March 3, 2017

වාෂ්ප වන ජලය සහ රහස් සංකේත තුල සැඟවුණු සත්‍යය

සමහර මිනිස්සු බුලත් කොළය තුලින්ද අනාගතය දකිති. David Simmon Duffin උතුරණ ජලය පිළිබඳව වඩා විමසිලිමත් විය. උතුරණ ජලය ද්‍රව අවස්ථාවේ සිට වායු අවස්ථාවට පරිවර්ථනය වීම සඳහා ජල අණුවල පොරකෑමේ ක්‍රමවේදය  ගණිතමය ගැටළුවක් ලෙස සැලකීමට ඔහුට අවශ්‍ය විය. එහෙත් න්‍යායාත්මක භෞතිකවේදීයෙක් වු ඔහුට එය පහසු කටයුත්තක් නොවීය.මෙවැනි සංසිද්ධි සම්බන්ධව අසාමාන්‍ය අයුරින් කරන සියලු සොයාබැලීම් වලදී මතුවන ඒකාබද්ධ ගණිතමය රටාවන් විශ්වය සම්බන්ධ ගැඹුරු ගැටළු විග්‍රහය සඳහා ප්‍රයෝජනවත් වේ යයි ඔහුගේ උපකල්පනයයි.

උතුරණ ජලයෙන් හොඳ තේ කෝප්පයක් සාදාගෙන රසවිඳිනු මිස ඒ ගැන වෙන කුමන කතාද ? එහෙත් එම සංසිද්ධිය කෙරෙහි ගැඹුරට කිමිදි බැලීම මඟින් ජලය කෙසේ උතුරණ ස්වරූපයට මාරුවේද ? එහිදි කුමන  රටාවන් මතුවේද ? එම රටාව මඟින් සියළු පදාර්ථ තම ස්වරූපය වෙනස් කරගන්නා ආකාරය හඳුනාගත හැකි වේද ? පදාර්ථ චුම්බක හෝ අධි සන්නායක වීම ඉලෙක්ට්‍රොන වල සාමුහික ස්වභාවික ගුණ නිසා සිදුවේද?  නැතිනම් සෑම පදාර්ථයක්ම ස්කන්ධය ලබා ගන්නා සංකීර්ණ අන්තර් ක්‍රියාවක්ද? මෙවැනි බොහෝ නොවිසිඳුණු ගැටළු මේ හා සමාන ගණිතමය න්‍යායයකින් ක්‍රියාත්මක වේද ?

ඒ අනුව උතුරණ ජලය සංසිද්ධිය සදහා  ගණිතමය සංකේතනයක් සොයාගත හැකි නම් කාර්යක්ෂම චලනය සහ ඉලෙක්ට්‍රෝන විද්‍යාව මගින් ගුරුත්වය පිළිබඳ නව ප්‍රභාමවත්, කොන්ටම් න්‍යායකට පමණක් නොව එය ඉහත ගැටළු විසදීම සදහාද යම් ආකාරයකින් දායක කර ගත හැකිය. නිව් ජර්සි Princeton හි පිහිටි උසස් අධ්‍යයනයන් සඳහා වු ආයතනයේ Simmon – Duffin සහ ඔහුගේ පර්යේෂණ කණ්ඩායම මෙම ක්‍රියාව සදහා ගණිතමය සංකේතනයක් හෙවත් ගණිතමය ස්වරුපයේ න්‍යායාත්මක ප්‍රකාශයක් සොයාගත් බව ප්‍රකාශ නොකරන නමුත් ඔව්හු පරම්පරා කිහිපයක පරීක්ෂණයන්ට වඩා පියවර කිහිපයක් ඉදිරියෙන් සිටින බව ප්‍රකාශ වේ. 

මෙම තත්වය  පිළිගැනීම සඳහා ශතවර්ෂයකට පෙර මතු වු ගැටළුවකට මූලික වූ හේතුව ප්‍රයෝජනයට ගෙන තිබේ. භෞතිකඥයින් සරලභාවයට බොහෝ කැමතිය. ඔවුන්ගේ ශික්ෂණය නම් ලොව තුල සිදුවන යම් ක්‍රියාවක් තියුණු ලෙස නිරීක්ෂණය කර එම ක්‍රියාව පාලනය වන ගණිතමය න්‍යායක් නිර්මාණය කිරීමයි.උදාහරණයක් ‍ලෙස ග්‍රහලෝකවල පරිභ්‍රමණය සම්බන්ධව පැවති දත්ත සම්බන්ධ කර ගණිත න්‍යායන් තුනක් Johannes Kepler විසින් බෙහෝ කලකට පෙර අතිශය නිවැරදි ලෙස ඉදිරිපත් කිරීම සැලකිය හැකිය.  
     

අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙණි.  
 සකස්කළේ : හර්ෂ ලංකේශ්වර , විද්‍යා හා තාක්ෂණ නිලධාරි

0 comments:

Post a Comment