නවතම perovskite සුර්ය
කෝෂය පැය 10,000 කට වැඩි කාලයක් කාර්යක්ෂමතාවයේ කිසිදු අඩුවක් නොමැතිව ක්‍රියාත්මක
වීම නිසා වඩා ලාභදායි නව සුර්ය කෝෂය යුගයකට පිවිස ඇති බවත් එමගින් ලොව බලශක්ති
නිෂ්පාදනය වෙනස්වීමේ විභවයක් මතුකර ඇති බවත් Nature Communication වාර්තා කරයි. ඒ
අනුව සුර්ය කෝෂ බලශක්තිය නිපදවීම සදහා වන අඩු වියදම පොසිල ඉන්ධන බලශක්තියට කිසිවිට
සැම කළ නොහැකි වනු ඇත.
සුර්ය බලශක්ති
නිෂ්පාදනයේ නියමුවෙක් වූ මහාචාර්ය Michel Gratzel සමග සම්බන්ධවූ ස්විට්සර්ලන්ත
මාහාචාර්ය Mohammed Khaja Nazeerudin විසින් ස්ථර 2 (2 D) හා
ස්ථර 3 (3 D) perovskite නම් තාක්ෂණය භාවිතා කර 12.7% ප්රතිශතයක කාර්යක්ෂමතාවයක් සහිත
නව සුර්ය කෝෂ නිෂ්පාදන එළි දක්වන ලදී. මෙම සුර්ය කෝෂවල බලශක්තිය නිපදවීම සහ කාලය
අතර ප්‍රස්තාරය සරල රේඛාවක් පෙන්වීම මගින් ඒවා වැඩි කාලයක් ස්ථාවරව ක්‍රියාත්මක වන
බව පැහැදිලි වේ.
2015 වසරේදී ස්ථාපනය කරන
ලද සුර්ය කෝෂ වලින් 93% ක්ම silicon wafers වූ අතර එය වෙළදපොල මුලිකයා විය. එහෙත්
ඒවායේ ඇති දුර්වලතා මගහැරීම ඉතා අපහසු වේ. ඉතාම හොද silicon කෝෂ කාර්යක්ෂමතාව පවා
දශක දෙකක් තුළ දියුණු වුයේ සුළු වශයෙනි.මුල් perovskite කෝෂ මගින් ප්‍රමාණවත්
විදුලියක් සුර්යලෝකයෙන් ලබා ගැනීමට අසමත් වූ අතර ජලය නිසා ඉක්මනින් ඛාදනයද විය.
ස්ථර 2 (2 D) හා ස්ථර 3 (3 D)
perovskite නම් නව සුර්ය කෝෂ මෙම දුර්වලතා මගහැරීමට සමත් වී තිබේ.
අන්තර්ජාලයේ පිළිගත්
විද්‍යාත්මක ප්‍රභව ඇසුරෙන් සකස්කළේ
හර්ෂ ලංකේශ්වර
0 comments:
Post a Comment