June 13, 2017

ගුගල් සෙවුම් යන්ත්‍රයෙන් යමක් වේගයෙන් සෙවීමේ ක්‍රම

වඩාත් කඩිසර ලෙස ගුගල් සෙවුම් යන්ත්‍රය භාවිතා කිරීමට සුදුසු ක්‍රම කිහිපයක හෝඩුවාවන් පළවී තිබේ. අන්තර්ජාලයේ වෙබ් අඩවි තුළින් යමක් සොයා ගැනීම සදහා බොහෝදෙනා ගුගල් සෙවුම් යන්ත්‍රය භාවිතා කරති. එහෙත් එය වඩාත් කාර්යක්‍ෂමව භාවිතා කිරීම සිදුනොවන නිසා එමගින් සම්පුර්ණ ප්‍රයෝජනය ලබා ගනුයේ ඉතා සුළු පිරිසකි. අප්‍රකට තොරතුරු හෝ දුර්ලභ ජායාරුප සොයා ගැනීම සදහා ගුගල් සෙවුම් යන්ත්‍රය භාවිතා කිරීමේදී යොදා ගත යුතු ක්‍රමවේද කිහිපයක් පහත දැක්වේ.

මුලික පද ඇතුළු කිරීම හෝ ඉවත් කිරීම.

යමක් සොයා ගැනීම සදහා ගුගල් සෙවුම් යන්ත්‍රයට පද සමුහයක් යතුරු ලියනය කරන විට ඔබ දැනගත යුත්තේ කුමක්දැයි පැහැදිලි විය යුතුය. සෙවුම් යන්ත්‍රය බොහෝවිට ඔබ යතුරු ලියනය කරන ලද බොහෝ පද පිළිබදව තොරතුරු ලබාදුන්නද සියලු පද සදහා තොරතුරු ඔබට නොලැබීයා හැකිය. මෙහිදී වඩාත් සුවිශේෂී වීම සදහා ඔබගේ පද සමුහයෙන් වඩාත් වැදගත් මුලික පද ගුගල් සෙවුම් යන්ත්‍රයට හදුන්වාදීම සදහා එම මුලික පද වලට ඉදිරියෙන් + සලකුණ යෙදිය යුතුය. එමගින් සෙවුම් යන්ත්‍රය එම මුලික පද කෙරහි අනිවාර්ය යොමුවීමට කටයුතු  කිරීමක් සිදුවේ. එලෙසම ඔබට ලැබෙන සමහර තොරතුරු අදාළ නොවන ඒවා වේ. අනවශ්‍ය තොරතුරු වැලැක්වීම සදහා ඔබගේ පද සමුහයේ තොරතුරු ලබාගැනීමට ඔබ අපේක්ෂා නොකරන මුලික පද ඉදිරියෙන් - සලකුණ යෙදීම සිදුකල යුතු වේ.

එවිට සෙවුම් යන්ත්‍රය + සලකුණ සහිත සෑම මුලික පදයක් කෙරෙහිම යොමුවන අතර - සලකුණ සහිත මුලික පද අතහැර දමනු ඇත. උදාහරණයක් ලෙස “+Chicago+coffee-starbuck” පද සමුහය සලකන්න. එමගින් starbuck නොවන සහ Chicago නගරයේ ඇති coffee වෙළදසැල් වල තොරතුරු පමණක් ගුගල් සෙවුම් යන්ත්‍රයෙන් ඔබට ලබා දේ.එහෙත් මෙලෙස + හෝ - සලකුණු නොදා පද සමුහය පමණක් ඉදිරිපත් කළේ නම් සෙවුම් යන්ත්‍රයෙන් ඔබට ලැබෙන තොරතරු බොහෝ ලෙස වෙනස් වේ.

මෙලෙස ගුගල් සෙවුම් යන්ත්‍රය වේගයෙන් භාවිතයට යොදා ගන්නා තවත් ක්‍රම කිහිපයක් තිබේ.

අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරින් සකස්කළේ :

හර්ෂ ලංකේශ්වර 

0 comments:

Post a Comment