June 1, 2017

බීට් රූට් ගැන ඔබ දැනගත යුතු දේ

 තද රතු පැහැති එළවළුවක් වන බීට් රූට් සතුව සෞඛ්‍යමය ප්‍රතිලාභ රැසක් අන්තර්ගතව පවතී. එය අමුවෙන්, මඳ වශයෙන් තම්බා , සුප් එකක් ලෙස ආහාරයට ගත හැකිය. සීනි සෑදීමටද භාවිතා කරයි. එහි ප්‍රතිඔක්සිකාරක ඉහළ මට්ටමකින් අන්තර්ගත ව පවතී. බීට් සතු ඉතාම වැදගත් ප්‍රතිලාභය වන්නේ, බීට් සතුව පවත්නා පිළිකා වළක්වාලීමේ හැකියාවයි.

දැන් බීට් බහුලව වගාකරන නමුත් එහි මූලාරම්භය අවුරුදු 4000කට වඩා පැරණිය. අතීතයේ බීට් උතුරු අප්‍රිකාවේ කැලෑ ආශ්‍රිතව , යුරෝපයේ හා ආසියාවේ වෙරළාසන්න කලාපවල වගා කරන ලදී. ආදි මිනිසුන් එහි මුල් හැර කොළ පැහැ කොටස් පමණක් පරිභෝජනය කර ඇත. පළමුව බීට් වගාකලේ ආදි  රෝමානුවන් බව හා ඔවුන්ගේ ආහාරයට කොටසක් ලෙස මුල භාවිතා කළ බව විශ්වාස කෙරේ. 19 වන ශත වර්ෂයේදී බීට් වලින් සීනි සෑදිය හැකි බව සොයා ගන්නා ලදි.
අද වන විට ඇමෙරිකා එක්සත් ජනපදය, රුසියාව , ප්‍රංශය හා පෝලන්තය වැනි රටවල් ඇතුළුව ලොව පුරා වාණිජමය වශයෙන් බීට් වවනු ලැබේ. සීනි සෑදීමට භාවිතා කිරීමට අමතරව සෞඛ්‍යමය ප්‍රතිලාභ රැසක් ලබා ගැනීමට සම්පූර්ණ බීට් ශාකයම භාවිතා කරනු ලබයි.
බීට් වල ඇති පෝෂක
බීට්, තන්තු, විටමින හා ඛනිජ වැනි විවිධ පෝෂක වර්ග  අඩංගු ප්‍රධාන ප්‍රභවයකි. එහි සුළු වශයෙන් කැලරි යම් ප්‍රමාණයක්ද අඩංගු වේ.
බීට් 100 g : තන්තු             2.8 g
                        ප්‍රෝටීන          1.6 g
                        ෆෝලේට්         27% DV
                        මැංගනීස්       14% DV
                        යකඩ              10% DV
                        පොටෑසියම්     7% DVක් අඩංගු වේ.
මීට අමතරව බීට් වල විටමින් B සංකීර්ණය , විටමින් C , ෆ්ලෙවනොයිඩ් පර්‍ති ඔක්සිකාරක හා විටමින් A   අඩංගු වේ.


බීට් වල සෞඛ්‍යමය ප්‍රතිලාභ

මෙම එළවළුව මඟින් රුධිර පීඩනය පාලනය, හෘදය හා අක්මාව නිරෝගීව තබා ගැනීම වැනි අපගේ ශරීර සෞඛ්‍යයට බෙහෙවින් බලපාන ප්‍රතිලාභ රැසක් සැලසේ.

1      බීට් ඔබේ රුධිර පීඩනය පාලනය කිරීමට උදව් වෙයි.
බීට්රූට් යුෂ පානය කිරීම ප්‍රධාන වශයෙන් අධි රුධිර පීඩනය පාලනය කිරීමට බලපාන බව අධි රුධිර පීඩනය පිළිබඳ පළ කරන ලද අධ්‍යයනයකදී සඳහන් කර ඇත.
රුධිර වාහිනී ඉහිල් කිරීමට බලපාන නයිට්‍රේට්  වැඩි ප්‍රමානයක් බීට් වල අඩංගු වන නිසා එමඟින් අධි රුධිර පීඩනය පාලනය කරන අතර රුධිර සංසරණය ක්‍රමයෙන් වැඩි දියුණු කරයි.

        බීට් අක්මාවේ ක්‍රියාකාරීත්වය වැඩි දියුණු කරයි.

බීට් වල Betaine නම්  ඇමයිනෝ අම්ලයක් අඩංගුය. එමඟින් අක්මාවේ නිරෝගීභාවය ඉහළ නංවන අතරම එමඟින් අක්මාවේ මේදය අඩු කරන නිසා දියවැඩියාව සහිත පුද්ගලයින්ගේ  detoxifying එන්සයිම මට්ටම වැඩිකරන අතර අක්මාවේ ප්‍රමාණය අඩු කරයි.

3       බීට් වලට පිළිකා වළක්වාලීමට උදව් කළ හැකියි.

බීට් වල රතු පැහැය බීටා සයනින් නම්  වර්ණකය නිසා ලැබී ඇත. නමුත් ඊට තවත් කරුණු ගණනාවක් බලපායි. මෙම වර්ණකවලට  පිළිකා සෛලවල වර්ධනය යටපත් කිරීමේ හැකියාව ඇති අතර විවිධ වර්ගයේ පිළිකා සමඟ සාර්ථකව සටන් වදින බව අධ්‍යයනයන් මඟින්  සොයා ගෙන ඇත.

4       බීට් මොළයේ ක්‍රියාකාරිත්වයට හිතකරය

වයසට යාමේදී මොළයට රුධිර ගලනය අඩු වීම නිසා මිනිස් මොළයේ ක්‍රියාකාරීත්වය අඩුවේ. බීට් පරිභෝජනය රුධිර වාහිනීවල ඉහිල්වීමට උපකාරී වේ. එමඟින් මොළයට වැඩි රුධිර ප්‍රමාණයක් ගෙන යාමට සලසන නිසා එහි ක්‍රියාකාරීත්වය වැඩිවේ.

5      බීට් ආහාර ජීර්ණ පද්ධතියේ නිරෝගීභාවයට උදව් වේ.

බීට්වල තන්තු වැඩි ප්‍රමාණයක් අඩංගු නිසා ආහාර ජීර්ණ පද්ධතියේ නිරෝගීභාවයඇති කරන අතර මලබද්ධය වළක්වයි.

සාමාන්‍යෙයන් බීට් ආරක්ෂිත ආහාරයක් ලෙස සැලකෙන අතර ගර්භනී හා කිරිදෙන මවිවරුන් වෛද්‍ය උපදෙස් වලට අනුකූලව නියමිත ප්‍රමාණවලින් පරිභෝජනය කළ යුතු අතර බීට් ආහාරයට ගැනීම නිසා අතුරු ආබාධ ඇති නොවේ.


අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදි.

ජේ.ඒ.එස්.සාගරිකා කුමාරි
විද්‍යා හා තාක්ෂණ නිලධාරී
විදාතා සම්පත් මධ්‍යස්ථානය- කුරුණෑගල
                               

2 comments:

වැදගත් තොරතුරු රැසකින් සමන්විත වන ලිපියක්. ඔබගේ දැනුම අප හා බෙදා ගත්තාට සතූතියි

ස්තූතියි

Post a Comment