June 16, 2016

බෝ නොවන රෝගයක් වූ දියවැඩියාව....

සාමාන්‍ය භාවිතයේදී දියවැඩියාව [Diabetes mellitus (DM)] ලෙසද හැඳින්වෙන  මධුමේහය ශරීරයේ පරිවෘත්තීය ක්‍රියාවන්හි අක්‍රමිකතාවයක් නිසා රුධිරයේ ග්ලුකොස් මට්ටම ඉහළයාම නිසා ඇතිවන රෝගී තත්ත්වයකි. අග්න්‍යාශය මගින් ප්‍රමාණවත් තරම් ඉන්සියුලින් හෝමෝනය නිපද නොවීම නිසා හෝ දේහයේ සෛල ඉන්සියුලින් වලට නියම ලෙස අනුකුලතා නොදැක්වීම නිසා හෝ  මෙය ඇතිවිය හැකිය. 


මෙහි රෝග ලක්ෂණ වන්නේ රුධිර ග්ලුකොස් මට්ටම ඉහළයාම නිසා ඇතිවන අධික ලෙස මුත්‍රා පිටවීම, එයට පිළියමක් ලෙස අධිකව ඇතිවන පිපාසය, එසේ ග්ලුකෝස් මට්ටම ඉහළයාම නිසා ඇතිවන ඇස්පෙනීම බොදවීම, පැහැදිලි කළ නොහැකි ආකාරයට සිදුවන බර අඩුවීම හා කම්මැලිකමයි. රුධිර ග්ලුකොස් මට්ටම සුළු ප්‍රමාණයකින් ඉහළගොස් ඇති අවස්ථාවන්හිදී ඉහත කී රෝග ලක්ෂණ හොදින් පැහැදිලිව දක්නට නොලැබිය හැකිය.
දියවැඩියාවට ප්‍රතිකාර නොලද හොත් නොයෙකුත් සංකුලතා ඇති විය හැකිය. කීටොඇසිඩොසිස් ( ketoacidosis) සහ කීටෝටික නොවන හයිපර්සොමලර් කෝමාව (nonketotic hyperosmolar coma) එසේ ඇතිවිය හැකි දරුණු ඝනයේ සංකුලතා වේ. දියවැඩියාව නිසා ඇති වියහැකි දිගු-කාලීන සංකුලතාවයන් ලෙස හෘදයාබාධ, ආඝාතය, වකුගඩු අකර්මන්‍යතාව, පාදයේ ඇතිවන වණ සහ ඇස්වලට ඇතිවන ආබාධ යන ඒවාහඳුනාගෙන ඇත.

ලෝක සෞඛ්‍ය සංවිධානය හදුනාගෙන ඇති අන්දමට දියවැඩියාව ප්‍රධාන ලෙස වර්ග 3 කි. 
1.            පලමු වර්ගයේ දියවැඩියාව/ යෞවන දියවැඩියාව (juvenile diabetes) : දේහයට ප්‍රමාණවත් තරම් ඉන්සියුලින් නිපදවීමට නොහැකි වීම නිසා ඇති වෙයි. මෙම ආකාරය කලින්, ඉන්සියුලින් මත පදනම් වූ දියවැඩියා [insulin-dependent diabetes mellitus (IDDM)] තත්වයක් ලෙස හෝ හඳුන්වන අතර මෙයට හේතුවක් හඳුනාගෙන නොමැත. මෙම වර්ගයේ දියවැඩියාව ඇතිවන්නේ අග්න්‍යාසයේ බීටා සෛල සිරුර තුළ ස්වාභාවිකවම ඇතිවන තත්වයන් නිසා විනාශවීමෙනි.

2.      දෙවන වර්ගයේ දියවැඩියාව /වෘද්ධ දියවැඩියාව (adult-onset diabetes : ඉන්සියුලින් වලට ප්‍රතිරෝධය නිසා හට ගනී. දේහ සෛල ඉන්සියුලින් වලට නිසි ලෙස ප්‍රතිචාර දැක්වීමට අපොහොසත් වීම නිසා ඇති වන තත්ත්වයකි. රෝගය වර්ධනය වන විට ඉන්සියුලින් හිඟතාවය ද වර්ධනය වේ. මෙම ආකාරය කලින්, ඉන්සියුලින් මත පදනම් නොවූ තත්වයක් ලෙස හෝ හඳුන්වන අතර මෙයට මූලිකම හේතු වන්නේ අධික දේහ බර සහ ප්‍රමාණවත් තරම් ව්‍යායාම නොලැබීමයි. මෙම දෙවෙනි වර්ගයේ දියවැඩියාව ඇතිවන්නේ ඉලක්ක අවයවයන් හෝමෝන කෙරෙහි ඇතිකරන ප්‍රතිරෝධීතාවය නිසයි. මේ නිසා අසාමාන්‍ය ලෙස ඉහළ සාන්ද්‍රණයකින් ඉන්සියුලින් දේහයට අවශ්‍ය වන අතර දිය වැඩියාව ඇති වන්නේ බීටා සෛල වලට මෙම අවශ්‍යතාවයන් සපයාදීමට අපොහොසත් වන අවස්ථාවන්හිදීය.

