June 13, 2016

ඌණ භාවිත පලතුරු වැඩිපුර පරිභෝජනය කරමු.

විශේෂයෙන්ම ආර්ථිකමය වශයෙන් වැඩි අවධානයට යොමු නොවූ (වාණිජවගාවක් නොවූනමුත් ස්වාභාවිකව වැවෙන , ජනතාව අතර එතරම් පරිභෝජනයකට ලක් නොවූ (වෙළපොලේ එතරම් දැකිය නොහැකි) එහෙත්  ඉහල පෝෂණ හා ඖෂධීය ගුණයෙන් අනූන දේශීය පලතුරු ඌන භාවිත පලතුරු ලෙස හැින්වේ.
    ස්වභාවික තත්ව යටතේ මෙම පලතුරු සාර්ථකව වැඩෙන අතර වස විෂවලින් තොර, රසයෙන් ගුණයෙන් ඉහල නිසා මේවා විශේෂ පලතුරු කාණ්ඩයක් ලෙස හැන්විය හැකමෙම පලතුරු ශ්‍රී ලංකාවේ දේශගුණික තත්ව වලට මනා ඔරොත්තු දීමේ හැකියාවක් ඇතඑබැවින් මෙම බෝග වැවීමේ දී රසායනික ද්‍රව්‍ය යෙදීම අවශ්‍ය නැත.
 ශ්‍රී ලංකාවේ බහුලවම දක්නට ලැබෙන ඌණ පලතුරු වශයෙන්, දිවුල්,අනෝදා,සියඹලා,වෙරළු,නෙල්ලි,බෙලි,උගුරැස්ස, ජම්බු ,වීර,පලු ,සැපදිල්ලා ,ගල්සියඹලා ,ලාවුළු ,මාදං,ගඩුගුඩා ,කාමරංගා සහ තවත් හුනාගත් පලතුරු බොහොමයක් වේ.
    
ඌණ භාවිත පලතුරු වල ඉහල පෝණ ගුණයක් පවතී.  ප්‍රධාන වශයෙන් සලකනු ලබන ප්‍රෝටීන ,කාබෝහයිඩ්‍රේට් සහ මේදයට අමතරව තන්තු සහ විවිධ විටමින් වර්ග රාශියක් අඩංගුය.  තවද, ප්‍රධාන විටමින් වලට අමතරව,ප්‍රෝටීන්,කැල්සියම්,පොටෑසියම්,යකඩ වලින්ද අනූන සේම  උසස් ඇමයිනෝ අම්ල රාශියක් මෙම පලතුරුවල අඩංගුය.  එබැවින් මෙ පලතුරු ,පලතුරක අගයටත් වඩා පරිපූර්ණ ආහාරයක් වශයෙන් හඳුන්වා දිය හැකිය.   මෙම පලතුරු බොහෝමයක ප්‍රතිඔක්සිකාරක සහ කෙඳි බහුලව අඩංගුය.  ඒවා මිනිස් ශරීරයේ සිදුවන විවිධ පරිවෘත්තීය ක්‍රියාවල දී විශාල මෙහෙයක් ඉටු කරයි.  පිලිකා,ආමාශ රෝග,හෘද රෝග සහ මලබද්ධය ඇතුළු රෝග ගණනාවකින් වැලකීමට මෙම ප්‍රතිඔක්සිකාරක උපකාරක වේ.  තවද මෙම පලතුරු වල විශේෂ ඖෂධීය ගුණයන් පැවතීම නිසා දේශීය වෛද්‍ය විද්‍යාවේ භාවිත කරනු ලබන බොහෝ ඖෂධ සහ ආහාර සඳහා මෙම පලතුරු භාවිත කරයි. ජනතාව වර්තමානයේ මෙම පලතුරු භාවිතයෙන් විව්ධ අගය එකතුකල නිෂ්පාදන වලට යොමු වී තිබේ.  ඒවා අතරින් පලතුරු බීම,කෝඩියල්,ජෑම් වර්ග,ජෙලි,ටොෆි,පලතුරු ලෙදර් ප්‍රධාන තැනක් ගනී.
    ආහාර සුරක්ෂීතතාවය ඇති කිරීමේදීත් ,ආහාර පරිභෝජනය කිරීමේදී සහ පෝෂණය ගැන සැලකීමේදීත්, ඌණ භාවිත පලතුරු වලට විශේෂ ස්ථානයක් හිමිවේ.  වර්තමාන මිනිසාගේ කාර්යය බහුල ජීවන රටාව සහ කෘෂි රසායනික මත පදනම් වූ ආහාර පරිභෝජන ක්‍රමය නිසා උද්ගතව ඇති සෞඛ්‍ය ගැටළු හමුවේ,  ආහාර හා පෝෂණ සුරක්ෂිතතාවය සහ නිරෝගිමත් ජීවිතයක් උදෙසා ඌණ භාවිත පලතුරු පරිභෝජනය කදිම විකල්පයකි.

ඒ.එම්.සී.එල්. සේනාධීර
විද්‍යා හා තාක්ෂණ නිලධාරි,


0 comments:

Post a Comment