June 16, 2016

PIN දියෝඩ පදනම් කරගත් ගිනි සංවේදකය

 පසුගිය දිනවල ශ්‍රි ලංකාවේ කොස්ගම , සාලාව යුධ හමුදා කදවුරේ ඇති වු ගින්න හේතුවෙන් අත් වු ශෝචනීය ඉරණමෙන් සිදු වු හානිය වැනි හානියක් නැවත ඇති විම වලක්වා ගැනිම සදහා ඉතාමත් පහසුවෙන් හා අඩු වියදමකින් සාදා ගත හැකි මෙම ගිනි නිවිමේ උපකරණය පිළිබද තොරතුරු ඉදිරිපත් කිරිමට අදහස් කළෙමි.



 
මෙම ගිනි නිවනය අධෝරක්ත කිරණ සංවේදනය මගින් වඩා සක්‍රිය ගිනි අනතුරක් හදුනාගත හැකි අධි සංවේදි සංවේදකයකි. තර්මිස්ටරය පදනම් කරගත් ගිනි එළාම් වලට වඩා මෙම ගිනි සංවේදකය හොද ක්‍රියාකාරි වේ.
තර්මිස්ටරය පදනම් කරගත් ගිනි නිවිමේ උපකරණයක් ගින්න හදුනාගනු ලබන්නේ ගින්න නිසා ඇති වන තාපය තර්මිස්ටරයට ආසන්නව ලැබිම මගිනි. වඩා ඉක්මනින් ගින්න හදුනා ගැනිම සදහා මෙම සංවේදකය යොදාගත හැකි වේ.
පහත රූපය මගින් මෙම උපකරණයේ ආදර්ශයක් දැක් වේ. මෙම උපකරණය මගින් දෘශ්‍ය ආලෝකයේ අධෝරක්ත 430nm – 1100nm අතර පරාසය හදුනා ගනි. ගින්නක් හේතුවෙන් මෙම IR පරාසය වෙනස් වන බැවින් මෙහි ඇති එලාමය ක්‍රියාත්මක වේ.එලෙසම ගින්නක් හේතුවෙන් ඇති වන ගිනි පුළිගු පහසුවෙන් හදුනාගත හැකි වේ. ඉතා පහසුවෙන් ප්‍රදර්ශණ කාමරවල විශේෂිත ලාච්චු වල ගබඩා කර අත්හදා බැලිම් කර ඇත.
පහත රූපයේ දැක්වෙනුයේ IR හදුනා ගැනිම සදහා යොදාගනු ලබන PIM දියෝඩයක් වන BPW 34 වේ. මෙහි අග්‍ර 2ක් පවතින අතර මෙය ෆොටෝ දියෝඩයකි. මෙය ඇනෝඩයකින් හා කැතෝඩයකින් සමන්විත වේ. මෙම දියෝඩය  මගින් 900nm පමණ ආලෝකයක් ලැබුණු පසු මෙම උපකරණය මගින් මිලිවෝල්ට් 350 ඡනනය කළ හැකි උපකරණයකි.මෙය සුර්යාලෝකය සදහාද සංවේදි වන අතර ගින්නෙන් වන අලෝකයටද සංවේදි වේ.එබැවින් මෙය ආලෝක සංවේදකයක් ලෙසද භාවිතා කල හැකි වේ. මෙම උපකරණය පාදක කර ගනිමින් නිර්මාණය කරන ලද පරිපථ සමග පහත දැක්වේ.මෙහි ප්‍රධාන වශයෙන් ක්‍රියාකරනුයේ 9v බැටරියක් , D1 වශයෙන් හදුන්වන BPW 34 දියෝඩයක්, CA 3140(IC1) නමින් හැදින් වෙන කාරකාත්මක වර්ධකයක්, CD 4060 (IC2) නමින් හැදින්වෙන ගණකයක් BC547 (T1,T2) ට්‍රාන්සිස්ටරයක්,PZ1 සිනේබසරයක් සහ වෙනත් රෙසිස්ටර් වර්ගයන්ය.

මෙම උපකරණය ඔබත් අත්හදා බලන්න.  


ජානක අතාවුද
විද්‍යා හා තාක්ෂණ නිලධාරි
විදාතා සම්පත් මධ්‍යද්ථානය
තුම්පනේ (ගලගෙදර)


උපුටා ගැනිම - http://electronicsforu.com/electronics-projects/pin-diode-based-fire-sensor

1 comments:

මේකනම් පරයෝජනවත් වෙන හැඩයි. හදලා බලලාම කියන්නම්කෝ

Post a Comment