March 17, 2017

මතක ගබඩාව සඳහා පරමාණුව භාවිතය

ඉලෙක්ට්‍රොනික උපකරණවල  තොරතුරු ගබඩා කිරීමේ ක්‍රමය විප්ලවයකට බුන් කළ හැකි සුවිශේෂී ජයග්‍රහණයක් ලබා ගැනීමට පර්යේෂකයන් සමත් වි ඇති බව වාර්තා වේ.

Natureරාවේ පළ කර ඇති වාර්තාවකට අනුව මෙම නව ක්‍රමය පිළිබඳව පර්යේෂකයන් තොරතුරු ඉදිරිපත් කර තිබේ. පළමුව මැග්නීසියම් ඔක්සයිඩ් හි හොල්මියම් (holmium) පරමාණු තැන්පත් කර පසුව scanning tunneling microscope (සුපරික්ෂණ උමං අන්වීක්ෂ) භාවිතා කර සෑම එක් පරමාණුවකටම විදුලි ධාරාවක් ලබා දීම මෙහිදි සිදු කර ඇත. එමගින් පරමාණුවේ  චුම්බක දිශාව වෙනස් කිරීමට පර්යේෂකයෝ සමත් විය.

එනම් හොල්මියම් පරමාණුව උඩු යටි මාරු කිරීමට බඳුන් කළ හැකි වේ. මෙම ක්‍රියාව පරිගණක වල “0” හා “1” බිට් ක්‍රියාවට සමානය (බිට් හරහා විදුලිය ගමන් කිරීම හෝ නොකිරීම ලෙස වෙනස් කොට හදුනාගැනීම) පරිගණක හා ජංගම දුරකථන වල වර්තමානයේදි ඇති සමාන්‍ය චුම්භක ගබඩා වල මිලියන ගණනක පරමාණු තිබෙන අතර මේවායේ  ගතිලක්ෂණද ස්ථාවර දෙකකින් දැක්වීමට හැකි ලෙස වෙනස් කළ හැකිය. වැදගත් දෙය නම් සථාවර දෙක  ලබා දීම පමණක් නොව එම ස්ථාවර දෙක නැවත වෙන් වෙන්ව හඳුනාගැනීමට ද හැකිවීමයි. 

හොල්මියම් පරමාණු වලට ක්වොන්ටම් යාන්ත්‍රණයේ බලපෑමක් නොමැති බව හා ඒ මන්දැයි සොයා බැලිය යුතු බව පර්යේෂණ කණ්ඩායමේ සම කතෘ හා මූලික විද්‍යා ආයතනයේ ක්වොන්ටම් නැනෝ විද්‍යා මධ්‍යස්ථාන අධ්‍යක්ෂ Andreas Heinrich ප්‍රකාශ කරයි. තවද හොල්මියම් පරමාණු එකිනෙකට ඉතාමත් ආසන්නව (ළගින්) ඇසුරුම් කළ හැකි වීම නිසා වැඩි ධාරිතාවක් සහිත සියුම් ගබඩා පද්ධතිය නිර්මාණය කළ හැකි වේ. මෙම සොයා ගැනිම මඟින් වාණිජ ගබඩා මාධ්‍යය ක්ෂුද්‍රගත දත්ත ගබඩා දක්වා ව්‍යාප්තවීමට අවශ්‍ය සොයා ගැනීම් වලට මඟ පැදිය හැකි බව Heinrich තවදුරටත් ප්‍රකාශ කරයි.

පරමාණුක ගබඩාකරණය සෑම මාස 18 කට වරක්ම වේගය දෙගුණ වන දැනට පිළිගත් දත්ත ගබඩා කිරීම ක්‍රම නව සොයාගැනීම  නිසා විප්ලවයකට භාජනය වී ඉලෙක්ට්‍රොනික උපකරණ වඩා තරඟකාරි වීම සඳහා ක්වොන්ටම් තාක්ෂණයට යොමුවනු ඇතැයි අපේක්ෂා කෙරේ. 

අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ :

හර්ෂ ලංකේශ්වර, විද්‍යා හා තාක්ෂණ නිලධාරි 

0 comments:

Post a Comment