June 13, 2016

විද්‍යා හා තාක්ෂණ දියුණුව බිම්මට්ටමට ලබාදීම ලොවම පිළිගනී

“සියලු කල්පවත්නා සංවර්ධන ඉලක්ක (SDG) ළඟාකර ගැනීම සඳහා ඉදිරි වසර 15 තුල විද්‍යාව,තාක්ෂණය හා නව නිපැයුම්වල ප්‍රගතියේ මුලිකත්වය අනිවාර්ය වේ.කල්පවත්නා සංවර්ධන ඉලක්කයන් දුගී බව තුරන්කිරීමේ සිට කෘෂිකර්මාන්තයේ හා ආහාර සුරක්ෂිතතාවය  දක්වාද, බලශක්තිය දක්වාද, ජලය හා සනීපාරක්ෂාව දක්වාද කාලගුණීක විපර්යාස දක්වාද ව්‍යාප්ත වේ” යැයි එක්සත් ජාතීන්ගේ මහා ලේකම් බෑන්කී මූන් මහතා නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ ප්‍රධාන කාර්යාලය මගින් සංවිධානය කළ ව්‍යාපාරික නායකයන්ගෙන් හා නව නිපැයුම් කරුවන්ගෙන් සමන්විත ඉහල පෙළේ සංවිධානයක් හමුවේ ප්‍රකාශ කළේය.

බිම් මට්ටමේ කල් පවත්නා සංවර්ධනය වෙනුවෙන් විද්‍යාව, තාක්ෂණය හා නව නිපැයුම්වල ප්‍රගතිය සම්බන්ධ කිරීම මෙහිදී ඇති විශාලතම අභියෝගය බවත් එම පරතරය නැති කිරීම සියලු ක්‍රියාකාරකම්වල අරමුණ හෙයින් ඒ සදහා ඔබ සියලුදෙනාම තීරණාත්මක අභියෝගය ජය ගත යුතු බවත් හෙතෙමෙ වැඩිදුරටත් පැවසීය. ඔහුගේ ප්‍රකාශයේ පහත කරුණුද අඩංගු විය.

එක්සත් ජාතීන්ගේ ආර්ථික හා සමාජීය මණ්ඩලයේ (ECO-SOC) සභාපති විසින් කැදවූ  විනිශ්චය සභාවේ (Forum) අරමුණ නම් පිරිසිදු හා සෞඛ්‍ය සම්පන්න පෘථවිය තුල සියලු දෙනාටම ගරුත්වය සහිත ජීවිතයක් සුරක්ෂිත කරන සමෘද්ධියේ ප්‍රමාණවත් පන්ගුකාරත්වයක් ලබා දීමයි. කල්පවත්නා සංවර්ධන ඉලක්ක (SDG) තුලට නව නිපැයුම් සමග විද්‍යාවේ හා තාක්ෂණයේ අභික්‍රමණය අන්තර්ගත කිරීම “ඉලක්ක 17” ලෙස නම්කර තිබුනද විද්‍යාව, තාක්ෂණය හා නව නිපැයුම්  SDG 17 ට පමණක් සීමා නොවිය යුතුය. එය සියලු කල්පවත්නා සංවර්ධන ඉලක්ක ක්‍රියාවට නැංවීමේ ප්‍රධානතම මූලය වේ. ඒ වාගේම විද්‍යව, තාක්ෂණය හා නව නිපැයුම් හුදෙක් නව තාක්ෂණයන් හෝ මෘදුකාංග වෙත පමණක් සීමා වීම වෙනුවට මනෝවිභිතිය සහ ආකල්ප සම්බන්ධව නව සොයාගැනීම් වෙතද යොමු විය යුතුය. එනම් උපකල්පනයන් ප්‍රශ්නකිරීම, තහවුරු වූ පද්ධති හා ක්‍රමවේද නැවත සිතා බැලීම සහ නව උපායමාර්ග හදුන්වාදීම යනාදිය කෙරෙහි සැලකිලිමත් වීම අත්‍යවශ්‍යයය.

