January 31, 2014

තිරිහන් වීමට

විවිධාකාර වෙනත් ප්‍රතිලාභ සමඟ රෝග අඩුකිරීම,නීරෝගීමත් දීර්ඝ ආයුෂ, වියපත් වීමේ ක්‍රියාවලිය ආපසු හැරවීම බොහෝ වෛද්‍ය පර්යේෂණ වල අරමුණ වේ. සත්ව සෛල අතර සන්නිවේදනය  නැවත ස්ථාපිත කිරීම මඟින් වියපත් වීමේ ක්‍රියාවලිය  ආපසු හැරවීමට හැකි විභවය සම්බන්ධ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වේ. එයට ඔස්ට්‍රේලියාවේ නිව් සවුත් වෙල්ස් විශ්ව විද්‍යාලය සහ හාව්ර්ඩ් වෛද්‍ය විද්‍යාලය සම්බන්ධ වී තිබේ.2014 වසරේදී චිකිත්සාගාර වලදී මිනිසුන් සඳහා අත්හදා බැලීම ආරම්භ කිරීමට මෙම පර්යේෂකයන් බලාපොරෙත්තුවේ. එමඟින් ප්‍රධාන වෛද්‍ය විද්‍යාත්මක සොයාගැනීම් වාර්ථා විය හැකි බව සඳහන් වේ.
මීයන්ගේ වියපත් වීමේ ක්‍රියාවලිය ආපසු හැරවීමට පර්යේෂකයන්ට හැකි වී තිබේ. ඒ සඳහා සෛලවල මයිටොකොන්ඩ්‍රියාව (mitochondria) සහ න්‍යෂ්ටිය අතර සන්නිවේදනය නැවත ස්ථාපිත කර ඇත. සෛලවලට බල සැපයුම කරනුයේ  මයිටොකොන්ඩ්‍රියාව විසිනි. එමඟින් ප්‍රධාන ජීව විද්‍යාත්මක ක්‍රියාවලි සඳහා අවශ්‍ය රසායනික ශක්තීන් උත්පාදනය කරයි. සෛලවල පාලන ස්ථානය වන  න්‍යෂ්ටිය සහ මයිටොකොන්ඩ්‍රියාව අතර සන්නිවේදන බිඳ  වැටුණු විට ඒ හේතුවෙන් වියපත් වීම වේගවත් වේ.
පර්යේෂණ කණ්ඩායමේ නායක සහ හාවඩ් වෛද්‍ය විද්‍යාලයේ ස්ථානගත නිව් සවුත්වේල්ස් විද්‍යාලයේ මහාචාර්ය ඩේවිඩ් සින්ක්ලෙයර් සොයාගෙන ඇති පරිදි මූලද්‍රව්‍ය සන්නිවේදනය නැවත ස්ථාපිත කිරීමෙන් වියපත් වීමේ වේගය අඩාල කිරීමට පමණක් නොව ආපසු හැරවීමට හැකි වේ. නව තාක්ෂණය මඟින් පිළිකා, දියවැඩියාව II, මාංශ පේෂි වියැකීම, ප්‍රදාගත හා  Mitochondrial රෝග සඳහා ප්‍රතිකාර කළ හැකි බව ගම්‍ය වේ.

පෙර පර්යේෂණ වලින් පෙන්නුම් ක පරිදි ව්‍යායාම් සහ කැලරි ප්‍රමාණය අඩු කරන  හෝ resveratrol ගැනීම (රතු වයින් හා දෘඩ ඵල) වැනි විශේෂ ආහාර පුරුදු මඟින්ද වියපත් වීම අඩු ක හැකිය. එනම් නව පර්යේෂණ වලින් ඉහත ක්‍රියා නිසා  සෛලවල මයිටොකොන්ඩ්‍රියා සහ න්‍යෂ්ටිය අතර සන්නිවේදනය බිඳ වැටීම  අඩුවන බව නිරීක්ෂණය කර තිබේ.
මෙම සන්නිවේදන බිඳ වැටීමට හේතුව NAD රසායනිකය අඩු වීමයි. සෛල මඟින් NAD රසායනික නිෂ්පාදනයට අවශ්‍ය සංයුතීන් (compound) වැඩි කිරීම මඟින් ඔහුට ඉක්මණින් මයිටොකොන්ඩ්‍රියල් ක්‍රියාකාරීත්වය අළුත්වැඩියා කළ හැකි බව මහාචාර්ය සින්ක්ලෙයර් සොයාගෙන තිබේ.
එය පුදුම සහගත ලෙස ඉක්මණින් සිදුවිය. සහය කතෘ  සහ විශ්ව විද්‍යාලයේ ආචාර්ය හිටගෙල් ටර්නර් පවසයි. වියපත් විමේ ක්‍රියාවලියේ ප්‍රමාණවත් තරම් පෙර අවදියේදී අවශ්‍ය සංයුතීන් පාලනය කරන ලද විට සතියකින් වයසක මීයන් තරුණ මීයන්ගෙන් වෙන් කර හඳුනාගැනීම අපහසු වුණා ඔහු තවදුරටත් සඳහන් කරයි.

වසර 2ක් වයසැති මීයෙකුට  NAD නිෂ්පාදන කරන සංයුතීන් සතියක් ලබා දෙන ලදි. ඉන්පසු උගේ  පටක වල ඉන්සියුලින් ප්‍රතිරෝදය ඉදිමු හා මාංශපේෂි වියැකීම පරීක්ෂාවේදී එය මාස 06 ක්  වයසැති මීයෙකුගේ මෙන් විය. එනම් මෙම විශේෂිත ක්ෂේත්‍රවලදී අවු 60 ක් වයසැති අයෙකු අවු 20 ක් වයසැති පුද්ගල ලක්ෂණ පෙන්නුම් කිරීමක් ලෙස සන්සන්දනය කළ හැකි.
එලෙසම තරුණ මීයෙකුට මෙම සංයුතීන් ලබා දුන් විට  විශේෂ ක්ෂේත්‍රවලදී ඌ ඉතා ක්‍රියාශීලී  වී තිබේ.එනම් මෙම තාක්ෂණය තරුණ නීරෝගී මිනිසුන්ටද ප්‍රයෝජනවත් වේ.
පිළිකා සහ සෛල සන්නිවේදනය සඳහා හේතුවන ශරීරයේ ස්වභාවිකව නිෂ්පාදනය වන HIF-I නම් රසායනික සම්බන්ධ තොරතුරු නිරීක්ෂණයන් මඟින් පිළිකා සඳහා ප්‍රතිකාර දියුණු කහැකි බවද පැවසේ. NAD නිෂ්පාදනය කරන සංයුතීන් ලබා දීමෙන් මීයන්ගේ දීර්ඝ කාලීන ප්‍රතිවිපාක මෙන්ම එය සම්පූර්ණ වශයෙන්ම ක්‍රියාත්මක වන ආකාරයද පර්යේෂණයෙන් සොයා බලති. එය මීයාට දීර්ඝ කාලීන නීරෝගී ජීවිතයක ලබා දේ නම් 2014 වසරේදී චිකිත්සාගාර වලදී මිනිසුන් සඳහා අත්හදා බලන බව පර්යේෂකයෝ පවසති.

උපුටාගැනීම : Cause of aging reversed in mice: Human trials may start next year By Grant Banks

0 comments:

Post a Comment