අප වැඩි දෙනෙකු දකුණත්
වේ. එහෙත් අප අතර සිටින තවත් සෑහෙන පිරිසකට හුරුව ඇත්තේ වමතයි. කාලයක සිටම හුරුවීමට
අප දැක්වූ කැමැත්ත හෝ උපතින්ම ලැබුණු ස්නායු රැහැන් වල යම් විශේෂත්වයක් නිසා මෙලෙස
වමත හෝ දකුණත හුරුවීම සිදුවූයේද? අපගේ කේන්දරවලද සදහන්ව නැති මෙම වමත හෝ දකුණත හුරුවීමෙන් සුවිශේෂී හැකියාවන්
ඇතිවේද?
eLife සගරාවේ පළකර ඇති
නවතම අධ්‍යනයකට අනුව වමත හෝ දකුණත හුරුවීමට මොළයේ හෝ ස්නායු වර්ධනයේ සම්බන්ධතාවයක්
නොමැති බව පැහැදිලි වේ. එහෙත් මෙම වෙනස් වීම සදහා ඉපදීමට පෙර සිට ජෛව ක්‍රියාවලිය
තුළ වූ සහජය බලපා ඇතැයි වාර්තා වේ. එනම් එය මොළයේ නොව කශේරුකාවේ ජාන ක්‍රියාවලියක
විශේෂ කැළඹීමකි.
Ruhr විශ්ව විද්‍යාලයේ
ජෛව-භෞතිකවේදියකුගේ මුලිකත්වයෙන් යුත් මෙම පර්යේෂක කණ්ඩායම ජර්මනිය, නෙදර්ලන්තය සහ
දකුණු අප්‍රිකාව යන රටවල සාමාජිකයන්ගෙන් සමන්විතය. ගර්භාෂය තුළ වැඩෙන බිළිදුන්ගේ
සුසුම්නාව වර්ධනය සිදු කරන ජාන ප්‍රකාශන සම්බන්ධව මෙම පර්යේෂක කණ්ඩායම ඉතා
සුපරික්ෂාකාරිව නිරීක්ෂණය කර තිබේ. ගර්භානිභාවයේ අටවන සහ දොලස්වන සතිය ඇතුලත කාලය
මෙහිදී ප්‍රධාන කොට සලකා ඇත. මුල සුසුම්නාවේ ක්‍රියාකාරිත්වය මෙමගින් හදුනාගැනීමට
උත්සහ කර ඇති අතර එහිදී යම් අසමමිතිකතාවක් එහි ක්‍රියාත්මක වන බව පැහැදිලි වී
තිබේ.
පෙර හදුනාගෙන නොතිබුණු
මෙම නව ක්‍රියාකාරිත්වය ශරීරයේ චලනය කෙරෙහි මොළයේ බලපෑම ආරම්භ වීමට බොහෝ කාලයකට
පෙර සිදුවේ. එය සත්‍යලෙසම කශේරුකාවට සම්බන්ධය. හස්තය, පාදය සහ බාහු වලට විදුලිය
සම්ප්‍රේෂණය කිරීම සදහා සුසුම්නාවේ කොටස් මධ්‍යගතව වග කියනු ලැබේ. මෙහිදී ගොඩනැගෙන
අසමමිතිය වමතින් හෝ දකුණතින් ලිවීමට පද්ගලයකු යොමු වීම අර්ථ නිරුපනය කෙරේ.
තවද සමමිතිකත්වය සදහාද
හේතුව පර්යේෂණ කණ්ඩායම සොයාගෙන තිබේ. ඒ සදහා සාමාන්‍ය ප්‍රවේනි ජාන වෙනස්කම් හෝ
ඌරුව බල නොපාන බවත් ගර්භාෂය තුළ බිළිදාගේ වර්ධනය සිදුවන කාලය තුළ මුහුණදෙන පාරසරික
සාධක බලපාන බවත් පර්යේෂක කණ්ඩායම ප්‍රකාශ කරයි. මෙම පාරසරික සාධක සම්පුර්ණයෙන්
හදුනාගෙන නැති නමුත් වර්ධනය වන බිළිදා වටා එන්සයිම ක්‍රියාකරන ආකාරය වැදගත් බව
හදුනාගෙන තිබේ.
අන්තර්ජාලයේ පිළිගත්විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙණි.
සකස්කළේ : හර්ෂ ලංකේශ්වර , විද්‍යා හා තාක්ෂණ නිලධාරි
0 comments:
Post a Comment