January 23, 2014

වසර මිලියනයක ස්වභාවික ක්‍රියාවන් මිනිත්තු කිහිපයකින්

ඇල්ගී ශාඛාව මිනිත්තු කිහිපයකින් බොර තෙල් බවට පරිවර්නය ක හැකි තක්ෂණයක් සොයාගෙන තිබේ. ඇල්ගී ශාඛය තෙල් බවට පරිවර්තනය කිරීමට මහ පොළවට වසර මිලියන ගණනක් ගතවේ. නව ක්‍රමය අනුව ජලයේ වැඩෙන ඇල්ගී වියලීමක් (ජලය ඉවත් කිරීම) අවශ්‍ය නොවේ. එමගින් විශාල ලෙස ශක්තිය හා කාලය වැයවීම වළක්වා ගත හැකිය. අවසනයේ ලැබෙන ඵලය පිරිපහදු කර අහස් යාත්‍රා ඉන්ධන , ඩීසල් හෝ ගෑස් ලෙස භාවිතා ක හැකිය. පෘතුවියතුල ඉත ගැඹුරදී සිදු වු ප්‍රාග්ඓතිහාසික ශාක අමුද්‍රව්‍ය පාෂාණ ඉන්ධන බවට පත් කිරීමේ ප්‍රාථමික ක්‍රියාවලියේ සමහර ක්‍රියා මෙහිදී අනුකරණය කර තිබේ. - අධි පීඩනය සහ උෂ්ණත්වය.
ජලජ පැලෑටියක් වන ඇල්ගී ජීව ඉන්ධන ප්‍රභවයක් ලෙස බොහෝ කලක සිට සලකනු ලබයි. එහෙත් තෙත ජීව ශාඛයක් පැහැදිලි, ඇවිලෙන සුඵ ඉන්ධන බවට පත් කිරීමේ පියවර වියදම් අධික සහ විශාල ලෙස කාලයගතන ක්‍රියාවලියකි. මේ සඳහා ඇල්ගී පියවර කිහිපයක ක්‍රියාවලියක  භාජනය ක යුතුය. ඉන් එක් පියවරක් වූ වියලීම හා ජලය සම්පූර්ණ ඉවත් කිරීම මඟින් එහි ජෛව ස්කන්ධයෙන් 80% ක් පමණ අඩුවේ.මෙම 20% ක් පමණවූ වියළි ඉතිරියෙන් බලශක්තියෙන් වැඩි හයිඩ්‍රොකාබන් ඉවත් කර ගැනීමට රසායන ද්‍රාවණ එක් කිරීමට අවශ්‍ය වේ.

තෙත ඇල්ගී ශාඛ එනම් ජලය , ඇල්ගී හා වෙනත් ද්‍රව්‍ය වලින් සමන්විත සම්පුර්ණ ජීව ස්කන්ධය සමඟ ආරම්භ වන නව ක්‍රියාවලිය Energy’s Pacific Northwest National Laboratory (PNNL) නම් එක්සත් ජනපද දෙපාර්තමේන්තුවේ ඉන්ජිනෙරුවන් විසින් නිරමාණය කර කිබේ. මෙහිදී 3500c වැනි උෂ්ණත්වයක් සහ 3000 psi වැනි දැඩි පීඩනයක් භාවිතා කරයි. එය පීඩනය උදුනක් (Pressure cooker) භාවිතා කිරීම වැනිය.වෙනස උෂ්ත්වය හා පිඩනය විශාල අගයන් විමයි පර්යේෂණ කණ්ඩායම් නායක, විද්‍යාගාරයේ ඩග්ලස් එලියට් පවසයි. මෙය ස්වභාවික ක්‍රියාවක අනුකරණයකි. මෙහිදී අපි එය ඉතා වේගවත් කරන්නෙමු ඔහු සඳහන් කරයි. මෙම ක්‍රියාවලියේ නිෂ්පාදිත ලෙස බොර තෙල් , පිරිසිදු ජලය, ඉන්ධන සහ පෝෂක ලැබේ. බොර තෙල් පිරිපහදු කිරීමෙන් අහස් යානා ඉන්ධන , ඩීසල් වැනි ඉන්ධන ලබාගත හැකිවේ. පර්යේෂණ වලදී 50% - 70% ක ප්‍රමාණයකින් ඇල්ගීවල කාබනික ඉන්ධන බවට පරිවර්නය වී තිබේ. පිරිසිදු ජලය ඇල්ගී වගාව සඳහා භාවිතා ක හැකිවේ. ඉන්ධන වායූ දහනයෙන් විදුලිය ලබා ගැනීම හෝ පිරිසිදු කිරී මෙන් ස්වාභාවික වායු ලබා ගැනීමට හැකිය. නයිට්‍රජන් , පොස්පරස් සහ පොටෑසියම් වැනි  පොෂක ඇල්ගී වගාවට යොද ගත හැකිය.
 මෙම ක්‍රියාවලිය සඳහා Genifuel Corporation ආයතනයේ බලපත්‍ර නිකුත් කර ඇති අතර පරීක්ෂණ කණ්ඩායම සමඟ 2008 වසරේ සිට කටයුතු කරයි.
කර්මාන්තයක් ලෙස ජීව ඉන්ධන නිෂ්පාදනය කරන නියමු යන්ත්‍රයක් සකස්  කිරීමට කර්මාන්තකරුවන් හා සම්බන්ධ වීමට මෙම ආයතනය බලාපොරොත්තුවේ.

උපුටාගැනීම: Algae to crude oil: Million-year natural process takes minutes in the lab By Francis X Govers III    December 24, 2013

0 comments:

Post a Comment