June 13, 2016

ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණයේ නවක තතු

ප්ලාස්ටික් , පොලිතින් යනු මොනවාද?
ප්ලාස්ටික් යන වචනය ඉංග්‍රිසී භෂාවට එකතු වූණේ ප්ලාස්ටි කොස් යන ගී‍්‍රක වචනයෙන් එහි තේරුම නිර්මාණය කළ හැකිය යන්නයි. ප්ලාස්ටික් නිර්මාණය වන්නේ පොලිමර්   නම් විශාල අණු දම්වැලක් මෙන් එකට යා වීමෙනි.


මෙලෙස කෘති‍්‍රම ලෙස පොලිමර් අණූ මගින් ප්ලාස්ටික් නිර්මාණය කළ හැකි බව පළමුවෙන් සොයා ගත්තේ එක් දහස් නවසිය විසි ගණන් වලදීයි.
එක් දහස් නවසිය තිස් ගණන් වන විට පොලිමර් උපයෝගී කර ගනිමින් පොලි එතිලින් හෙවත් පොලිතින් පොලිවිනයිල් ක්ලෝරයිඩ සහ පොලින්ටරින් නිපදවනු ලැබ ඇත.
ප්ලාස්ටික් කර්මාන්තය ගොඩ නැගී තිබෙන්නේ මෙම සොයා ගැනීම් තුන මතයි. පොලිතින් සොයා ගනු ලැබුවේ 1933 දීයි. පොලිතින් නිර්මාණය වන්නේ එතිලින් අණු එකිනෙකට සම්බන්ධ වීමෙනි.
ප්ලාස්ටික් සහ පොලිතින් වලින් පරිසරයට වන බලපෑම කෙළෙසද?
ප්ලාස්ටික් සහ පොලිතින් දිරා නොයන හෙයින් පරිසරයේම රැදී පවතින නිසා පරිසර සුන්දරත්වයට ඉන් බාධා ගෙන එයි. එපමණක් නොව ප්ලාස්ටික් සහ පොලිතින් නිපදවීමේදී ද පරිසරය දූෂණයට ලක් වේ. පොලිතින් බෑග් 50, 000 ක් නිපදවන විට සල්ෆර් ඩයොක්සයිඩ්   කිලෝග‍්‍රෑම් 17 ක් වායුගෝලයට පිට වේ.
ප්ලාස්ටික් යනු පරිසරයට බෙහෙවින් අහිතකර ද්‍රව්‍යයක් බව බොහෝ දෙනා දන්නා කාරණයකි.  නමුත් ප්ලාස්ටික් ප්‍රතිචක්‍රීකරණය කොට නැවත භාවිතයට ගැනීම තුලින් ප්ලාස්ටික් නිසා සිදුවන පරිසර හානිය අවම කරගැනීමට ගන්නා උත්සාහයක් නෙදර්ලන්තයෙන් වාර්තා වේ. මෙවර ඔවුන් උත්සාහ ගන්නේ ප්‍රතිචක්‍රීකරණය කරන ලද ප්ලාස්ටික් වලින් මහා මාර්ගයක් නිර්මාණය කිරීමටයි.
ප්‍රතිචක්‍රීකරණය කල ප්ලාස්ටික් යොදා ගෙන විවිධ විස්තුරැ නිර්මාණ ප්‍රදර්ශණය කර ඇත.උදා වොශිංටන් වල මුහුදු ජීවීන් ප්‍රදර්ශණයක් සදහා ප්‍රතිචක්‍රීකරණය කරන ලද ප්ලාස්ටික් යොදා ගෙන ඇත.

Add caption
ප්ලාස්ටික් භාවිතා කර ජෛව ඉන්ධන නිපදවීමට පර්යේෂකයෝ පිරිසක් සමත් වෙයි.මෙහිදී ප්ලාස්ටික් ඔක්සිජන් රහිත කුටියක් තුලදී රත් කිරීමක් සිදු වේ.මෙහිදී ඛනිජ තෙල් සහ පෙට්ට්‍රෝලියම් නිෂ්පාදන අැති කරයි. පර්යේෂණය සිදු කරන ලද්දේ  Illinois Sustainable Technology Center තුලදීය.මෙම 
ජෛව ඉන්ධන පිරිපහදු කිරීමට අනවශ්‍ය බව පර්යේෂකයන් පවසයි.

තවද ප්ලාස්ටික් ජීරණය කල හැකි බැක්ටීරියාවක් waxworm නම් පිලා අවස්ථාව තුල දේහය තුල අන්ත්‍රයෙන් හදුනා ගැනීමට පර්යේෂණ වලින් සමත් වී ඇත.
මෙහිදී ප්ලාස්ටික් ජීර්ණය කල හැකි ක්ෂ්‍රද්‍ර ජීවී අවස්ථා 02 ක් හදුනා ගෙන ඇත.
මෙම පර්යේෂණය සිදු කරන ලද්දේ චීනයේ  Shenzhen Key Laboratory  තුලදීය.

නැනෝ තාක්ෂණය යොදා ගෙන ප්‍රතිචක්‍රීය නොවන ප්ලාස්ටික් යොදා ශක්තිමත් අගය එකතු කල නිෂ්පාදන ඇති කිරිමට පර්යේෂකයෝ පිරිසක් සමත් වි ඇත.මෙම නිෂ්පාදන වල පෘෂ්ඨ ජලකාමී සහ ඉතා ශක්තිමත් වේ.
අධික තාප වලට ඔරොත්තු දිය හැකි කාබන් නැනෝ නාල ඇලුමීනියම් පටල බවට පත් කෙරේ.ඉහල වටිනානමක් ඇති මෙම නිෂ්පාදන පරිසරික ගැටලුවට විසදුමකි.

උපුටා ගැනීම -Science daily news

0 comments:

Post a Comment