March 6, 2017

ශාක තුළ විදුලි පරිපථ නිර්මාණය

ශාක පෘථිවියේ ජිවය පණගන්වයි. පොසිල ඉන්ධන නිර්මාණයේ පදනමට සහ ජිවින්ට ශක්තිය ලබා දීමට අවශ්‍ය මුලික ආහාර ප්‍රභවයන් ශාක විසින් ලබාදෙනු ලැබේ. පොසිල ඉන්ධන මගින් වත්මන් ලෝකයේ බලශක්ති අවශ්‍යතාවයද සපුරාලයි. එහෙත් පොසිල ඉන්ධන ලෙස බොහෝ කාලයකට පෙර මියගිය වනාන්තරවල අවශිෂ්ට දහනය කිරීම නිසා ලොව අනතුරුදායක ලෙස වෙනස් විය හැකිය. එනම් බලශක්තිය ලබා ගැනීම සදහා විකල්ප ලෙස ජිවය සහිත ශාක භාවිතා කිරීමට හැකිදැයි පරික්ෂා කිරීමේ විභවයක් මෙන්ම අවශ්‍යතාවයක්ද පැන නැගී තිබේ.

ඒසදහා ස්වභාවික බලශක්ති මධ්‍යස්ථාන බවට ජීවි ශාක සමුහ පරිවර්තනය කර ගැනීම එක් විකල්පයකි.එමගින් සුර්යාලෝකය වඩාත් කාර්යක්‍ෂමව ජීවි ශාක මගින් බලශක්තිය බවට පරිවර්තනය කළ හැකි වේ. බලශක්තිය ලබා ගත යුත්තේ විදුලිය ස්වරූපයෙනි. ඇත්තවශයෙන්ම  ජීවි ශාක වලින් බලශක්තිය විදුලිය ස්වරුපයෙන් ලබා ගැනීමේ ක්‍රමයක් අවශ්‍ය වේ. ශාක විසින් පොලොව යට තැන්පත් කර ඇති ඉලෙක්ට්‍රොන ලබා ගැනීමේ ක්‍රමවේදයක් එක් සමාගමක් විසින් හදුනාගෙන තිබේ. ඊටත් වඩා දියුණු ආකාරයකට පින්ලන්තයේ කරන ලද නව පර්යේෂණ මගින් ශාක වල අභ්‍යන්තර ව්‍යූහය විදුලි පරිපථවලට පරිවර්තනය කර සෘජුව ශාක වලින් බලශක්තිය ලබා ගැනීමට උත්සහ කරතැයි වාර්තාවේ.

ජලය පිරුණු නාල හෙවත් “xylem elements (ශෛලමය මුලද්‍රව්‍ය)” වලින් ශාක සමන්විත වේ. මෙම සියුම් නාල හරහා ජලය මෙන්ම පෝෂ්‍ය කොටස් සහ රසායනික සංඥා වැනි වෙනත් දේ ශාකය තුළ සංසරණය වේ. මෙම ලක්ෂණය ප්‍රයෝජනයට ගෙන විදුලිය ගබඩා කළ හැකි සහ විදුලි සන්නයන කළ හැකි අමුද්‍රව්‍යක් නිර්මාණය කිරීමට සුදුසු රසායනික ද්‍රව්‍යයක් රෝස කැබැල්ලකට කැවීම මගින් ශාක තුළ විදුලි පරිපථ නිර්මාණය කිරීමට පින්ලන්ත පර්යේෂකයන් සමත් වූ බව PNAS සගරාව ප්‍රකාශයට පත් කර තිබේ.

මින් පෙර කරන ලද පර්යේෂණ වලදී ශෛලමය/ xylem/ ශාකය අභ්‍යන්තර නාල  තුළ සන්නයන රැහැන් නිර්මාණය කිරීමට PEDOT නමැති රසායණිකය භාවිතා කර තිබේ. එහෙතේ PEDOT ශාක තුළ ගැඹුරට විහිදී නොගියේය. එනිසා නව පර්යේෂණ මගින් ETE-S නම් අණුවක් පර්යේෂකයෝ නිර්මාණය කළෝය. නව ETE-S අණුව ශාකය තුළදි පෙර පරිදිම විදුලි සන්නායකයක් බවට පරිවර්තනය වු අතර ඊට අමතරව xylem තුළින් ජලය ගමන් කරන ඕනෑම තැනකට ETE-S ද ගමන් කළේය.

මෙලෙස සිදුවන ගලනය ජල අණුවල ආකර්ෂණය නිසා සිදුවේ. ශාක පත්‍ර වලින් ජලය වාෂ්ප වන විට ජල අණු තමා පිටුපස ඇති ජල අණු දම්වැල ඉහළට අදිනු ලැබේ. එමගින් ශාක මුල් වල ඇති ජලය පවා පත්‍රවලට ඇදගැනීමට හැකි වේ. ශාක කැබැල්ලක් ආහාර වර්ණකයක් තුළ තැන්පත් කළ විට වර්ණකය ශාකය තුළ ඇති xylem මගින් ගමන් කරන අයුරු ඔබට වුවද දැක ගත හැකිය. එලෙසම වර්ණක භාවිතා කර ETE-S මගින් ගොඩනැගුණු විදුලි සන්නායකය xylem ඔස්සේ ශාකය තුළ කොපමණ දුර ගමන් කර ඇත්දැයි සොයා ගැනීමද පහසු වේ.


අන්තර්ජාලයේ පිළිගත් විද්‍යා ප්‍රභව ඇසුරෙණි. 

සකස්කළේ : හර්ෂ ලංකේශ්වර , විද්‍යා හා තාක්ෂණ නිලධාරි
https://youtu.be/YATLxSw7BNE?t=50

0 comments:

Post a Comment