January 20, 2014

අක්ෂි සෛල අච්චු ගැසීම

ප්‍රථම වරට inkjet ප්‍රින්ටරයක් භාවිතා කර වැඩිහිටි අක්‍ෂි සෛල මුද්‍රණය  කිරීමට (අච්චු ගැසීම) පර්යේෂකයන් සමත්වි තිබේ. සමහර අක්‍ෂි රෝග (අන්ධතාව) සඳහා ප්‍රතිකාරක ලෙස බද්ධ කළ හැකි පටක නිෂ්පාදනයට ළඟාවීමේ ඉදිරි පියවරක් ලෙස මෙය ඉදිරිපත් කළ හැක.

මීට ප්‍රථම පර්යේෂකයෝ විසින් embryonic(අපරිණත) stem සෛල සහ වෙනත් නොමේරූ සෛල මුද්‍රණය කර තිබේ. එහෙත් වැඩුනු සෛල බිදෙන සුළු නිසා මුද්‍රණය අපහසු බව විද්‍යාඥයින්ගේ අදහස විය. එහෙත් පර්යේෂකයන් විසින් මීයෙකුගේ අක්‍ෂි ස්නායු වල සෛල මුද්‍රණය කර තිබේ. මුද්‍රණය කරන ලද සෛල නොනැසී පැවතියා පමණක් නොව වැඩීමේ හැකියාව පෙන්නුම් කරමින් වර්ධනය විය.

“Retina (දෘෂ්ඨිතානයේ/විතංසතතියේ) ස්නායු සෛල නැතිවීම බොහෝ අක්‍ෂි රෝග වලට හේතු විය. එමඟින් අන්ධතාවයට පත්වේ.යැයි එංගලන්තයේ කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ අක්ෂිවිද්‍යාව පිළිබඳ මහාචාර්ය කීන් මාටින් පවසයි. මෙම මුද්‍රණය මූලික ක්‍රියාවක් වුවත් එහි අවසාන ඉලක්කය ප්‍රතිස්ථාපනය කළ හැකි Retina මුද්‍රණය කිරීමයි. 
 

මාටින් සහ ඔහුගේ කණ්ඩායම retinal ganglion(දෘෂ්ඨිවිතානයේ ශිරාග්‍රන්ථි) සෛල (මෙම සෛල ඇසේ සිට සංඥා මොළයට ගෙන යයි.) සහ glial සෛල (මෙම සෛල නියුරෝන සඳහා අරක්‍ෂාව සහ සහය ලබා දෙයි.) වැඩිහිටි මීයෙකුගේ retinal පටක වලින් වෙන් කර ගන්නා ලදී. මෙම වර්ග දෙකේම සෛල piezoelectric(පීඩ විද්‍යුත්) inkjet ප්‍රින්ටරයක් මඟින් කුප්පියකට මුද්‍රණය කර ගන්නා ලදී. මේ සඳහා පැයකට සැතපුම් 30ක හා තත්පරයකට සෛල 100 ක වේගයක් භාවිතා කර ඇත. අධි වේගී වීඩියෝ කැමරාවකින් සම්පූර්ණ ක්‍රියාවලියම පටිගත විය. ඉන් පසු මුද්‍රිත සෛල නොනැසී පවතීද? වැඩෙන්නේද? බව පරීක්‍ෂා කළේය. මුද්‍රණ ක්‍රියාවලියේ අධි බලයන් ක්‍රියාත්මක වූවද මුද්‍රිත retinal ganglion සහ  glial  සෛල, මුද්‍රිත නොවන සෛල මෙන්ම නිරුපද්‍රිත විය. මීට අමතර ganglion වැනි අක්ෂි ස්නායු සෛල අනෙක් ස්නායු සෛල සමඟ සම්බන්ධ වීමට හැකි ලෙස වැඩුනේය.

දැන් retinal ganglion සෛල මුද්‍රණය කළ හැකි නිසා retinal හි (දෘෂ්ඨිවිතානයේ) වෙනත් වර්ගයේ සෛල මුද්‍රණයට විද්‍යාඥයෝ සැරසෙති. 


උපුටාගැනීම:
 Eye Cells Inkjet-Printed for First Time   Dec 18, 2013 10:30 AM ET // by Tanya Lewis, LiveScience

0 comments:

Post a Comment