3.      ගර්භනික දියවැඩියාව (Gestational diabetes: කලින් දියවැඩියාව නොතිබුන ගර්භනී කාන්තාවකගේ රුධිරගත ග්ලුකෝස් මට්ටම ඉතා ඉහල යාම මගින් මෙය ඇතිවේ. ගර්භනී අවස්ථාවන්හිදී ඇතිවන දියවැඩියාව දෙවැනි වර්ගයේ දියවැඩියාවට සමානකම් දක්වන අතර මෙහිදී ජානමය වශයෙන් දියවැඩියාව ඇතිවීමට නැඹුරුතාවයක් ඇති මවුවරුන්ගේ ගර්භනී අවස්ථාවන්හිදී දෙහයෙන් නිපදවන හොමෝන වර්ග ඉන්සියුලීන් හොමෝනය කෙරෙහි ප්‍රතිරෝධීතාවයක් දැක්වීම නිසා මේ තත්ත්වය හටගනී. වසර 2008 දී ඇමෙරිකා එක්සත් ජනපදය මගින් කරන ලද අධ්‍යයනයකදී හෙලිවී ඇති අන්දමට එරට මවුවරුන්ගෙන් බහුතරයක් ගර්භනී තත්ත්වයට පත්වන්නේ දියවැඩියාවක් ඇතිවයි. ගර්භණී මවුවරුන්ගේ දියවැඩියා තත්ත්වය පසුගිය වසර හය තුල දෙගුණයකටත් වඩා වැඩි තත්ත්වයකට පත්ව ඇත. මෙය සත්‍ය වශයෙන්ම ගැටළු සහගත තත්ත්වය වන්නේ දියවැඩියාව නිසා ගර්භණී අවස්ථාවන්හිදී ඇතිවන සංකූලතාවයන් ඉහළ නංවන අතර ගර්භනී තත්ත්වයේදී දියවැඩියාව ඇති මවුවරුන්ගේ දරුවන්ට අනාගතයේ දී දියවැවියාව ඇතිවීමේ ප්‍රවණතාවය ඉහළගොස් ඇත. ගර්භනී දියවැඩියාව බොහෝ විට දරුප්‍රසූතියෙන් පසුව පහවී යන අතර පළමු හා දෙවන වර්ග යේ දියවැඩියාව කලින් කළ පවතින නිදන්ගත රෝගයන්වේ.
1921 දී වෛද්‍ය විද්‍යාව තුළ ප්‍රතිකාර කිරීමට ඖෂධයක් ලෙස ඉන්සියුලීන් භාවිතයට ගැනීමත් සමගම ඉහත කී සියලු ම වර්ගයේ දියවැඩියාවන්ට ප්‍රතිකාර කිරීමේ හැකියාව ලැබී ඇත.
පළමු වර්ගයේ දියවැඩියාව සදහා ප්‍රතිකාර කරනු ලබන්නේ ප්‍රධාන වශයෙන් ඉන්සියුලින් සිරුරට සින්නක්කර ගැනීමෙනි. ආහාර පාලනය හා ව්‍යායාම එහි එක් අංගයක් පමණි.
දෙවැනි වර්ගයේ දියවැඩියාව සඳහා ප්‍රතිකාර කරනු ලබන්නේ ආහාර පාලනය, පෙති වර්ග හා ඉන්සියුලින් එන්නත් කිරීම යන ප්‍රතිකාර ක්‍රම වල එකතුවෙනි.
                                                                                                                              


