June 21, 2017

භාෂා අටක් තත්කාලීනව පරිවර්තනය කරන earpiece

පසුගියදා පැවතී එක්සත් ජාතීන්ගේ උත්සවයකදී භාෂා 8 ක් තත්කාලීනව (ඒ අවස්ථාවේදීම) පරිවර්තනය කර ඇසීමට හැකි earpiece (සවනකඩක් ) ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පිහිටි Lingo International සමාගම විසින් අනාවරණය කර ඉදිරිපත් කරන ලදී.

ජිනීවා නුවර පැවති Artificial Intelligence for Good Summit (යහපත් මස්තකයක් සදහා කෘතීම බුද්ධිය) තේමාව සහිත එම ඒ.ජා. සමුළුවේදී නව TranslateOne2One (එකවර පරිවර්තනය) earpiece සවනකඩ ඇල්ගොරිදමය සදහා IBM Watson පරිගණකයේ යාන්ත්‍රික ඉගෙනීමේ තාක්ෂණය භාවිතා කළ බවද අනාවරණය විය.

භාෂා පරිවර්තන නිර්මාණයේ යෙදෙන සෙසු බොහෝ තරඟකරුවන් මෙන් ඔබගේ ජංගම දුරකතනයට සම්බන්ධ Bluetooth හෝ Wi-Fi  තාක්ෂණය නව earpiece සදහා අවශ්‍ය නොවන බැවින් එය සම්පුර්ණයෙන් නිදහස් තාක්ෂණයක් බව එහි සහ Lingo සමාගමේ නිර්මාතෘ Danny May පවසයි. මුලදී සුදුකම් ලත් ජලනල කාර්මිකයෙකු වූ May ව්‍යාපාරික කටයුත්තක් සදහා චීනයට ගියවිට සිදුවූ කරදරයක් මෙම නිර්මාණය සදහා ඔහු යොමුවීමට හේතුවූ බව සදහන් කරයි. චීනයට ගොස් පැය කිහිපයක් තුළ තම විදේශ ගමන් බල පත්‍රය සොරාගනු ලදුව ඒ පිලිබදව චීන පොලිසියට පැමිණිලි කිරමේදී භාෂා පරිවර්තන ගැටලුවකට මුහුණදීමට සිදුවී තිබේ. පොලිසියේදී තමා පැවසු “Hellow how are you” යන්න එහිදී පරිවර්තනය වුයේ “Hellow I love  you” ලෙස බවද ඔහු පවසයි.

වසර 4 ක දුෂ්කර උත්සහයකින් පසු ඔහු නිර්මාණය කළ නව භාෂා පරිවර්තන උපාංගය අන්තර්ජාලයේ බොහෝ සෙවුම් යන්ත්‍ර මෙන්  වචනයෙන් වචනයට පරිවර්තනය කිරීමේ ක්‍රමය අනුගමනය නොකරයි. ප්‍රයෝගික පරීක්ෂණ වලින් මිනිසුන් එක් වරකදී තත්පර 15 ක් කථා කරන බව හදුනාගෙන ඒ අනුව කථාව තත්පර 30 කොටස්වලට කොටස් කර වෙන් කිරීම මුලින් සිදු කර තිබේ. ඉන්පසුවWatson පරිගණකය මගින් මෙම තත්පර 30 කථා කොටස් ගැලපෙන වාක්‍යක්  ලෙස සකස් කර එම වාක්‍ය අවශ්‍ය වෙනත් භාෂාවට පරිවර්තනය කිරීමෙන් TranslateOne2One කාර්ය සම්පුර්ණ කර ඇත. දැනට ඉංග්‍රීසි, ජපන්, චීන, ඉතාලි, ස්පාඤ්ඤ, ජර්මන් සහ පෘතුගීසි යන භාෂා මේ ආකාරයෙන් එකක් අනෙකට තත්කාලීනව පරිවර්තනය කිරීමට මෙම earpiece (සවනකඩ) ට හැකියාව තිබේ.

අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස් කළේ: හර්ෂ ලංකේශ්වර       

 https://www.youtube.com/watch?v=lGUvvfNN98o

0 comments:

Post a Comment