June 1, 2016

කෘතීම ගව නිෂ්පාදන

ආහාර,ඇදුම් සහ සමහර විට penicillin (පෙන්සිලින් ) ලබාගැනීම සදහා පවා ගවයින් අවශ්‍ය වේ.එහෙත් පශු වර්ගයේ සතුන්ගෙන් සම්පත් ලබාගැනීම වියදම් අධික සහ වඩාත් කාර්යක්ෂම නොවූ සේවාවක් ලෙස සැලකීමට ඒවායේ කෘතීම නිෂ්පාදන හේතු වී තිබේ.සෑම ගවයකුම නාන බාල්දියක ප්‍රමාණයේ  වතුර පරිභෝජනය කරන අතර එවැනි තුන්ගුණයක මීතේන් (පතල් වායුව ) ප්‍රමාණයක් පරිසරයට මුදාහරියි.මිට අමතරව සත්ව හිංසනය සදාචාරාත්මක නොවන බවද සැලකිය යුතුය.එහෙයින් මිනිස් අවශ්‍යතා සදහා ගවයා  භාවිතා කිරීම හැකිතාක් දුරට  සිමාකිරිමට අදාළ කෘතීම නිෂ්පාදන කෙරෙහි බොහෝ කලක සිට අවධානය යොමු වී තිබේ. Bovine සෛල (ගව වර්ගයට අයත්), යිස්ට් සහ බැක්ටීරියා භාවිතා කර එවැනි කෘතීම නිර්මාණ නිෂ්පාදනය කිරීමට විද්‍යාඥයන් සමත්ව ඇත.

කිරි :
සොයා හෝ කොට්ටම්බ කිරි වලට වඩා කිරිපට්ටිවල කිරි වලට සමාන කිරි විශේෂයක් Muufri ජෛව ඉංජිනේරුවන්ගේ  ආරම්භයකි. මෙම ආයතනය ත්‍රිමාණව (3 D ) මුද්‍රණය කරන ලද ගවජාන (DNA) තුලට යිස්ට් සෛල එක කිරීමෙන් ඔවුන් නිෂ්පාදනය කල කිරි ප්‍රෝටීන ඵලය ලබා ගෙන තිබේ. එය පෙනිසිලින්  (penicilin) හෝ බියර නිෂ්පාදනය කරන ආකාරයට සමානය. කැල්සියම් හා පොටෑසියම් එක් කිරීම මගින් මිශ්‍රණය නෛලෝදකරණයෙන් කෘතීම කිරිවලට ස්වභාවික එළකිරි හා සමාන ස්වභාවය සහ පෝෂ්‍යභාවය ලබා දී තිබේ.

මේ ආකාරයෙන් මාංශ , හම් , Collegen (සත්ව පටක ප්‍රෝටීන), Cartilage (කොමාලාස්ථි), ඉන්සියුලින් වැනි ගවයාගෙන් ලබා ගන්නා අනෙකුත් සම්පත්ද කෘතිමව නිර්මාණය කර  ඇති බව වාර්තා වේ.

උපුටාගැනීම :
How science will make cows obsolete by Heather Hansman

  http://www.popsci.com/synthetic-butcher-shop

0 comments:

Post a Comment