සිරුරේ ග්ලුකෝස් මට්ටම පහළ යාම  නිසියාකාරව පාලනය නොකලහොත් නොයෙකුත් සංකූලතා ඇති කරයි. ක්ෂණිකව ඇතිවන සංකූලතාවයන් මෙන්ම  දීර්ඝකාලීන සංකූලතාවයන් ලෙස රුධිර සංසරණ පද්ධතියේ රෝගී තත්ත්වයන්, වකුගඩු අඩපණ වීම,දෘෂ්ටිවිතානයට හානිවීම හා අවසාන වී අන්ධතාව ඇතිවීම, ස්නායු දුර්වල වීම , කුඩා රුධිර වාහිණී වල‍ට හානිවීම නිසා සිදුවන පිරිමින්ගේ පුරුෂ ශක්තිය හීනවීයාම. හා තුවාල සුවවීම ප්‍රමාද වීමෙන් තුවාල ඔඩුදිවීම සිදුවේ. මේ නිසා සැත්කමක් මගින් පාදය කපා ඉවත්කිරීමට පවා සිදුවිය හැක. දියවැඩියාවට මනාලෙස ප්‍රතිකාර ගැනීම, රුධිර පීඩනය පාලනය කිරීම, දුම්පානය අතහැරීම, සිරුරේ නිරෝගී බරක් පවත්වාගෙන යාම තුළින් ඉහත සඳහන් කරන ලද සංකූලතාවන් ඇතිවීමේ අවධානම අඩු කරයි.
සංවර්ධිත රටවල්වල වයෝවෘද්ධ නොවන වැඩිමල් වැඩිහිටි පුද්ගලයන්ගේ අන්ධතාවයට හා අනතුරක් නිසා‍  සුව නොවන පාද කපා ඉවත්කිරීම් වැඩිවශයෙන්ම සිදුවනු ලබන්නේ දියවැඩියාව හේතුවෙනි. තවද ඇමරිකා එක්සත් ජනපදයේ වකුගඩුවල රුධිර කාන්දු පෙරණය සිදුකිරීමත් අවශ්‍ය වන ප්‍රධානතම රෝගය වන්නේ දියවැඩියාව නිසා සිදුවන වකුගඩු නරක් වීමයි.

දියවැඩියා රෝග විනිශ්චය කිරීමේ රුධිර සීනි මට්ටම :
නිරාහාර රුධිර සීනි මට්ටම්
ආහාර ගෙන පැය දෙකකට පසු
සාමාන්‍ය
100 mg/dl අඩු
126 mg/dl අඩු
පුර්ව දියවැඩියා තත්වය
100-110 mg/dl අතර
126 -  140 mg/dl අතර
110 - 126 mg/dl අතර
140 mg/dl වැඩි
දියවැඩියා තත්වය
126 mg/dl වැඩි
200 mg/dl හෝ වැඩි

