June 14, 2017

මිනිසා සහ කෘතීම බුද්ධිය (යන්ත්‍රය) අතර තරඟ

විවිධ තරඟ සදහා ශුරතාවයන් දිනාගත් ලෝක ශුරයන් ක්‍රමයෙන් කෘතීම බුද්ධිය සහිත යන්ත්‍රවලට පරාජය වන බව සහ එම ශ්‍රේෂ්ඨ තරඟ සමග ඉදිරි සංග්‍රාම පිළිබදවද වාර්තා වේ.

1.Deep Blue Trouble
ලෝක චෙස් ශුර Karsparov ,IBM ආයතනය මගින් නිපදවූ Deep Blue නම් පරිගණකය සමග තරඟ 06 කින් යුත් චෙස් තරගාවලියකින් 1996 දි ජයගත්තේය. එහෙත් ඊළඟ වසරේ පැවති 7 වැනි තරගයේදී දියුණු කළ Deep Blue විසින් Karsparov පරාජය කරන ලද අතර එය “Slaughter 7th Avenue (7වන මාවතේදී ඝාතනය කිරීම )” ලෙස ප්‍රසිද්ධියට පත් විය. එහිදී කෘතීම බුද්ධිය මනුෂ්‍යා අභිබවා ක්‍රීඩා කළ බවද වාර්තා වේ.

2. Double Jeopardy!

නැවත  2011 වසරේදී IBM ආයතනය විසින් තවත් කෘතීම බුද්ධිමය පරිගණකයක් වූ Watson නිර්මාණය කරන ලද්දේ ඇමෙරිකානු ප්‍රශ්න විචාරාත්මක තරගාවලිය සදහාය. එහිදී Watson සුපිරි පරිගණකය විසින් එම තරගාවලියේ පෙර ශුරයන් දෙදෙනෙකු පරාජය කළේය. Watson  ඉන්ද්‍රජාලියකු මෙන් ක්‍රීඩා කළ බවත් අප සුපිරි පරිගණක වලට යටත් විය හැකි බවත් තරගය නැරඹු වාර්තාකරුවෝ ප්‍රකාශ කළෝය.

3. Alpha Go පරිගණකය සහ Lee Sedol  

වසර 2500 කට පෙර නිර්මාණය කරන ලද එහෙත් අදත් ව්‍යාප්තව පවතින එකම ක්‍රීඩාව ලෙස චීනයේ GO ක්‍රීඩාව හැදින්වේ. මෙම තරඟයේ සෑම චලනයක් සදහාම ලබාගත හැකි විශාල ශක්‍යතාවයන් ප්‍රමාණයක් ඇති නිසා ප්‍රබල පරිගනයකට වුව එය බිදීම  අපහසු බව පොදු පිළිගැනීම විය. ස්නායු පද්ධතියේ ජාලකරණය භාවිතා කර තරඟය ඉගෙනීමට හා ඒ අනුව තීරණ ගැනීමට හැකි ලෙස ගැඹුරු මනසක් සහිත Alpha Go නම් පරිගණකය මෙම තරඟය සදහා නිර්මාණය කරන ලදී. Go තරඟ සදහා ජාත්‍යන්තර තලයේ ඉහලම ස්ථානයක් දිනා සිටින දකුණු කොරියාවේ Lee Sedol මෙහිදී Alpha Go සමග තරඟ වැදිණි. තරඟ 05 කින් සමන්විතවූ මෙම තරගයේ තරඟ 04 ක්ම Alpha Go ජයග්‍රහණය කළේය.

මෙයට අමතරව poker වැනි කාඩ් ක්‍රීඩාවලින්ද කෘතීම බුද්ධිය සහිත යන්ත්‍ර ලෝක ශුරයන් පරදවා ඇති බවද වාර්තා වේ.

අන්තර්ජාලයේ පිළිගත් විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස් කළේ :

හර්ෂ ලංකේශ්වර 

0 comments:

Post a Comment