June 20, 2017

DIGITAL ELECTRONIC TECHNOLOGY : මද 18ක් ඇති අලුත්ම Core i9 ප්‍රොසෙසරය

2017 කොම්පියුටෙක්ස් පරිගණක තාක්ෂණ ප්‍රදර්ශණයේදී ඉන්ටෙල් සමාගම Core X සන්නාමයෙන් යුතු අලුත්ම ප්‍රොසෙසර් කාණ්ඩයක් හඳුන්වාදුන්නා. 4K ගේම් හා වීඩියෝ සඳහා, අධික වේගයෙන් HD වීඩියෝ සංස්කරණය සඳහා මෙන්ම වෙනත් අධික ප්‍රොසෙසර් බලයක් අවශ්‍ය කටයුතු සඳහා වේගවත් අධිබල ප්‍රොසෙසර් කාණ්ඩයක් ලෙසයි මෙම ප්‍රොසෙසර් වෙළඳපොලට ඉදිරිපත් වන්නේ.

Core X කාණ්ඩයේ පලමු ප්‍රොසෙසරය ලෙස කෝර් 9 අයි ප්‍රොසරය වෙළඳපොලට ඉදිරිපත් වනවා. මෙය ඉන්ටෙල් සමාගමේ ප්‍රධාන ප්‍රොසෙසර් තරඟ කරුවා වන AMD සමාගමේ අධිබල Ryzen ප්‍රොසෙසර් කාණ්ඩය හා කෙළින්ම තරඟයට ඉදිරිපත් කර තිබෙනවා.


Core i9
ප්‍රොසෙසර් කාණ්ඩයේ ප්‍රධානම විශේෂත්වයන් මෙලෙස හඳුනාගත හැකියි.

Processing Core හෙවත් දත්ත සැකසුම් ඒකක 18ක් සහිත අධිබල ප්‍රොසෙසරයක් i9 කාණ්ඩයට ඇතුලත්. එතරම් අධිබලයක් (හා වැඩිමිලක්) අනවශ්‍ය අයට සැකසුම් ඒකක 10, 12, 14 හා 16ක් ඇති i9 ප්‍රොසෙසර්ද වෙළඳපොලට නිකුත් කරනු ඇති.

මෙම ප්‍රොසෙසර් කාණ්ඩයේ සියලුම ප්‍රොසෙසර් වලට ඉන්ටෙල් සමාගමේ Turbo Boost 3.0 තාක්ෂණය ඇතුලත් කොට තිබෙනවා. ටර්බෝ බූස්ට් 3 තාක්ෂණයෙන් තාවකාලිකව ප්‍රොසෙසරයේ දත්ත සැකසුම් වේගය (clock speed) විශාල ලෙස වැඩිකල හැකියි. මෙලෙස වේගය වැඩිකිරීමේදී ටර්බෝ බූස්ට් තාක්ෂණයේ ආධාරයෙන් ප්‍රොසෙසරය අධික ලෙස රත්වීම වලක්වනවා. 

මෙම ප්‍රොසෙසර් කාණ්ඩයේ ඇති හැකියාවන්ගෙන් උපරිම ප්‍රයෝජන ලබාදෙන X299 motherboard chip-set නම් සහයක මයික්‍රෝපරිපථද මෙම ප්‍රොසෙසරය සමගම එලිදැක්වීම නිසා තමන්ගේ පරිගණක එකලස්කර ගැනීමට කැමති  අයට අවශ්‍ය ආකාරයට customize කල Core i9 පරිගණක තනාගත හැකියි.


උපුටා ගැනීම සදහා කතෘ අවසරය ලබා දී ඇත.

පිටපත් කළේ ; සුරංග පෙරේරා, විද්‍යා හා තාක්ෂණ නිලධාරි , පන්විල   
උපුටා ගැනීම  - http://vidya-gaweshana.blogspot.com

AUTHOR/OWNER/ADMINISTRATOR . CONTACT    : terence.arachchi@gmail.com

0 comments:

Post a Comment