March 28, 2017

මහා පරිමාණයෙන් කෘතීම රුධිර නිෂ්පාදනය

ගතවන සැම විනාඩියකදීම ලොව මිනිසුන් විශාල ප්‍රමාණයකට රුධිරය ලබාදීම සිදු වේ. හදිසි අනතුරු, සැත්කම් සහ රුධිරය ආශ්‍රිත බොහෝ රෝග නිසා ප්‍රදානය කළ යුතු රුධිර අවශ්‍යතාවය ඉහළ මට්ටමක පැවතියද රුධිර පරිත්‍යාගය එතරම් ඉහළ මට්ටමක නොපවතියි. එනිසා ඇතිවූ විශාල රුධිර හිගය පිරවීම සදහා බොහෝ කාලයක සිට කෘතීම රුධිරය නිෂ්පාදනය සදහා විවිධ ක්‍රම භාවිතා කළද ප්‍රමාණවත් ප්‍රථිපල ළගාකර ගත නොහැකි වී තිබේ.

Bristol විශ්ව විද්‍යාලයේ සහ NHS රුධිර පාරවිලයන ආයතනයේ පර්යේෂණ කණ්ඩායමක් මෙම ගැටලුවට විසදුමක් ලෙස මහාපරිමාණයෙන් කෘතීම රුධිරය නිපදවිය හැකි තාක්ෂණයක් සොයාගෙන තිබේ. රුධිරය අසීමිතව සැපයීමට හැකි ලෙස රතු රුධිර සෛල විශාල වශයෙන් නිපදවීමට ඔවුහු සමත්වුහ. කෘතීම රතු රුධිරය නිපදවිමේ ක්‍රමයක් දැන් නිර්මාණය වී ඇති නමුත් රුධිරය මහාපරිමාණ නිෂ්පාදනාගාර නිර්මාණය වීමද මේ සදහා අත්‍යාවශ්‍ය වේ.

පෙර පැවති කෘතීම රුධිරය නිෂ්පාදන ක්‍රමවේදය විශ්වාෂ කළ නොහැකි ලෙස අකාර්යක්ෂම බව වාර්තා වේ. එහිදී STEM (ස්ටෙම්) සෛල ලබාගෙන ඒවා සෘජුව රතු රුධිර සෛල බවට පරිවර්තනය වීම සදහා පෙළඹවීමට කටයුතු කරන ඇත. රුධිර පාරවිලයනය සදහා රුධිර සෛල ට්‍රිලියන ප්‍රමාණයෙන් අවශ්‍ය නමුත් මෙම ක්‍රමයෙන් නිර්මාණය කර ගත හැකිවී ඇත්තේ රුධිර සෛල 50,000 ක් පමණි. එය කිසිසේත් ප්‍රමාණවත් නොවේ.

නව තාක්ෂණය මගින් immotalized erythroid cell (අමරණිය එරිත්‍රොයිඩ් සෛල) පේලියක් සංවර්ධනය කිරීම මගින් රතු රුධිර සෛල විශාල ප්‍රමාණයක් නිෂ්පාදන හැකියාව ලැබී තිබේ. ලීටර ගණන් රුධිරය නිපදවීමට ඔවුන් දැනටමත් සමත්වී ඇති බවද වාර්තාවේ. වර්ධනයේ මුල් අවස්ථාවේ ඇති ස්ටෙම් සෛල හසුකර ගැනීම නිසා ඒවා පලදායී ලෙස අමරණිය විය. මේවායින් ලබාගත් සාම්පල භාවිතා කර අවශ්‍ය රතු රුධිර සෛල ලබාගැනීමට හැකිවී තිබේ.

සැම නව තාක්ෂණයන් මෙන්ම මෙයද දැනට වියදම් අධික තාක්ෂණයක් බැවින් ඉතා සීමිත සමහර රුධිර වර්ග කෘතීමව නිර්මාණය සදහා මුලින් යොමුවනු ඇතැයි  අපේක්ෂා කෙරේ.

අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ;

හර්ෂ ලංකේශ්වර 

0 comments:

Post a Comment