June 14, 2016

ස්මාර්ට් බැන්ඩේජ් පටියක්.........

ස්මාට් වෙලුම් පට්යක් ඉලෙක්ට්‍රෝනික කාවැද්දුම් උපකරණයක් භාවිතයෙන් ඔබගේ තුවාලයට ප්‍රතිකාර කිරිමට මේ වන විට හැකිවි ඇති බව ඔබ දන්නවාද?
මෙය වෛද්‍ය විද්‍යාවේ විශාල ඉදිරි පරිවර්තනයක් ලෙස හැදින්විය හැකිය.
MIT ආයතනයේ පර්යේෂණ ආයතනයේ පර්යේෂණ කණ්ඩායමක් විසින් තුවාලයක් අධික්ෂණය කිරිම සහ ඒ මතට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය තැන්පත් කිරිම තුවාලයේ අවශ්‍යතාවය මත නිර්මාණය කර තිබේ.
මෙය හයිඩ්‍රෝ ජෙල් වෙලුම්පටියක් දනහිසට හෝ වැලමිටට භාවිතා කිරිම සදහා නිර්මාණය කර තිබේ. මෙය වඩාත් නම්‍යශිලිව තුවාලය ආසාදන තත්වයට පත් වි ඇත්නම් ස්වයංක්‍රියව ක්‍රියාත්මක කර ඖෂධ නිදහස් කර උෂ්ණත්වය අධික්ෂණය කරන ඉලෙක්ට්‍රෝඩ උපාංගයකි.

තුවාලය වටා 90% හයිඩ්‍රෝජෙල් සහිත විනිවිද පෙනෙන ආකාරයෙන් විශේෂයෙන් මානව පටක වල ගුණාංග වලට සමානව ප්‍රතිනිර්මාණය කර ඇත. මෙම උපකරණ සෑදිම සදහා ටයිටේනියම් ,සිලිකන්, පිගන්මැටි, රන් හෝ වෙනත් මුලද්‍රව්‍ය යොදාගෙන ඇත.
ටයිටේනියම් සන්නායක දැල් චිපයක් ලෙස ක්‍රියාත්මක වේ. මෙවැනි චිප් ගණනාවක් සම්බන්ධ වි කාවැද්දුම් පද්ධතියක් ලෙස ක්‍රියාත්මක වේ.මෙම උපකරණයේ LED විදුලි පහන් භාවිතා කර ඇත. එංගලන්තයේ මැන්චෙස්ටර් තාක්ෂණික විද්‍යාලයේ මෙම පර්යේෂණය සිදු කර ඇත.මෙම උපකරණ නිර්මාණය සදහා ඉලෙක්ට්‍රෝනික් හා පරිගණක ක්‍රම ලේඛන මේ සදහා යොදා ගෙනඇත.

මෙම උපකරණය ශරිරයේ නම්‍යශීලි ස්ථාන වල පවතින තුවාල වලට පවා භාවිතා කල හැකිය. වෛද්‍යවරයාගේ අවධානය මේ සදහා යොමුකර ගැනිමට අවශ්‍ය නම් ඔහුගේ ස්ථාවර උපකරණයක් සදහා මේ සම්බන්ධ Alert එකක් යැවේ. මෙහි පරික්ෂණයක් වන Xuanhe Znho හි බලාපොරොත්තු වනුයේ මුථ ශරිරයේම ඇති තුවාල හදුනා ගැනිමට සහ ප්‍රථිකාර කිරිමට හැකි මිනිස් මොළය හා ක්‍රියා කිරිමට ස්මාට් බැන්ඩේජ් එකක් නිර්මාණය කිරිමයි.



මිට අමතරව ශරිරයේ ඇති සිනි ප්‍රමාණය පාලනය කිරිම හදුනා ගැනිමටද මෙම Smart බැන්ඩේජ් පටිය භාවිතා කල හැකි වේ. 

සැකසුම -   ඒ.ඒ.ඡේ.එස්. අතාවුද
                 විද්‍යා හා තාක්ෂණ නිලධාරි
                 තුම්පනේ (ගලගෙදර)

උපුටා ගැනිම - 

1 comments:

Post a Comment