January 15, 2014

වසර ගණනාවක් ජීවත් වීමට වරම් ලබාදෙන ලොව ප්‍රථම කෘතිම හදවත


        මීට පෙර පුද්ගලයකුට කෘත්‍රිම හදවත් බද්ධ කිරීම් අත්හදා බලන ලද නමුත් ඒ කිසිදු කෘත්‍රිම හදවතක් මගින් අදාළ රෝගියාට වසර කිහිපයක ජීවිත කාලයක් ලබාදීමට නොහැකි විය.
     තවත් පුද්ගලයකුගේ සැබෑ හදවතක් බද්ධ කරන තුරු අදාළ රෝගියාට කෘත්‍රිම හදවතක් බද්ධ කළ අවස්ථා විය. 
    නමුත් ඒ සියල්ලට වඩා සුවිශේෂී අවස්ථාවක් වන්නේ, ‍වෛද්‍ය විද්‍යාවේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කළ මෙම සැත්කම සිදු වූයේ ප්‍රංශයේ පැරිස් නුවර පිහිටි ජෝර්ජස් ‍පොම්පිඩෝ (Georges Pompidou) රෝහ‍ලේදීය. මෙසේ සවි කරන ලද කෘත්‍රිම හදවතට එම රෝගියාට වසර පහක  ජීවිත කාලයක් ලබාදීමට හැකියාව ඇතිය. මීට පෙර නිර්මාණය කරන ලද කෘත්‍රිම හදවත්වල ආයු කාලය මීට වඩා ඉතා කෙටි කාලයකට සීමා විය. එසේම මෙම හදවත නිර්මාණය කිරීම සඳහා ගවයින්ගේ පටක භාවිතා කර ඇත.
        මෙය ලොව මෙවැනි කෘත්‍රිම හදවතක් නිර්මාණය කළ පළමු අවස්ථාව වශයෙන් මෙය ඉතිහාසගත වේ. මෙම හදවත ක්‍රියාත්මක වන්නේ බැටරි ආධාරයෙනි. මෙය මිනිස් ශරීරය විසින් මෙවැනි කෘත්‍රිම අංගයක් ප්‍රතික්ෂේප කිරීම වළක්වන අයුරින් නිර්මාණය කර ඇත.
                       කාර්මෙට් සමාගම 2015වසර මුල් කාලය වනවිට මෙම නව උපකරණය වෙළෙඳ ‍පොළට නිකුත් කිරීමට අපේක්ෂා කරයි. එහිදී මෙම කෘත්‍රිම හදවතක මිල යුරෝ 140,000 ක් වනු ඇත.




සකස් කිරීම - කෝසල  කුලතුංග



0 comments:

Post a Comment