January 1, 2014

ආහාර වල වස විෂ පෙන්වන TellSpec


ඔබ මිලදි ගන්නා වර්ණවත්, පිරිසිදු, ඉඳුණු පළතුරු, ගුණවත් එළවළු වල කෘමිනාශක අඩංගු දැයි එකවරම හඳුනාගත හැකි උපකරණයක් නිපදවා තිබේ. ගණිතඥ ස්ටේෆෝන් වොට්සන් සහ එක්වු ඉසබල් හෝෆමන් නිෂ්පාදනය කර ඇති මෙම උපකරණය TellSpec (ටෙල් ස්පෙක්) නම්වේ. අතේ ගෙන යා හැකි කුඩා උපකරණයක් වන TellSpec ආහාරය දෙසට යොමු කිරීමෙන් ආහාරයේ අඩංගු ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු ලබා ගත හැකිය. එමඟින් ආහාර වල අඩංගු ඔබ විසින් පරිභෝජනය නොකළ යුතු රසායනික, ආසාදිතයන්  සහ අන්තර්ගත ද්‍රව්‍ය පිළිබඳ තොරතුරු ක්ෂණීකව ඔබට ලබාදේ. මීට අමතරව ආහාර වල සංවේදිතාව සහ ආහාරයෙන් ඔබට ලැබෙන විටමින් ප්‍රමාණය යන කරුණුද දන්වා සිටියි. මෙහිදී එළවළු පළතුරු පමණක් නොව පිඟානක ඇති පිසු ආහාර පිලිබඳ තොරතුරු ද ලබා ගත හැකිය. තමන්ට ලැබෙන ලිපි කියවා බලා තේරුම් ගන්නා සේ ඉතා පහසුවෙන් අනුභව කිරීමට සුදුසු ආහාර තෝරා ගැනීමේ හැකියාව මිනිසුන්ට ලබාදීම තම ඉලක්කය බව සමාගම ප්‍රකාශ කරයි. “ආහාර ඇසුරුම් වල සඳහන් තොරතුරු වලට අමතරව ඇත්ත වශයෙන්ම ඒවායේ අඩංගු දේ පිළිබඳ තොරතුරු ලබාදීමෙන් පාරිභෝගිකයා දැනුවත් කිරීමට, අසාත්මිකතා ඇති අයට අනතුරු ඇඟවීමට සහ සෞඛ්‍යාරක්ෂිත ආහාර අනුභවය ප්‍රවර්ධනය කිරීමට අපට අවශ්‍යයි.” යැයි ඔවුහු තව දුරටත් සඳහන් කරති.   
                                                                                                
කුඩා රාමන් වර්ණාවලිමානය( Raman Spectrometer), Cloud පරිගණක ක්‍රමය පාදක කර ගත් සුවිශේෂ ගණිත ප්‍රතිලේඛන ක්‍රමය සහ සරල  Smart phone යෙදුමකින් මෙම TellSpec සමන්විත වේ. පිඟානක ඇති පිසු ආහාර හෝ වෙළඳසැලක රාක්කයක හෝ පදික වේදිකාවේ ඇති ආහාර වල පෙරකී  තොරතුරු ලබා ගැනීම TellSpec ආහාරය දෙසට යොමුකර බොත්තමක් එබීම තරම් සරල ක්‍රියාවකි. උපකරණය මඟින් අඩු බලැති කිරණයක් ආහාරය දෙසට ගමන් කර පරාවර්තින ආලෝක කිරණවල තරංග ආයා වලින් ආහාර සැකසි ඇති රසායනිකයන් හඳුනාගනු ලැබේ.

ප්‍රථමයෙන් දත්තයන් විශ්ලේෂක යාන්ත්‍රණයටලබාදෙනු ලැබේ. එහිදී තොරතුරු අදාල වර්ණාවලි සමඟ සන්සනදනය කිරීම, දත්ත ගබඩාවකින් ප්‍රතිඵල අර්ථකතනය කිරීම සහ අවසාන නිගමන භාවිතා කරන්නාගේ  Smart phone  වෙත ලබාදීම සිදුවේ. ආහාර වල මතුපිට පරිලෝකයනය (Scan) කිරීමෙන් ආහාරය සහ එහි අන්තර්ගත ද්‍රව්‍ය ආසන්න වශයෙන් 97.7% ක් නිවරදිව හඳුනා ගැනීමට මෙම උපකරණයට හැකි බව හොෆමන් පවසයි.
ආහාරවල මතුපිට ඇති විනිවද පෙනෙන සුළු බව වැඩිවන විට වඩාත් නිවැරදිව හඳුනාගත හැකිවේ. හොෆ්මන් සඳහන් කරන පරිදි TellSpec ට අමුද්‍රව්‍ය අසීමිත ප්‍රමාණයක් හඳුනාගත හැකි නමුත් මුලික දත්ත ගඩඩාව සඳහා ආහාර වර්ග 3000 ක අඩංගු අමු ද්‍රව්‍ය හඳුනාගෙන ගබඩා කර තිබේ. TellSpec භාවිතා කරන්නන්ගේ සංඛ්‍යාත්මක වර්ධනයත් සමඟ මෙම දත්ත ගබඩාව වැඩි දියුණු කිරීම සහ භාවිතා කරන්නාට අවශ්‍ය දත්තද එයට ඇතුළු කිරීමට හැකිවනු ඇත. සියළු තොරතුරු විවෘත ප්‍රභවයක (Open Source) පවතින ලෙස සකස් කර ඇත. සෑම එක් පුද්ගලයකුගේ අවශ්‍යතාවය දන්වන මට්ටම දක්වා මෙම ආහාර දත්ත ගබඩාව වර්ධනය වීම හොෆ්මන්ගේ අපේක්ෂාවයි. තවද මෙම උපකරණය අනුභව කරන ආහාරවල ප්‍රමාණය දැක්වීමට සහ අනුභවයෙන් පසු ඇතිවන ආසාත්මිකතාවයට  හේතු දැක්වීමට හැකි ලෙස සංවර්ධනය කිරීමට ඔහු බලාපොරොත්තුවේ.

උපුටාගැනීම : http://www.youtube.com/watch?v=kcNj1DknDpg

 TellSpec hand-held scanner identifies what's in your food  By Lakshmi Sandhana December 23, 2013    http://www.gizmag.com/tellspec-food-scanner/30221/

0 comments:

Post a Comment