June 29, 2017

ඉලෙක්ට්‍රොනික බෙහෙත් පෙති - සිරුර අභ්‍යන්තරයේ දත්ත එක් රැස් කරයි.

වසර ගණනාවක ආයෝජනයන්හි හා සංවර්ධනයන්හි ප්‍රතිඵලයක් ලෙස ඉලෙක්ට්‍රොනික උපාංගයන් අන්තර්ගත කරන ලද මෙම කැප්සියුලය නිර්මාණය කර ඇත.
මෙම කැප්සියුලය තුල සංවේදක උපාංග හා ක්ෂුද්‍රීය කැමරා අන්තර්ගත වේ.මෙය ගිල දැමූ දින සිට දිනකින් හෝ දෙකකින් නැවත සිරුරෙන් බැහැර  වන තෙක් සිරුරේ ආහාර ජීර්ණ පද්ධතිය හරහා ගමන් කරමින් ආන්ත්‍රයික පද්ධතිය සම්බන්ධ දත්ත ලබා දීම සිදු කරයි.
මෙම කැප්සියුලයෙන් ලැබෙන දත්ත පරිගණකයක් ආධාරයෙන් ලබා ගත හැකි අතර එය ඹබගේ වෛද්‍යවරයාගේ පරිගණකය වනවාට කිසිදු සැකයක් නැහැ.ආන්ත්‍රයික මාර්ගයේ ආම්ලිකතාවය,පීඩනය සහ උෂ්ණත්වය මෙන්ම අවශ්‍ය ස්ථානයන්හි ප්‍රතිබිම්භ ලබා ගැනීමද මෙමගින් සිදු වේ.
වෛද්‍යවරුන් සාමාන්‍යයෙන් ආන්ත්‍රයික මාර්ගය නිරීක්ෂණය සදහා උපයෝගී කර ගනු ලබන කැතීටර භාවිතය,එන්ඩස්කොපික් පරීක්ෂාව,විකිරණශීලී සමස්ථානික පරීක්ෂාව (radioisotopes) වැනි පරීක්ෂාවන් මෙමගින් වඩාත් සුනම්‍ය ආකාරයට සිදු කර ගත හැක.ආන්ත්‍රයික ඉදිමුම්,අම්ලපිත්තය,උදරමය වේදනාවන්,මළබද්ධය,ගිලීමේ අපහසුතා,කෑම අරුචිය වැනි රෝග නිධානයන් නිරීක්ෂණය සදහා මෙම ඉකේට්‍රොනික කැප්සියුලය භාවිතයට ගත හැකිය.


Popular science ඇසුරිනි.
කේ.ජේ.ඒ.වී පෙරේරා,
විද්‍යා හා තාක්ෂණ නිලධාරි,
මීගමුව.

0 comments:

Post a Comment