January 3, 2014

කරවල සෑදීමට අත්වැලක්

දේශීය පරිභෝජනය සඳහා කරවල සෑදීම සම්බන්ධ මෙම විඩියෝව කොටස් 7 කින් ඉදිරිපත් කර ඇත්තේ පහසුව සඳහා. විඩියෝ කොටස සහ ඊට අදාල විස්තරයද කියවන්න. සම්පුර්ණ විඩියෝව මෙම ලිපිය අවසානයේ ඉදිරිපත් කර ඇත.
කරදිය මාළු වියළීමේ දී අනුගමනය කළ යුතු ක්‍රියාපිළිවෙල පිළිබඳ අත්වැලක් පහත දැක්වේ.
ක්‍රියාපිළිවෙල
a)  මාළු තෝරා ගැනීම, මිලදී ගැනීම සහ වෙන් කිරීම
b)   අනවශ්‍ය කොටස් ඉවත් කිරීම සහ සේදීම
c)   පෙරීම (ස්‍රාවය) සහ මුලික සකස් කිරීම
d)   ලුණු නොමැතිව වියළීම සහ ලුණු ස්වල්පයක් දමා වියළීම
e)  තදින් ලුණු ගල්වා වියළීම
f)  වියළීම සහ ගබඩා කිරීම
පරීක්ෂා කිරීම, මිලදී ගැනීම සහ වෙන් කිරීම
මිලදී ගැනීමට පෙර මාළු හොඳින් පරීක්ෂා කරන්න. අපවිත්‍ර හෝ නරක් විය හැකි මාළු නොව හොඳ තත්වයේ මාළු තෝරා ගත යුතුය. මිලදී ගත් මාළු ඕනැම පිරිසිදු භාජනයකට දමන්න. අයිස් වලින් භාජනය හොඳින් පුරවන්න. එසේ නැතහොත් තෙත රෙදි කඩකින් ආවරණය කරන්න.
 වෙන් කිරීම
ප්‍රමාණයෙන් සමාන ලෙස මාළු වෙන් කර ගන්න. ඉන්පසු බේසමකට හෝ ප්ලාස්ටික්, ලී වැනි පෙට්ටියකට අසුරන්න. අයිස් එක් කරන්න.
 
අනවශ්‍ය කොටස් ඉවත් කිරීම සහ සේදීම
හැකිතරම් ඉක්මණින් මාළුන්ගේ විශාලත්වය අනුව මාළු පිරිසිදු කර ගත යුතුය. මාංශ කොටස් හැර ඉතිරි කොටස් සහ කොරපොතු ඉවත් කරන්න. කෙලවල්ලා, මෝරා වැනි විශාල මාළු අල් 1 ක ඝනකම තීරුවලට හෝ සෘජුකෝණාස්‍රකාර කුට්ටි වලට කපා ගත යුතුය.
සේදීම :-
 විෂබීජ, ඝනීභවනය වු රුධිරය යනාදය ඉවත් කිරීම සහා මුහුදු වතුර, පිරිසිදු ජලය භාවිතා කර මාළු හොඳින් සෝදන්න.
 
ස්‍රාවය(පෙරීම) සහ  වියළීම සඳහා පෙර සැකැස්ම
මාළු වියළීම සඳහා භාවිතා කරන තැටියක අතුරන්න. මෙහිදි මාළු එකිනෙක හා ගැවෙන ලෙස එහෙත් ප්‍රමාණය නොඉක්මවන ලෙස ඇතීරීම කළ යුතුය.තැටිය පිරෙන ලෙස ඇතිරීමට ප්‍රමාණවත් මාළු ඇත්නම් වඩා සුදුසුය. මෙම මාළු සහිත තැටි ආවරණය සහිත ස්ථානයක තැබිය යුතුය. අමතර ජලය ස්‍රාවය වීම සඳහා තැටි ආනතියකින් සහ පැය ½ - පැය 1 ක් අතර කාලයක් තබා ගත යුතුය.
 
