදුරුට නොපෙනෙන) පදිකයින් හදුනා ගැනීමට පවා මෙම පද්ධතියට හැකිය. දැනටමත් වොල්වෝ ආයතනය විසින්  සංවර්ධනය කර ඇති වාහනයේ දර්ශන පථයේ සිටින පදිකයින් සහ පාපැදි කරුවන්ගේ හදිසි චලනයන් සඳහා ක්ෂණිකව ස්වයංක්‍රියව ප්‍රතිචාර දක්වන වාහනය තුළ ඇති රේඩාර් පද්ධති තිබේ.
Ko – TAG නැමති නව ක්‍රමය. පදිකයින් සහ පාපැදිකරුවන් සමඟ ඇති සම්ප්‍රේෂකයක් හා සම්බන්ධවී කටයුතු කරයි. මෙම  trans ponder(සම්ප්‍රේෂක) යනු පැළදිය හැකි ඉතා කුඩා උපකරණයක් හෝ ජංගම දුරකථනයේ ඇති කොටසක් වේ.
වාහනය නිරතුරුව කේතගත සංඥාවක් සම්ප්‍රේෂණය කරයි. දර්ශන පථයෙන් බාහිරව හෝ වාහනය ආසන්නයට පදිකයා පැමිණෙන විට ඔහුගේ සම්ප්‍රේෂකය නිසා වාහනය නිකුත් කළ සංඥාව පරාවර්තනය වී රථය හදිසි අවස්ථා සුදානම් තත්වයට පත්කරයි. මෙම සංඥාව වාහනයේ සහ පදිකයාගේ චලන දිශා හා වේග පිළිබඳ  සුවශේෂි බව නියාමනය කර අවශ්‍යතාවය අනුව රියදුරුගේ අනුදැනීමෙන් තොරව වුවද සැණින් ස්වයංක්‍රියව තිරිංග යෙදීමට කටයුතු කරයි.
රථයේ GSP ක්‍රමය උපයෝගී කර ගනිමින් වාහනය හා පදිකයා අතර පරතරය සෙන්ටිමීටර කිහිපයක දී මෙන්ම මයික්‍රො තත්පර (තත්පරයෙන් දසලක්ෂයකින් පංගු) කාලයකදී රථය හා පදිකයාගේ ගැටීම තිරණය වී එය වළක්වයි. මෙම ක්‍රමයේ සුවීහේෂිභාවය  නම් රේඩාර් පාදක කරගත් ක්‍රමයමෙන් නොව මෙමඟින් දර්ශන පථයේ නොසිටින පදිකයින්ද ආරක්ෂා වීමයි. එනම් රියදුරු පදිකයා නොදැකීම හෝ පදිකයා වාහනය නොදැකීම යන අවස්ථාවල සිදුවන මාර්ග අනතුරු වැළැක්විය හැකි වීමයි. එමඟින් මිල කළ නොහැකි ජීවිත ආරක්ෂා වේ. පෙර දැක්වු සිදුවීම මෙන්ම නවතා ඇති වාහන හෝ බාධක අකරින් පදිකයින් මාර්ගයට අවතීර්ණ වන අවස්ථා උදාහරණ ලෙස සැකිය හැකිය.

උපුටා ගැනීම:- New system warns drivers of pedestrians, even when they're not in view


0 comments:

Post a Comment