January 28, 2014

නිවසේදි චීස් සාදා ගනිමු.

විනාඩි කිහිපයකදී නිවසේදී චීස් සදා ගන්නා අයුරු ‍පෙන්වාදෙන මෙම වීඩියෝවේ කරුණු කෙටියෙන් පහත දැක්වේ. ආහාරයක් සකස් කිරිම හෝ  වෙනයම් ක්‍රියාවක් කිරිමේ ක්‍රමවත් ක්‍රියා පිළිවෙල දැන සිටීමෙන් පොදුව කාය හා ශ්‍රමය ඉතිරි කර ගැනිම පමක් නොව අවශ්‍යතා ඉටුකර ගැනිමේ හැකියාවෙන් පොහොසත් වේ. ස්භාවික විපත් සහ හදිස්සි අවස්ථාවලදී එම හැකියාවට( දැණුමට) විශාල වටිනා කමක් හිමි වේ.
පැස්ටරීකරය කරන ලද නැවුම් එළකිරි (ගැලුම් ½) සහ විනාකිරි භාවිතා කර චීස් සදාගන්නා අයුරු දැක්වෙන වීඩියොවට අනුව පළමුව කිරි පිරී ඉතිරි නොයන ප්‍රමාණයේ  භාජනයකට වක්කර උණු කරන්න. මධ්‍යම මට්ටමේ උෂ්ණත්වයක්(105F)ා ගනිමින් යොදය මතු නොවනසේ අඛණ්ඩව හැඳි ගාන්න. ස්වල්ප වෙලාවකින් භාජනයේ ධාරය වටේ කුඩා බුබුළු   මතුවීම කිරි ප්‍රමාණවත් තරමට උණුසුම් වී ඇති බව දක්වයි. එවිට පිරිසිදු  ආස්‍රැත සුදු විනාකිරි කිරිවලට එක් කරන්න. දැන් කිරි කැටි ගැසිම සහ මෝරු වෙන්වීම සිදු වේ. මෙම කැටි ගැසුණු කොටස මෙහිදී සැදෙන චීස් ලෙස සළකිය හැකිය. ඒවා මෙසරැල්ලා වර්ගයේ චීස් වේ. මෙසේ තප්. 15-20 ක කායක් කැටි ගැසීම සඳහා ඉඩ හරින්න. දැන් උදුන නිවා කැටි ගැසුණු කිරි පෙරහන් කඩක් භාවිතා කර පෙරා ගන්න. හොඳින් පෙරා ගත් පසු පෙරහන් කඩයේ ඉතිරි වනුයේ මෙසරැල්ලා වර්ගයේ චීස්ය.
 මෙම චීස් භාවිතා කර පීසා වැනි ආහාර සකස් කළ හැකිය. තාක්කාලි ලුනු සහ රසකාරක ක් කර රසවත් ආහාරයක් සකස් කර ගන්නා අයුරු වීඩියෝවේ  තවදුරටත් දැක්වේ.මේ සම්බන්ධව උනන්දුවන්නේ නම් චීස් සාදන විවිධ වැඩසටහන් http://www.youtube.com/watch?v=bu4YhxkIgos හිදැක්වේ.



උපුටාගැනීමhttp://www.youtube.com/watch?v=bu4YhxkIgos

0 comments:

Post a Comment