ලුණු නොමැතිව වියළීම සහ ලුණු ස්වල්පයක් දමා වියළීම
  මාළු  සහිත තැටි වියලනයකට හෝ වියලනයක රාක්කය මත වියළීම සඳහා තැබිය යුතුය.ස්‍රාවයෙන් පසු මාළු බේසම හෝ ප්ලාස්ටික් භාජනය තුල තබා ලුණු ස්වල්ප වශයෙන් ගලවනු ලැබේ. ඉන්පසු වියලනයක හෝ එහි රාක්ක මත මාළු තැටි තැබිය යුතුය.
තදින් ලුණු ගල්වා වියළීම 
Ø  මාළු කිලෝග්‍රෑම් 10 ක් සඳහා ලුණු කිලෝග්‍රෑම් 1 ක් අවශ්‍යය.
Ø  භාජනයේ පතුලේ ලුණු අතුරා ඒ මත මාළු ඇසිරිය යුතුය. මාළු වලට උඩින් නැවත ලුණු ඇතිරීම අවශ්‍ය වේ. අවසාන ස්ථරය ලුණු විය යුතුය.
Ø  මාළු ඇතිරීමේ දී මුහුණත සහ වල්ගය ලෙස හුවමාරු කර ඇතිරීම කළ යුතුය.
Ø  මාළු ස්ථරයේ හිඩැස් වලට කා වැදීමට ලුණු විසිරිම අවශ්‍ය වේ.
Ø  මාළු බඩ ප්‍රදේශයේ නිතරම වඩා ආසන්න ලුණු ස්ථරය දෙසට යොමුවන ලෙස තැබිය යුතුය. එනම් එක් ස්ථරයක පහල මට්ටමේ තිබෙන මාළුන්ගේ උදරය පහලට ද  ඉහල මට්ටමේ තිබෙන මාළුන් උඩු අතට තැබිය යුතුය.
Ø  භාජනය පියනකින් ආවරණය කරන්න.
Ø  වියළීම ආරම්භ කිරීමට සුදුසු වු විට මාළු භාජනයෙන් ඉවත් කරන්න.
Ø  මාළුවල අමතර ලුණු ඉවත් වන තෙක් හොඳින් සෝදා ගත යුතුය. ඉන් පසු වියළීම කරන තැටිවල, ඇතුළත ඉහල සිටින සේ අසුරන්න.
Ø  තැටිය ආතියක් සහිත පැය ½ - පැය 1 ක කාලයක් ආවරණය ඇති ස්ථානයක තබා ද්‍රව  ස්‍රාවය වීමට සලස්වන්න.
Ø  දැන් මාළු තැටි වියලනයේ තබන්න.
වියළීම
සුර්ය බලශක්ති වියලනයක කැබිනෙට්ටුවේ තට්ටු මත මාළු තැටි තබන්න.දිනකට 3 - 4 වරක් බැගින් දින 02 ක් මාළුන්ගේ පැති මාරු කරන්න. වඩා හොඳ උණුසුමක් ලබාදීම සහ පෝෂණය වැඩි කිරීමට මාළු තැටි එකිනෙක හුවමාරු කළ යුතුය. අඟල් 1 ක් ඝනකමට කැපු මාළු වියළීම සඳහා දින 3 - 4 කාලයක් ගතවේ. එහෙත් සාඩින් වැනි කුඩා මාළු හොඳින් හිරු එළිය පවතින එක දිනයකින් වුව වේලාගත හැකිය.
 
කරවල සෑදීමේ ක්‍රියාවලිය  හොඳින් සම්පුර්ණ වී මාළු හොඳින් වියළි ඇතිබව පහසුවෙන් දැගත හැකිය. වියලුණු මාළු කොටසේ වඩාත් ඝනකම සහිත ප්‍රදේශය දබර ඇඟිල්ල සහ ඉතිරි ඇඟිලි හතරෙන් තද කළ විට එබීයාමක් සිදු නොවුනේ නම් මාළු ප්‍රමාණවත් ලෙස වියළී ඇතැයි සැළකිය හැකිය. විවෘත සෘජුකෝණාස්‍රකාරී ප්ලාස්ටික් පෙට්ටියක මෙම මාළු අතුරා පැය 2 – 3 ක් තබන්න.
කරවල පිසීම සහ හුමාලයෙන් වියළීම පිළිබඳ වැඩි විස්තර සම්පූර්ණ විඩියෝවෙන්  නැරඹීය හැකිවේ.

උපුටා ගැනීම :- http://www.youtube.com/watch?v=PBedIJQO8OY

0 comments:

Post a Comment