June 21, 2017

Fukushima ගිලුණු ප්‍රතික්‍රියාකාරක වෙත යැවෙන කුඩා රොබෝ පිහිනුම්කරු

ජපානයේ Fukushimaහි විකිරණශීලි ද්‍රව තුළින් කුඩා රොබෝ පිහිනුම්කරුවෙකු පිහිනා ගමන් කරවීමට ජපානයේ ඉංජිනේරුවන් සුදානම් වේ.

2011 වසරේදී භුකම්පනය සහ සුනාමිය නිසා Fukushima Daiichi න්‍යෂ්ටික බලාගාරය විනාශ වීම ලොව පුරා මහත් ආන්දෝලනයක් ඇති කළේය. එහිදී න්‍යෂ්ටික බලාගාර යන්ත්‍රෝපකරණයේ ප්‍රතික්‍රියාකාරක 3 ක් සම්පුර්ණයෙන් ගිලි විනාශ වූ අතර සිදුවූ විකරණශීලි කාන්දුවීම නිසා 160,000 ක ජනතාව ප්‍රදේශයෙන් ඉවත් කරන ලදී. මෙවැනි විපත්තිකාරක  සහ තවමත් භියකරු ස්ථානයකට යැවීම සදහා “Little Sunfish” හෝ “mini manbo” නමින් හදුන්වන මෙම කුඩා රොබෝ පිහිනුම්කරුවා නිර්මාණය කිරීමට ජපානයේ පිහිටි “International Institute For Nuclear Decommissioning” ආයතනය සහ Toshiba ආයතනය එක්ව කටයුතු කර තිබේ.

මෙම අවස්ථාවේදී “Little Sunfish” ට ඉහළ විකිරණශීලි පරිසරයක ගිලි සහ සීමිත ළගාවිමේ හැකියාව යන විශේෂ දුෂ්කර තත්වයන්ට මුහුණදීමට සිදුව තිබෙන බව Toshiba ආයතනයේ බලශක්ති පද්ධති සහ සේවා අංශයේ සාමාන්‍යාධිකාරි Goro Yanase පවසයි.
දියයට දුරස්ථව පාලනය වන වාහනයක් වූ “Little Sunfish” සෙ.මි. 30 (අඟල් 11.9) ක දිගකින් සහ සෙ.මි.13 (අඟල් 5.1) ක පළලකින් යුක්ත වේ. එහි ඉදිරිපස හා පසුපස මුහුණත්වල කැමරා සවිකර ඇති අතර LED දගර මගින් බලය ලබා දේ. ඉදිරිපස එකක් හා පසුපස හතරක් බැගින් වූ තෙරපුම්කාරක 5කින් දියයට චලනය සිදු කරයි. “Little Sunfish” ට පැයකට Sieverts 200 ක විකිරණශීලි මට්ටමක් දරා ගත හැකිය. එහෙත් Fukushima යන්ත්‍රෝපකරණයේ සමහර කොටස් වල මිනිසෙකු මියයාමට තරම් ප්‍රමාණවත්වූ පැයකට Sieverts 530 ක විකිරණශීලිතා මට්ටමක් පවතින බැවින් අමතර ආරක්ෂාකාරී පියවර සලසා ගත යුතුය.

මෙය ඉතා දිගු පියවරයන්වල ඇති එක් ඉතා කුඩා පියවරක් පමණක් වේ. ප්‍රතික්‍රියාකාරක 3 හිම දිය වූ ඉන්ධන සියල්ල සොයා ගැනීම 2021 වසර දක්වා සිදුවිය හැකි බවත් ඉන්පසුව Fukushima පිරිසිදු කිරීම සදහා තවත් දශක 4 ක පමණ කාලයක් සහ ඩොලර් බිලියන 188 ක වියදමක් දැරිය යුතු බවද වාර්තා වේ
 

අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර

https://www.youtube.com/watch?v=BmQSZYnYNhQ

0 comments:

Post a Comment