June 16, 2016

ගිලීමෙන් ශරීරයට ඇතුළු වූ අපද්‍රව්‍ය ඉවත් කරන පරිණාමකය

ගිලීමෙන් කුඩා දරුවන් ඇතුළු මිනිසුන් ගේ ශරීරයට ඇතුල් වන අපද්‍රව්‍ය ඉවත් කරන මෙම පරිණාමකය optimus prim rib හෝ Bumblebacon නමින් හදුන්වයි. ශරීරයට ඇතුළු වූ විට දියවී යන අයිස් කැප්සියුලයක් තුල අන්තර්ගත කර ඇති ඉතාම කුඩා Origami රොබෝවක් ලෙස මෙය සකසා ඇත. විද්‍යාඥයින් නිර්මාණය කල මෙම දිරාපත් නොවන රොබෝවට ගිලීමෙන් ශරීරයට ඇතුල් වන  බොහෝ අපද්‍රව්‍ය  ශල්‍යකර්මයකින් තොරව ඉවත් කල හැකිය. දිග හැරීමක් හෝ විද්‍යුත් බලයක් අවශ්‍ය නොවන මෙය බාහිර චුම්භකයක් මගින් පාලනය කල හැකිය. අයිස් කැප්සියුලය ගිල්ලවිට ආමාශය තුළදී අයිස් දියවී එය තුළ ඇති Origami රොබෝව මතුවී ක්‍රියාත්මකවීම ආරම්භ කරයි.

 මෑතකදී රොබෝවේ ක්‍රියාකාරිත්වය පිළිබද MIT ආයතනයේ විද්‍යාඥයින්, ජපානයේ සහ එංගලන්තයේ විද්‍යාඥයින් එක්ව පරීක්ෂණයක් ක්‍රියාත්මක කරන ලදී. මෙම කණ්ඩායම ආදර්ශ ආමාශයකට, ඔර්ලෝසුවකට යොදා ගන්නා කුඩා බොත්තම් ආකාරයේ බැටරි ඇතුළු කරන ලදී. බැටරි ඇතුළු කිරීමට පෙර  ආදර්ශ ආමාශය සිලිකන් හරස් කඩයක් සේ සකසා ඇත. බැටරි ඇතුළු කිරීමට පෙර ආදර්ශ ආමාශයට ජලය සහ දෙහි යුෂ එක්කරන ලද්දේ ආමාශයේ අම්ල වලට ඔරොත්තු දීම සඳහාය.

පර්යේෂණ කණ්ඩායම සාර්ථක ලෙස චුම්භක මගින් කුඩා රොබෝව ගිලුණු බැටරිය දෙසට ආසන්න කර බැටරිය ඉවත් කරන ලදී. ආමාශයේ පිළිස්සීම වලට හේතුවන මෙවැනි බැටරි ගිලීම් වලට ලක්වන ප්‍රමාණය  එක්සත් ජනපදයේ පමණක් 3500 ක් පමණ වේ. එවැනි රෝගීන් ඇතුළු සියලු රෝගීන්ට මෙම සොයාගැනීම ඉතාම ප්‍රයෝජනවත් වේ.
 
ජීර්ණ ක්‍රියාවලිය මගින් ආමාශය තුළදී බැටරි ඛාදනය වී ඒවායේ  අම්ල ශරීරයට එක් වීමට පෙර එම බැටරි කුඩා Origami රොබෝට ඉවත් කිරීමේ හැකියාව ඇති බව පර්යේෂකයෝ ප්‍රකාශ කරති. තවද Origami රොබෝව තුවාල වෙලීමට හා ඹෟෂධ ප්‍රවාහනයට යොදා ගැනීම සඳහා විද්‍යාඥයින් කටයුතු කරන බවත් වාර්තා වේ.

උපුමා ගැනීම:-
The meat transformer to retrieve the weird things you have swallowed by Kate Baggaley.
https://www.youtube.com/watch?v=3Waj08gk7v8

0 comments:

Post a Comment