March 10, 2017

ප්‍රතිකාර සහ රෝගී තත්ව කළමනාකරණයට පරිගණක ක්‍රමලේඛ

සෞඛ්‍ය ආරක්ෂණයේ අනාගතය ඔබගේ සාක්කුවේ විය හැකිය. වෛද්‍යවරු මුණගැසීම සීමා කිරීම සඳහා නිවසේදීම තම සෞඛ්‍ය තත්වය නිරීක්ෂණය කර වෛද්‍ය මධ්‍යාස්ථාන වලට වාර්තා කිරිමේ පරිගණක ක්‍රමවේද දෙකක් ක්‍රියාත්මක කිරීමට එංගලන්තයේ ජාතික සෞඛ්‍ය සේවාවේ සෞඛ්‍ය මධ්‍යස්ථාන 04 කටයුතු කරමින් සිටියි.

දැනටමත්, පරීක්ෂණ මට්ටමින් එක් පරිගණක ක්‍රමවේදයක් එක්සත් රාජධානියේ Oxfordshire හි රෝහල් 04 ක ක්‍රියාත්මක වේ. රෝගීන්ගේ තොරතුරු Smart phone සහ ටැබ්ලට් (Tablet) මඟින් සෘජුව සායන වෛද්‍යවරු වෙත යොමු කිරීම මෙහිදී සිදුවේ. දුරස්ථ වෛද්‍ය විද්‍යාව හා e සෞඛ්‍ය සඳහා වූ වෛද්‍ය සභාවේ රාජකීය සමාජයේ සාමාජික Ilan Lieberman පවසන පරිදි මෙම ක්‍රමය නිදන්ගත රෝග කළමනාකරණය සඳහා විශාල බලපෑමක් සිදු කරනු ඇත.

ගැබිණි මව්වරුන් 10 න් 1 කට බලපාන ගර්භනී අවස්ථාවල ඇතිවිය හැකි දියවැඩියාව සඳහා ප්‍රතිකාර කිරීම කළමනාකරණය සදහා උපකාර වන  පරිගණක ක්‍රමවේදයක් ලෙස මෙම GDm– health හඳුන්වා දී තිබේ. එහිදී ගැබිණි මව්වරුන් රුධිරයේ ග්ලූකෝස් මට්ටම පිළිබඳ නිවසේදී ලබා ගන්නා දත්ත Smartphone මඟින් අදාල දියවැඩියා සායන මධ්‍යාස්ථාන වෙත යොමු කෙරේ. දියවැඩියා මධ්‍යස්ථානයේ වින්නඹුමාතාවන් මෙම තොරතුරු ජාලය පරික්ෂාකර අවධානය යොමු කළ යුතු රෝගී ගැබිණි මව්වරුන් කවුරුදැයි හඳුනාගනී. ඒ අනුව අවධානමක් නොමැති ගැබිණි  මව්වරුන් වෛද්‍යවරුන් මුණ ගැසීම බොහෝ දුරට සීමා කළ හැකිය. එනම් එය  25% දක්වා අඩු කළ හැකිබව Oxford විශ්වවිද්‍යාලයේ ජෛව ඉංජිනේරු අංශයේ Lionel Tarassenko  ප්‍රකාශ කරයි. රාජකීය Berkshire ජාතික සෞඛ්‍ය මධ්‍යාස්ථානයෙහි වර්ෂ දෙකක කාලයකට ක්‍රියාත්මක කෙරෙන මෙම පරිගණක ක්‍රම ලේඛයේ ප්‍රධානියා Lionel වේ. 
  
පෙනහළු අවහිර කරන නිදන්ගත් රෝගයක් වූ chronic obstructive pulmonary disease(COPD) කළමනාකරණය සදහා Oxford විශ්ව විද්‍යාලයේ ජෛව ඉංජිනේරු ආයතනය විසින් සංවර්ධනය කළ පරිගණක ක්‍රමලේඛයක් Drayson තාක්ෂණික ආයතනය ක්‍රියාත්මක කරයි. තවද ආරෝග්‍ය ශාලාවේදී සාත්තු සේවිකාවන් විසින් රෝගීන් නිරීක්ෂණය කර ලබාගන්නා දත්ත පරිගණකයට ලබාදි පරිගණක ක්‍රමලේඛ මගින් එම දත්ත ස්වයංක්‍රියව විශ්ලේෂණය කර රෝගියාගේ අසාධ්‍ය තත්ව වාර්තා කිරීමේ SEND නම් ක්‍රමයක්ද ක්‍රියාත්මක කිරීමට සුදානම් කර තිබේ.  

අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙණි.   

සකස්කළේ : හර්ෂ ලංකේශ්වර , විද්‍යා හා තාක්ෂණ නිලධාරි

0 comments:

Post a Comment