June 22, 2017

ඇදුම් මැදීමේ රසායණික ක්‍රියාවලිය

ඇදුම් මැදීම වැඩිදෙනෙකුට ප්‍රිය උපදවන කාර්යයක් නොවුවත් අප විසින් කළ යුතුව තිබේ. එය වළක්වාලිය හැකිදැයි ප්‍රශ්ණ කළ අපහසුතාවයට පත් විද්‍යාඥයකු ඒ සදහා ප්‍රථමයෙන් එහි රසායණික  ක්‍රියාවලිය දැනසිටීම වැදගත් බවත් එවිට ඇදුම් මැදීම පහසු කර ගැනීමට උත්සහ කළ හැකි බවත් සදහන් කළේය.

කපු, ලිනන්, හණ වැනි ශාක පාදක කර නිපද වූ රෙදිපිළි වලින් නිමකළ ඇදුම් නිතර රැලි ගැසීම නිසා මෙලෙස මැදීම අවශ්‍යවේ. මෙම රෙදිපිළි මුලිකව සැදී ඇත්තේ සෙලුයුලොස් වලිනි.  රේඛිය දාම ලෙස එකට බැඳුනු දහස් ගණන් ග්ලුකෝස් අණු වලින් සැදී ඇති නිසා සෙලුයුලොස් බහුඅවයවික වේ. සෑම ග්ලුකෝස් උප ඒකකයක්ම ඇලෙන සුළු නිසා හයිඩ්‍රජන් බන්ධන මගින් එකිනෙකට ආසන්නයේ ඇති සෙලුයුලොස් එකිනෙකා හා බැඳීම පහසුවෙන් සිදු වේ. තනි තනිව ගත් කළ මෙම බන්ධන ඉතා දුර්වල නමුත් ඒවා එකට එක්ව ශක්තිමත් ජාලයක් නිර්මාණයෙන් රෙදිපිළි වලට සවිය ලැබේ.

තවද මෙම හයිඩ්‍රජන් බන්ධන ගතික බැවින් ඒවා නිතර බිදියාම සහ නැවත ප්‍රකෘතිමත් ලෙස එක්වීම සිදුවේ. ඇදුම් එකම ස්වරූපයෙන් පැවතීමට මෙය හේතුවන අතර රෙදිපිළි පොඩි කිරීමෙන් හෝ මිරිකීමෙන් ඒවා රැලි ගැසුණු ස්වරුපයකට පත් වේ. මිරිකීම නිසා මුල් හයිඩ්‍රජන් බන්ධන බිදී වෙනත් බන්ධන සෑදේ. රෙදිපිළිවලට ජලය එකතු වූ විට තත්වය තවත් දරුණු වේ. එනම් ජල අණු සෙලුයුලොස් අණු අතරට කාවැදී සෙලුයුලොස් අණු අතර පෙර තිබු හයිඩ්‍රජන් බන්ධන බිඳ දමා ස්වරුපය වෙනස් කරයි. ජලය ලිහිසිතෙල් මෙන් සෙලුයුලොස් අණු එකිනෙකින් ලිස්සා යාමට කටයුතු කරයි. එනිසා වියලුනු ඇදුම් රැලිගැසී තිබෙනු දක්නට හැකිය.

මෙම ක්‍රියාව ආපසු හැරවීම සදහා වූ ඇදුම් මැදිමේදී සිදුවනුයේ උෂ්ණත්වය සහ හුමාලය හැකිලුනු  ස්වරුපයට හේතුවූ නව හයිඩ්‍රජන් බන්ධන වේගයෙන් කඩා දැමීමයි. කුඩා පීඩනයක් මගින් සිදුවන තද කිරිමද මේ සමග සිදුවන විට සියලු බිදුණු සෙලුයුලොස් අණු එකිනෙකා හා නව සමාන්තර බන්ධන වලට යොමු වී ඇදුමේ රැලි ඉවත් වේ.

ඇඳුම් රැළි ඇතිවීම වැලැක්වීමට ආදී කාලයේ සිට කැඳ භාවිතා කර තිබේ. ඇලෙන සුළු හයිඩ්‍රජන් බන්ධන නිර්මාණය ක් වූ කැඳද බහු අවයවික වේ. එහෙත් සෙලුයුලොස් මෙන් නොව කැඳ ශාඛ දාම බහුඅවයවිකය. එනම් කැඳ සෙලුයුලොස් තුලදී පලන්චියක් ලෙස ක්‍රියාකර සෙලුයුලොස් අණු එක් ස්ථානයක් රඳවාගනියි. කැඳ දැමු ඇදුම් රැලි නොවැටුනද ඒවා පහසුවෙන් නොනැමෙන සුළු නිසා භාවිතය අපහසුය. තවද කැඳ ජලයේ දියවෙන නිසා මුල් තත්වයට පත්වීම වැලැක්විය නොහැක.


  අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ: හර්ෂ ලංකේශ්වර 
https://youtu.be/-EahDFgNq9g

0 comments:

Post a Comment