March 24, 2017

ශරීරය ශීතලව හෝ උණුසුම්ව තබා ගැනීමට අත් පළඳනාවක්

වර්තමානයේදී භාවිතා වන වායු සමීකරණ මඟින් ගෘහස්ථ අවකාශවල මිනිසුන්ට සුවදායක උෂ්ණත්වයක්  රඳා පවත්වා ගැනීම සඳහා විශාල විදුලි බලශක්තියක් අවශ්‍ය වේ. විශේෂයෙන් උෂ්ණත්වය ඉහල රටවල් ලෙස සැලකෙන ඉන්දියාව හා බ්‍රසීලය සඳහා විශාල බලශක්තියක් අනාගතයේදී අවශ්‍ය වනු ඇත්තේ වේගයෙන් දියුණුවන මෙම රටවල 2% ක් හා 11% ක් වු වත්මන් වායු සමීකරණ භාවිතය ඇමෙරිකා එක්සත් ජනපදයේ භාවිතය වන 16.5% දක්වා වැඩි වීමට ඉඩ ඇති බැවිනි.

මේ කරුණු වලින් සනාථ වන්නේ මිනිසාට සුවදායක උෂ්ණත්වයක් පවත්වාගෙන යෑම සඳහා වායුසමීකරණ තාක්ෂණය වඩාත් කාර්යක්ෂම වීම හෝ වෙනස් වීමකට භාජනය වීම් සිදුවිය යුතු බවයි. කෙසේ වෙතත් MIT ආයතනයේ ශිෂ්‍ය කණ්ඩායම විසින් සාමාන්‍ය ලෙස වායු සමීකරණ මඟින් කාමර උෂ්ණත්වය පාලනය කිරීම වෙනුවට මිනිස් ශරීරයේ උෂ්ණත්වය සෘජුව අඩු වැඩි කිරීම සඳහා තාක්ෂණ ක්‍රමවේදයක් ඉදිරිපත් කර තිබේ.

මෙම නිර්මාණ කණ්ඩායමේ නියමු Sam Shames පවසන්නේ ඔහුගේ මවට වායුසමීකරණයේ උෂ්ණත්වය අඩු කිරීම අවශ්‍ය නමුත් තමා වැඩි උෂ්ණත්වයකට කැමති බැවින් වායු සමීකරණය භාවිතයේදි ගැටළු ඇති වු හෙයින් මෙවැනි පුද්ගල මට්ටමේ තාක්ෂණයකට තමා යොමු වු බවයි.
විදුලි වළයාභරණයක් (වළල්ලක් / bracelet) වු ඔවුන් නිපදවූ නව උපකරණය Wristity ලෙස හඳුන්වන අතර එය පැළඳ සිටින්නාගේ උෂ්ණත්වය නියාමනය කරයි.පුද්ගලයාගේ අවශ්‍යතාවයට අනුකූල ලෙස උණුසුම හෝ ශීතල තත්වය ලබාදීම සදහා සම මත නාඩි (ස්පන්දන) වෙනස් කිරීම මෙමඟින් සිදුවේ. මෙම තාක්ෂණයේ මූලාකෘති නිරිමාණයට 2016 වසරේ පාසැල් මුලද්‍රව්‍ය විද්‍යාව හා ඉංජිනේරු වැඩසටහන මඟින් පැවැත්වු තරඟයෙන් ප්‍රථම ස්ථානය හිමි වී තිබේ.

මිනිස් සිරුර සහ මිනිස් සම උෂ්ණත්වමානයක් ලෙස ක්‍රියා නොකරයි.යම් වෙනස් උණුසුමක් හෝ  ශීතලක් සාමාන්‍ය උෂ්ණත්වයේ පවතින මිනිස් සිරුරට දැනුන විට ඒ සඳහා ක්ෂණික ප්‍රතිචාරයක් දක්වා පසුව ශරීරය එම උෂ්ණත්වයට හුරු වේ. ඔබ ශීතල ජලාශයකින් ස්නානය කරන විටද සිදුවන්නේ එයයි. ජලය මුල්වරට ශරීරය ස්පර්ශ කරන විට තද ශීතලක් දැනෙන නමුත් පසුව එය පහව යයි. මෙම ප්‍රායෝගික තත්වය භාවිතය කරමින්  Wristity උපකරණය ශරිරයට ශීතලක් හෝ උණුසුමක් එකවරක් නොව නැවත නැවත එක දිගකට ඉතා සුළු කාල පරාසයක් තුල දැනවීමට කටයුතු කරයි. එනම් මෙය පුද්ගලයා නිතර නිතර අඛණ්ඩව ශීතල හෝ උණුසුම් ජලයේ ගිලීමට සමාන වේ.

අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ :

හර්ෂ් ලංකේශ්වර  

1 comments:

Post a Comment