නව අදහස් රැස් කිරීම සහ දිරිගැන්වීම් ,පරිමාණය කිරීම් හා වේගවත් වර්ධනයට අනුගත වීම් සදහා  ක්‍රම විධි සොයාගැනීම සම්බන්ධ බහුජාතික සමාගම් වල විනිශ්චයසභාව  2030 වසර දක්වා වසරක් පාසා ක්‍රියාත්මක කරන බවද මහ ලේකම් තුමා පෙන්වා දෙන ලදී.


මෙමගින් එක්සත්ජාතීන්ගේ ක්‍රියාකාරීත්වය නව මගක් ගනු ඇත. ඒ සඳහා හිමිකාරිත්ව සහභාගීකත්වයක් සහ ක්‍රියාකාරී යොමුවක් සමාජයේ සෑම ස්ථරයකින්ම ලැබිය යුතුය. එවිට ඉදිරි සවර 15 දී කල්පවත්නා සංවර්ධනය ලෝක ව්‍යාප්ත යතාර්ථයක් කල හැකි වේ.

කල්පවත්නා සංවර්ධනය යනු කිසිවෙකු අත්හැර නොදැමූ සංවර්ධනය බව 2030 න්‍යායපත්‍ර ප්‍රතිඥාවේ අර්ථදැක්වීම බවත් එය ජූලි 11 – 20 දක්වා නිව්යෝර්ක් නුවර පැවැත්වෙන ඉහලම තලයේ දේශපාලන සමුළුව සඳහා මේ වසර වෙනුවෙන් තෝරාගත් තේමාව ලෙස න්‍යාය පත්‍රයේ සඳහන් බවත් ප්‍රකාශ විය.    

මීට අමතරව මෑතකදී යුරෝපා සංගමය විසින් රාජ්‍ය ආයතනවල විද්‍යාත්මක සොයාගැනීම් සියලු දෙනාටම නොමිලේ පරිහරණය කිරීමට ඉඩ සැලසිය යුතු බවට යෝජනා සම්මත වී තිබේ. එය විද්‍යාව ප්‍රජාත්‍රන්තකරණය වීමක් ලෙසද සැලකේ. වර්තමානයේ ඇතිවී තිබෙන මෙම තත්වය ශ්‍රී ලංකාව වැනි දියුණුවන රාජ්‍ය සදහා උපරිමයෙන් ප්‍රයෝජනය ගැනීමට අප සමත් වුවහොත් ශ්‍රී ලාංකික ප්‍රජාවගේ බිම්මට්ටමේ දුගීබව තුරන් කිරීමට  විද්‍යාව, තාක්ෂණය හා නව නිපැයුම්වල දේශීය වර්ධනයන් පමණක් නොව අන්තර්ජාතික දැණුම හා වර්ධනයන්ද උපයෝගී කරගත හැකි වේ.ඒ සදහා මෙරට දැනටමත් ක්‍රියාත්මක සමාජයේ පහළ ස්ථරයට විද්‍යාව, තාක්ෂණය හා නව නිපැයුම් පිළිබද දැණුම ඇතුළු ප්‍රතිලාභ ලබාදීමේ කාර්මික, කෘෂිකාර්මික, සෞඛයය, සනීපාරක්ෂක හා අධ්‍යාපනික උපදේශනයන්, දැනුවත්කිරීම් සහ තාක්ෂණ පැවරුම් වැනි වැඩ සටහන් පිලිබදව ලෝකයේ අවධානය යොමු කරවා ඒවා වඩාත් දියණු, කාලින හා කාර්යක්‍ෂම ලෙස ක්‍රියාත්මක කිරීම සදහා ජාත්‍යන්තර  සහයෝගය මෙන්ම උපකාරය ලබාගැනීමට මහා ලේකම්ගේ පණිවිඩය පරිදි අප සමාජයේ සෑම ස්ථරයක්මද යුහුසුළු විය යුතුය. ඒ සදහා සුදුසුම කාලය එළඹ තිබේ.


අන්තර්ජාල තොරතුරු ඇසුරෙනි. 

0 comments:

Post a Comment