March 29, 2017

අධිමානුෂික පෙනීම සදහා විශේෂ කණ්නාඩි

සමාන වර්ණ වල ඇති ඉතා සියුම් වෙනස්කම් මිනිස් ඇසට හඳුනා ගැනීමට නොහැකිය. අධි මානුෂික පෙනීම සඳහා නිපදවු නවතම කණ්නාඩි යුගලය භාවිතයෙන් වර්ණවල ප්‍රභේද වඩාත් පැහැදිලිව දැකිය හැකි වේ. එනම් නුදුරු දිනෙක ව්‍යාජ මුදල් නෝට්ටු හෝ මුළා කිරීම් සඳහා කළ වර්ණ හඳුනාගැනීම පහසු කාර්යයක් වනු ඇත.

Wisconsin-Madison විශ්ව විද්‍යාල පර්යේෂක කණ්ඩායමක් නිර්මාණය කරන ලද මෙම කණ්නාඩි යුගලය නිසා භාවිතා කරන්නාගේ වර්ණ දැක්ම සුවිශේෂ ලෙස වර්ධනය කළහැකි වී තිබේ. එකම වර්ණයක් ලෙස සාමාන්‍ය ඇසට පෙනුණද එම වර්ණයන් විසින් ආලෝකයේ විවිධ තරංග ආයාමයන්ගෙන් නිකුත් කරන ව්‍යාවසවික වර්ණ වෙන්ව හදුනාගැනිමට මෙමගින් හැකිවේ.

මිනිසාගේ වර්ණ දැක්ම කෙටි (නිල්), මධ්‍යම (කොළ) හා දිගු (රතු) තරංග ආයාමයන්ට ප්‍රතිචාර දක්වන කේතුක සෛල මත රඳා පවති. සමහර සතුන්ට මෙවැනි කේතුක හතරක් තිබේ. උදාහරණයක් ලෙස ගෝල්ඩ්ෆිෂ් මාළුවාට රතු, නිල්, කොළ, සහ පාරජම්බුල වර්ණ සඳහා කේතුක සෛල තිබේ.

එනම් වර්ණ තුනක් පමණක් භාවිතා කරන මිනිසාගේ ත්‍රිවර්ණ දාෂ්ඨිය සමහර සතුන්ට ඇති චතුර්වර්ණ දෘෂ්ඨිය දක්වා දියුණු කළ හැකිවේද? එවන් එක් කේතුක සෛලයක් එක් කිරීමෙන් මිනිස් ඇස රැවටිය හැකිද? යන්න මෙම පර්යේෂණයේ නියමු භෞතිකවේදී Mikhail Kats  ගේ අවධානයට යොමු වී තිබේ.

නව අධි මානුෂික පෙනීම සඳහා වු විශේෂ කණ්නාඩි යුගලය නිපදවීම සඳහා Kats සමඟ වු කණ්ඩායම, වර්ණ ප්‍රේරක දෙකක් නිර්මාණය කරන ලදි. මේවා මඟින් නිල් ආලෝක වර්ණාවලියේ සමහර කොටස් ඉවත් කළ හැකි වීම නිසා සෑම ඇසකටම ඉතා තියුණු ලෙස වෙනස් නිල් වර්ණාවලියේ තොරතුරු ලබා ගත හැකි විය. ඕනෑම විචක්ෂණ වෙනසක් වඩා වැඩියෙන් ප්‍රඥාපනය වන බවට වු කණ්ඩායමේ උපකල්පනය මෙහිදි නිවැරදි විය.

පරිගණකය හෝ smart phone තිරයේ දිස්වන ජීවමාන ඇසට එක සමාන වූ වර්ණ වල වුවද ඇති වෙනස්කම් නව කණ්නාඩිය පැළඳීමෙන් පැහැදිලිවම දැක ගන්නා ලදි.     

අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ:
හර්ෂ ලංකේශ්වර   

https://youtu.be/655rXzKcuFk

0 comments:

Post a Comment