June 23, 2016

විලොපියන්ගේ ගොදුර වීමෙන් වළකින බිත්තර

විලොපියන්ගේ ගොදුර වීමෙන් වැළකීමට බිත්තරවලට නොහැකි බවත් බිත්තර ඉතා අසරණ හා පහසු ගොදුරක් බවත් සාමාන්‍ය පිළිගැනීම වේ.එහෙත් එම බිත්තර රතු ඇස් ඇති ගස් මැඩියන්ගේ වුයේ නම් තත්වය සම්පුරණයෙන් වෙනස් වේ.

සාමාන්‍ය මැඩියන් මෙන් නොව රතු ඇස් ඇති ගස් මැඩියන්ගේ (ගෙම්බා) බිත්තර රැකීම සදහා බොහෝ වේලාවක් ගතවේ.නාගයෙක් වැනි බිත්තර ගොදුර කර ගන්නා විලොපියෙක් මෙම මැඩි විශේෂයේ බිත්තර වලට ළඟාවන විට එහි සිටින කුඩා ඉස්ගෙඩියන්ට තත්පර කිහිපයකදී බිත්තර තුළින් මතුවී විලොපියාගේ ගොදුර නොවී පැන යා හැකිය.  රතු ඇස් ඇති ගස් මැඩියන්ගේ ජෙලි වැනි බිත්තර සිර මැදිරි තුළින් තත්පර කිහිපයකදී පැටව් නිදහස්වීම නිසා ක්ෂණිකව සිදුවන පහරදීමකදී වුව බේරීමේ හැකියාව උන්ට තිබේ.
මෙලෙස කළල ආරක්ෂාවීමේ කලාව නම් උන්ගේ අතුරුදහන් වීමේ රංගනය සදහා එන්සයිමයක් භාවිතා කිරීම බව බොස්ටන් විශ්ව විද්‍යාලයේ සහ Smithsonian tropical පර්යේෂණ ආයතනයේ ජීව විද්‍යා පර්යේෂණ වාර්තා සගරාවක පළවී තිබේ.

නාගයෙකු හෝ දෙබරෙකු වැනි ගොදුරු සොයන විලෝපියෙකු ළගා වන විට  ඇතිවන සියුම් කම්පනයන් (චලනයන් ) හදුනාගැනීමට මෙම බිත්තර තුල සිටින කළල වලට ඇති හැකියාව සුවිශේෂ වේ.ඒ අනුව මුලික කළලය ඉක්මනින් ක්‍රියාත්මක වී බිත්තර රැකීම හැකිතාක් වේගයෙන් සිදු කරයි. ඉස්ගෙඩියාගේ හොම්බ අසළ වූ ග්‍රන්ථියක ඇති එන්සයිමයක්  මගින් බිත්තරයේ පිටත ස්ථරය කා දමා සිදුරක් ඇති කරන බව පර්යේෂකයන් විසින් හදුනාගෙන තිබේ.එමගින් කළලයට බේරියාම සදහා අවශ්‍ය මාර්ගය සලසා දෙයි.
ජාල ප්‍රභව වලට ආසන්න ලෙස පිහිටි ගස් කොළවල යටි පැත්තේ මෙම ගස් මැඩියන් බිත්තර දමන්නේ මේ නිසාය. එවිට සතුරන්ගෙන් ගැලවී ඉක්මනින් වතුරට පැන පිහිනා ආරක්ෂාවීමට කළල වලට හැකියාව ලැබේ. එනම් විලොපියන්ගේ ගොදුර වීමෙන් වැළකීමට රතු ඇස් ඇති ගස් මැඩියන්ගේ බිත්තර වලට සහජ හැකියාව තිබේ.

උපුටාගැනීම :
These eggs can hatch and wriggle away if predators approach by Mary Beth Griggs

https://www.youtube.com/watch?v=dNHC4OciQJw

0 comments:

Post a Comment