June 2, 2016

විද්‍යාත්මක සොයාගැනීම් නොමිලේ පරිශීලනයට

වසර 2020 වන විට සියලුම විද්‍යාත්මක සොයාගැනීම් නොමිලේ පරිශීලනය කිරීමේ පහසුකම සැමට ලබාදීමට යුරෝපා සංගමය එකග වී තිබේ.මෙය ඉතා එඩිතර පියවරකි.එනිසා යුරෝපා සංගමය තුල මහජන මුදල් භාවිතා කරමින් දියුණු කල සියලු විද්‍යාත්මක සොයා ගැනීම් සැමදෙනාගේ පරිශීලනය සදහා වසර 2020 වන විට නිකුත් කරනු ඇත.

යුරෝපිය විද්‍යා සංගමයේ ප්‍රධානියා Carlos Moedas විසින් පසුගිය සතියේ බ්‍රසල්ස් නුවර පැවති Competitive Council රැස්වීමේදී මෙම නොමිලේ පරිශීලනය ප්‍රකාශයට පත් කළේය.වර්තමානයේ එහි සභාපතිත්වය දරණ ඕලන්ද රජයේ සුවිශේෂී දායකත්වය මේ සදහා හේතු විය.”මේ පිළිබද නියම වැටහීමක් අපට තවම නැත.ඕලන්ද සභාපතිත්වය දිනා ගත් මෙම ජයග්‍රහණය අනන්‍ය හා සුවිශාල වේ.”යයි Moedas මාධ්‍ය හමුවේදී පැවසිය.

යුරෝපා, නවනිපයුම්කරුවන්ට සහ ව්‍යාපාරිකයන්ට ප්‍රිය උපදවන ප්‍රදේශයක් කිරීම සදහා විශාල ගැටළු සංඛ්‍යාවකට විසදුම් ආරම්භයක් අවශ්‍යය. සීමාකිරීම් ලිහිල් කිරීම මගින් නව නිපැයුම්,රැකියා සහ මුදල් ගෙනෙන විදේශ ව්‍යාපාරිකයන්ව යුරෝපයට ගෙන්වා ගැනීම ඔවුන්ගේ අරමුණ වේ.

නමුත් ආර්ථික වර්ධනය කතාව පිටුපස තවත් සුවිශේෂී තත්වයක් පවතී. ඒ සදහා විද්‍යාත්මක ප්‍රජාව හා සමාගමේ බිම් මට්ටමේ ඇතිවී තිබෙන ප්‍රධාන සංස්කෘතික වෙනස්වීම සුවිශාල ලෙස හේතු වී තිබේ. බුද්ධිමය දේපල නිතිය නිසා වර්තමානයේදී බොහෝ විද්‍යාත්මක ව්‍යාපෘති අවහිර වී තිබෙන බැවින් පෙර පර්යේෂණ දත්ත නැවත භාවිතයට විද්‍යාත්මක ආයතන උනන්දු කෙරේ.මෙනිසා විද්‍යාඥයෝ වෙනත් රටවලට අයත් වුවත් ඔවුන් අතර සහයෝගිතාවයක් ගොඩනැගීම පහසු වෙනවා ඇත.එපමණක් නොව මෙම අදහස පුළුල් ලෙස සැලකුවහොත් එය දැනුම ප්‍රජාතන්ත්‍රකරණයවිම සේ සැලකිය හැකිය.එමගින් ගුරුවරුන්ට,වෛද්‍යවරුන්ට ,ව්‍යාපාරිකයන්ට පමණක් නොව විද්‍යාවේ නවතම දැනුම ලබාගැනීමට කැමති සෑම පුද්ගලයකුටම ඉතා හොද අවස්ථාවක් උදා වේ.සගරා ,ප්‍රකාශන,උපලේඛන ,මුදල් නොමැතිව වුවද විද්‍යාවේ අන්තර්දෘෂ්ටිය වෙත යොමු වීම පහසු වේ.

“පර්යේෂණ හා නවනිපයුම් බොහෝ ආර්ථික හා සමාජීය ගැටළු සදහා පිළිතුරු සපයයි.එම පිළිතුරු සදහා විවෘත පරිශීලනය ලබා දීම මගින් විද්‍යාව සිරවී ඇති බිත්ති බිද සමාජයට වඩා වැඩි ප්‍රතිලාභ ලබාදීමට එයට හැකි වේ.එමගින් විශ්ව විද්‍යාල හා දැනුම් ආයතන අතර විශාල සවාදයක් නිර්මාණය කරයි.” යනුවෙන් මාධ්‍ය  ප්‍රකාශයක් ඕලන්ද අධ්‍යාපන,සංස්කෘතික හා විද්‍යා අමාත්‍යාංශයේ Sander Dekker නිකුත් කර ඇත.

උපුටාගැනීම :
The EU wants to make all scientific papers free to access by 2020 by Tom Hale
http://www.iflscience.com/editors-blog/eu-wants-make-all-scientific-papers-free-

0 comments:

Post a Comment