June 21, 2016

ඇලුමිනියම් භාජන වල උයන්නේ බලාගෙනයි


ඇලුමිනියම් ඉතාමත් හොද තාප සන්නායක ලෝහයක් නිසා ඉක්මනට රත් වෙනවා. මේ නිසා ආහාර පිසීමට ගත වන්නේ අඩු කාලයක්. අලුමිනියම් භාජන මිලෙන්ද ඉතාමත් අඩුයි. මේ නිසා මුලුතැන්ගෙයි ආහාර පිසීමට භාවිතා කරන භාජන අතුරින් ප්‍රධාන ස්ථානයක් ඇලුමිනියම් වලට ලැබෙනවා.

මේ ආකාරයෙන් පහසුව නිසා බොහෝ දෙනා ඇලුමිනියම් භාජන ආහාර පිසීමට භාවිතා කළත් බොහෝ දෙනා නොදන්නා කාරණයක් තමයි ඇලුමිනියම් කියන්නේ ආහාර පිසිමට භාවිතා නොකලම යුතු ලෝහ වර්ගයක් කියන එක. මිළ අඩු නිසායි,ගෑස් ඉතිරි කරගන්නයි ඇලුමිනියම් භාජන පාවිච්චි කළා වගේ නොවෙයි ඉන් ඇති වන සෞඛ්‍ය ගැටලු ඉතාමත් බරපතලයි.

ඇලුමිනියම් කියන්නේ ඉතාමත් ඉකිමනින් රසායනික ප්‍රතික්‍රියා වලට භාජනය වන සක්‍රීය ලෝහයක්. අම්ල වර්ග සමග ඇලුමිනියම් ඉතාමත් සක්‍රීයව ප්‍රතික්‍රියා දක්වා නව සංයෝග නිපදවනවා.  ඔබ පිසින ආහාර වල ආමිලික බව අඩංගු නම් ආහාර පිසින අතරතුර ඇලුමිනිය් භාජනය එම ආහාර සමග ප්‍රතික්‍රියා කරනවා. එසේ සෑදෙන නව සංයෝග පිසින ආහාර වලට හොදින් කලවම් වෙනවා. අවසානයේ දී එසේ ආහාර වලට මුසු වූ ඇලුමිනියම් නතර වන්නේ ඔබේ ශරීරයේ.
ඇලුමිනියම් කියන්නේ අපේ ශරීරයට අත්‍යවශ්‍යම ලෝහයක් නොවේ. වැඩිපුර ඇලුමිනියම් ශරීර ගත වීම ගොඩක් භයානකයි. ශරීරයට අවශ්‍ය ප්‍රමාණයට වඩා ඇලුමිනියම් ශරීරයට ඇතුල් වුනොත් විශාල ශාරීරක ව්‍යසන වලට මුහුණ දීමට ඔබට සිදුවෙනවා.

ඇලුමිනියම් අම්ල සමග ප්‍රතික්‍රියා කර සාදන හයිඩ්‍රොක්සයිඩ අපේ ශරීරයට ඉතාමත් විෂ සහිතයි. දෙහි යුෂ, දොඩම් යුෂ,තක්කාලි, විනාකිරි වගේ දේවල් සමග ඇලුමිනියම් භාජන වේගයෙන් ප්‍රතික්‍රියා කරන නිසා එවැනි ආමිලික දේවල් ඇලුමිනියම් භාජන වල පිසිම ඉතාමත් භයානකයි.නමුත් ඔබ පිසිවන ඕනැම ආහාරයකට දෙහි ,තක්කාලි විනාකිරි වැනි දෙයක් කලවම් කිරීම සාමාන්‍යෙයන් සිදුවන දෙයක් නිසා ඔබ පිසින ඕනෑම ආහාරයක් ඇලුමිනියම් සමග ඔක්සිකරණ ප්‍රතික්‍රියා දක්වනවා. අධික උෂ්ණත්වය මෙම ප්‍රතික්‍රියා වැඩි කරවන උත්ප්‍රේරකයක් ලෙස ක්‍රියා කරනවා.

ශරීරගත වන ඇලුමිනියම් ඔබේ ස්නායු පද්ධතියට සෘජුවම බලපානවා.එම බලපෑම් ඔබේ මොලයට තදින්ම දැනෙනවා. ඉක්මනින් මතකය නැතිවීම හෙවත් ඇල්ෂයිමර් රෝගය සෑදීමේ ප්‍රධාන හේතුවක් ලෙස අද වන විට ඇලුමිනියම් හදුනාගෙන තිබෙනවා. මීට අමතරව ආමාශයේ සහ බඩවැල් ආශ්‍රිත රෝග සදහාත් ඇලුමිනියම් බලපානවා.ඔබේ වකුගඩු වලට 99% ක් පමණ ඇලුමිනියම් පෙරා ඉවත් කළ හැකි වුවත්  වකුගඩු රෝගීන්ගේ තත්වය මීට වඩා වෙනස්.

මේ නිසා 2007 වසරේ සිට ඇමරිකාවේ ඇලුමිනියම් ප්‍රධාන විෂ සංඝඨකයක් ලෙස හදුන්වා අනතුරු හගවා තිබෙනවා. ජර්මනිය ,ප්‍රංශය බෙල්ජියම, බ්‍රිතාන්‍ය සහ තවත් බොහෝ රටවල් මේ වන විටත් ඇලුමිනියම් ආහාර බදුන් නිෂ්පාදනය සහ අලෙවිය තහනම්කර තිබෙනවා. 

පොත පත ඇසුරිනි,
වයි.ජී.එල්.දිල්රුකිෂි - විද්‍යා හා තාක්ෂණ 

0 comments:

Post a Comment