June 13, 2016

Mission Astro-food: අභව්‍යවකාශයේදී ක්ෂුද්‍ර ජීවීන් යොදාගෙන සීනි නිපදවීමට සූදානමක්!

මෙය තවත් එක් අභවකාශ චාරිකාවක් නොවේ.සිනමාපටයක නමක්ද නොවේ. The Martian ම් සිනමා පටයේ MATT DAMON සිය ‌මළපහ ‌මත‌ අර්ථාපල්‌ වගා‌කිරීමෙන් අඟහරු මතදී සිය​දිවි ‌රැකගත් බව ඔබ ‌දකින්නට‌ ඇත. නමුත් අභෟවකාශයේදී ආහාර නිපදවීමට මීට වඩා සිත්ගන්නාසුලු ක්‍රමයක් ඇති බව නාසාහි Ames Research Centerහි Lynn Rothschild නමැති පර්යේෂිකාව පවසයි. බැක්ටීරියා වැනි ක්ෂුද්‍ර ජීවීන්ගේ ජීර්ණ අතුරුඵල වශයෙන් ලැබෙන සීනි කෙරෙහි ඔවුන්ගේ අවධානයයොමුවඇත.ඇය තවදුරටත් පවසන්නේ පළමුවෙන් ​ඇමරිකාවට ​පැමිණෙද්දී දේශාටකයන් ඉදිරි ජීවිතකාලයටමප්‍රමාණවත්ආහාර නොගෙනාවේම් අපදපොළොවෙන් තොරජීවිතයක්ගැනසිතියයුතුබවයි.
මෙම අදහසපළමුවරට අභෟවකාශයේදී‌ පරීක්ෂාවට ‌ලක්‌කිරීමට ‌සැලසුම්‌කර‌ ඇත. 2017දී ජර්මන් ​චන්ද්‍රිකාවක් ආධාරයෙන් ජානමයලෙසවැඩිදියුණුකල බැක්ටීරියා අභෟවකාශයට යැවීමට අදහස්​ කරයි.​කොස්මික් ​කිරණ හා​​ අඩු ගුරුත්වාකර්ෂණ​ බලයක් ​යටතේ ​ජීවය ​පවත්වා ගත​ හැකිදැයි මෙහිදී ​සොයා ​බැලේ.
මෙම චන්ද්‍රිකාඅඟහරු​ගේ​ ගුරුත්වාකර්ෂණ බලයට ​සමාන ගුරුත්වාකර්ෂණ  බලයක් යටතේ මාස හයක් භුමණයවීමට සැලැස්වීමට බලාපොරොත්තුවෙයි.(පොළොවේ ගුරුත්වාකර්ෂණ  බලයෙන් 1/3ක්) තවදුරටත් මෙම බැක්ටීරියාවම සඳේ ගුරුත්වාකර්ෂණ  බලය යටතේ හා ගුරුත්වාකර්ෂණ  බලය බින්දුවේදී ක්‍රයාකාරීවන්නේදැයි සොයා ​බැලේ. එමගින් මොවුන් චන්ද්‍රයාගේහා අභෟවකාශ යානා‌ තුළ ක්‍රියාකාරීවීමට ඇති හැකියාව පරීක්ෂා කෙරේ.
ක්ෂුද්‍ර ජීවී ක්‍රියාකාරීත්වයේ අතුරුඵලයක් ලෙස නිපදවන සීනි ආහාරයක්​ ලෙස පමණක් ​නොව ​ඉන්ධනයක් බවටද පත් කළ ​හැකියි .තවද ඇතැම් බැක්ටීරියාවන්ට ​ඖෂධ ​හා ඉදිකිරීම් අමුද්‍රව්‍ය සෑදීමේ හැකියාවද ඇත. (Bacterial origami) පෘථිවි ගුරුත්වයට එරෙහිව යමක් රැගෙන යාමට ඉතා අධික ​මිළක් වැයවන​ බැවින් මෙය ​ඊට කදිම ​විසඳුමක් වනුඇත.
ශාක ප්ලවාංගයක් වන Anabaena වන්ට ද කාබන් ඩයොක්සයිඩි, ජලය හා හිරැඑළිය යොදාගෙන සීනි ​නිපදවීමට හැකියාවඇත.  Rothschild ගේ කණ්ඩායම ද කරන ලද්දේ එම ක්ෂුද්‍ර  ජීවීයාගේ සීනි සාවය​ කරන ජානය ඉවත්කරගෙන තවත් ජානමය ලෙස ​වැඩිදියුණු කළ ජීවීන්(GMO) ත˛ළට ඇත˛ලු කිරීම මගින් එම සාවය​ කිරීමේ ​හැකියාව දෙග˛ණ කිරීම ‌මගින් Power Cell නිපදවීමයි. මෙම කණ්ඩායම ජානමය ලෙස ​වැඩිදියුණු කළ Bacillus subtilis ම්  ක්ෂුද්‍ර  ජීවීයාට​ එම සීනි රතු පැහැයට හැරවිය හැක. උක්ත ​වර්ණ වෙනස නිසා​ එම බැක්ටීරියාව​සංවේදකයක් ලෙස ​භාවිත ​කලහැක.

Rothschild ගේ ඊළඟ ​පැනය වන්නේ Anabaena බීජාණු චන්ද්‍රිකාව තුළ දී සජලනය කළහොත් බීජාණු නිපදවීමට හැකිවේද යන්නයි B. subtilis බීජාණු මීට කළින් අභව්‍යවකාශයට යවා ඇත. සම්ප්‍රදායික ආහාර පවා මින් පෙර දී චන්ද්‍රිකා මගින් අභෟවකාශය වෙත යවා පරීක්ෂාවට ලක්කොට ඇත.ජර්මන් ජාතික කණ්ඩායමක් බැක්ටීරියා හා දිලීර මගින් නිපදවන ලද පොහොර උපයෝගී කරගෙන අභෟවකාශ යානාව ත˛ළ​​​​​​​​​ සාර්ථකව ​තක්කාලි වගා කරන ලදි. 2015 වසර මුලදී අන්තර්ජාතික අභව්‍යවකාශ මධව්‍යස්ථානය තුළ​ වගා කරන ලද සලාදවල රස බැලීමේ​ අවස්ථාව අජටාකාශගාමීන්ට ​උදාවිය.

බොහෝ දෙනා ලඟා නොවිය හැකි ඉලක්කයක් ලෙස සලකතත් ​NASA ආයතනයේ මීලඟ ඉලක්කයවන්නේ 2030 වනවිට අඟහරු වෙත මිනිසුන් ​සහිත​ ​යානා ​යැවීමයි. නමුත් යම් දිනක මෙය සි​දුවුවහොත් ස්වයංයැපුම් මටිටමට ලඟාවී සිටීම නුවණට හුරුබව Amor Menezes of the University of California, Berkeleyගේ මතයයි. ඔහු පවසන්නේ ආරම්භයේ සිටම අභව්‍යවකාශ ඉංජිනේරුවන් ජීව විද්යාව කෙරෙහි වැඩි සැලකිල්ලක් නොදැක්වූ බවයි.
By Clare Wilson

https://www.newscientist.com/article/mg22830494-300-mission-space-food-sugar-growing-bacteria-go-into-orbit/

0 comments:

Post a Comment