·        නිරාහාරව සිට ලබාගන්නා රුධිර ග්ලූකෝස් මට්ටම 126 mg/ හෝ එයට වඩා වැඩි අගයක් ඇති අවස්ථා වලදී.
·        ග්‍රෑම් 75 ක් ග්ලූකෝස් පානයට ගෙන පැය දෙකකට පසු රුධිරය ලබාගන්නා ග්ලූකෝස් සීහුම් රීක්ෂාවකදී රුධිර සීනි මට්ටම 200 mg/dl හෝ ඊට වඩා වැඩි අවස්ථා වලදී.
·        අහඹු ලෙස ලබාගන්නා ලද රුධිර සාම්පලයක ග්ලුකොස් මට්ටම 200 mg/dl හෝ ඊට වඩා වැඩි අවස්ථා වලදී
රෝග ලක්ෂණ නොමැතිව ඉහත කී එක් පරීක්ෂණයක් පමණක් මගින් ඉහළ ග්ලුකොස් මට්ටමක් ඇති බවට පෙන්නුම් කරන අවස්ථාවන්හි දී ඉහතින් සදහන් කරන ලද වෙනත් පරීක්ෂණයක් වෙනයම් දිනක සිදු කිරීම මගින් රෝගය ඇති බවට තහවුරු කරගත හැකිය. බොහෝ වෛද්‍ය වරුන් රෝගීන් නිරාහාරව තබා රුධිර ග්ලූකෝස් මට්ටම පරීක්ෂා කර බැලීම සදහා කැමැත්තක් දක්වන්නේ ග්ලූකෝස් සීහුම් පරික්ෂාවකට වඩා එය පහසු වන අතර අඩු කාලයකින් ප්‍රතිඵල ලබාගත හැකි බැවිනි. නූතන අර්ථ දැක්වීම් වලට අනුව නිරාහාරව සිට ලබාගන්නා රුධිර සාම්පලයක ග්ලූකෝස් මට්ටම අවස්ථා දෙකකදී 126 mg/dl හෝ එයට වඩා වැඩි අගයක් ඇති අවස්ථා වලදී දියවැඩියාව ඇති බවට නිර්ණය කළ හැකිය.
නිරාහාරව සිට ලබාගන්නා රුධිර ග්ලූකෝස් මට්ටම 110 සිට 125 mg/dl අතර  ඇති අවස්ථාවන්හිදී නිරාහාර රුධිර ග්ලූකෝස් මට්ටම පවත්වා ගැනීමට‍ බාධා ඇති වී ඇති අවස්ථාවක් ලෙස හැදින්විය හැකිය. ග්ලූකෝස් ග්‍රෑම් 75 පානයට ලබාදීමෙන් පැය 2 කට පසු රුධිර ග්ලූකෝස් මට්ටම 140 mg/dl හෝ ඊට වැඩි අවස්ථාවන්හිදි ග්ලූකෝස් සීහුම් පරීක්ෂාව සදහා බාධා ඇති වී ඇති බවට සැලකේ. මෙම අවස්ථාවන් දෙකෙහිදී පසුව සදහන් කළ අවස්ථාවන් ඇති රෝගීන් පසුකාලීනව දියවැඩියාව හා හෘද රෝග ඇති වීම සදහා වැඩි අවධානමක් ඇත.
ගර්භණී තත්වයේ ඇති වන දියවැඩියාව :
ගර්භණී අවස්ථාවේ දී දියවැඩියාව ඇති වු අයටද ඉදිරි වසර 10 20 අතර වාරයේ දෙවැනි ඛාණ්ඩයේ දිවැඩියාව ඇතිවීමේ අවදානමක් ඇත. ගර්භණී මව්වරුන් 5% - 10%  ත් අතර ප්‍රමාණයක් දෙවැනි ඛාණ්ඩයේ දියවැඩියා රෝගීන් බවට පත්වීමේ අවදානමක් ඇත. එම අවධියේ දිවවැඩියාව ඇති මව්වරුන්ට බිහිවන දරුවන් , 15% - 25% අතර පළමු ඛාණ්ඩයේ දියවැඩියාව සෑදීමේ අවදාමක් ඇති අතර ගබ්සා වීමේ අවදානම හා උපදින දරුවන් විකලාංග වීමේ අවදානමද ඇත.

ගර්භණී අවස්ථාවේදී රුධිර ප්‍රමාණයන් (රෝග විනිශ්චය පරීක්ෂණ) :
නිරාහාර රුධිර පරීක්ෂාව (Fasting Blood Suger )

92 mg/dl

ආහාර ගෙන පැයකට පසුව
180 mg/dl

ආහාර ගෙන පැය 2 කට පසුව
153 mg/dl


වැළක්වීම :
පළමු ආකරයේ දියවැඩියාව වැළක්වීමේ ක්‍රමයක් හඳුනාගෙන නොමැත.
දෙවන ආකාරයේ දියවැඩියාව බොහෝ විට සාමාන්‍ය දේහ බර පවත්වා ගැනීම, ක්‍රියාකාරී දිවි පැවැත්ම,  කායික ව්‍යායාම සහ සෞඛමය ආහාර වේල් ලබා ගැනීම මගින් වළක්වා ගත හැකි වේ.
ආහාර වේලේ සිදු කරන වෙනස්කම් දියවැඩියාව වළක්වා ගැනීමෙහි ලා බෙහෙවින් ඵලදායක වනු ඇත. නිවුඩ්ඩ ඉවත් නොකරන ලද පූර්ණ  ධාන්‍ය සහ තන්තු; ඇට වර්ග, එළවලු තෙල් සහ මාළු ආදියේ ඇති ඇති අසන්තෘප්ත මේදය වැනි සුදුසු මේද යනාදිය ආහාරයට ගැනීම වඩාත් යෝග්‍ය වේ. සීනිමය ආහාර හැකිතාක් පාලනය කිරීම සහ රතු මස් ආදී සංතෘප්ත මේද අඩංගු ආහාර අඩු කිරීම ද දියවැඩියාව වළක්වා ගැනීමෙහි ලා ඉවහල් වනු ඇත. ක්‍රියාකාරී දුම් පානය ද දියවැඩියාව ඇති කිරීමේ වැඩි අවධානමක් සහිත සාධකයක් වෙයි. එහෙයින් දුම්පානයෙන් වැළකීම ද දියවැඩියාව වළක්වා ගැනීමට වැදගත් වෙයි.
සැකසුම : විද්‍යා හා තාක්ෂණ නිලධාරී - ගාල්ල, කඩවත්සතර

0 comments:

Post a Comment