October 2, 2015

විෂ සහිත ජෙලි ෆිෂ්

තම සිරුරේ ඇති විෂ සහිත කෝෂ උපයෝගී කරගෙන ජෙලි ෆිෂ් උගේ සතුරාට දෂ්ඨ කරනු ලබයි.මේවා cnidocytes ලෙස හදුන්වයි.මෙම විශේෂිත අවයව cnidaria වර්ගයේ සතුන්ට පොදු ලක්ෂණයකි.ජෙලි ෆිෂ් ගේ ඉස්කෙන්දක් ස්පර්ශ කිරීම මගින් දෂ්ඨ කරනු ලබන උපාංග මිලියන ගණනකට ගොදුරේ සම සිදුරු කර විෂ ඇතුළු කරන ලෙසට උත්තේජනයක් මුදා හරී. ඇතැම් ජෙලි වර්ග වල විෂ මිනිසුන්ට හානි දායක තත්වයන් ඇති කිරීමට හේතු වේ.
-මාරක Malo kingi.මරණ රාශියකට වග කියූ විෂ සහිත Box jelly fish වර්ගයකට උදාහරණයකි-
-ජෙලි ෆීෂ්ගේ දෂ්ඨ කරනු ලබන අවයවයන්හි සැකැස්ම-
විලෝපිකයකු හෝ ගොදුර මගින් ස්පර්ශ වීමකින් හෝ ගැටීමකින් උත්තේජනයක් ඇති වූ විට ජෙලි ෆිෂ්ගේ අභ්‍යන්තරය තුල පීඩනයක් ඇති වී එය වර්ග අගලකට රාත්තල් 2000ක් (14000 kPa)  දක්වා සීග්‍ර‍යෙන් ඉහල යාමට පටන් ගැනේ.ඉන් පසු දෂ්ඨ කිරීමට යොදා ගන්නා විෂ සහිත කෝෂ තුල තිබෙන හෙල්ලක් වැනි අවයවය දිගහැරෙමින්,දිගු වෙමින් සත්වයාගේ සම පසාරු කරගෙන සිරුර තුලට ගමන් කර විෂ මුදා හැරීමට පටන් ගනී.

ජෙලි ෆිෂ් සත්වයකු ස්පර්ශ කිරීම හෝ ස්පර්ශ කිරීමට තැත් කිරීම ප්‍රඥාවන්ත කටයුත්තක් නොවේ.ජෙලි ෆිෂ් ගේ දෂ්ඨ කිරීමේ පරාසය බලපෑමක් ඇති නොකරන මට්ටමේ සිට අතිශය වේදනාකාරී මරණයක් ඇති කිරීම දක්වා විහිදේ.වෙරලේ රැදුනු හෝ මියගිය ජෙලි ෆිෂ් සත්වයකුගෙන් වුවද විෂ ශරීරගත වීමේ අවදානමක් පවතී.
-ගොදුරේ සම විනිවිද යන හෙල්ලක් වැනි අවයවය-
Scyphozoan වර්ගයේ ජෙලි ෆිෂ් මසුන්ගේ දෂ්ඨ කිරීමේ පරාසය ස්ථානීයව හට ගන්නා තියුණු වේදනාවක සිට සිරුර පුරාම නලියන දැඩි කායික වේදනාවක් දක්වා පැතිරීමට පුළුවන.
   -විෂ රහිත ජෙලි ෆිෂ් වර්ගයක්-
බොහෝ ජෙලි ෆිෂ් මසුන්ගේ දෂ්ඨ කිරීම් මාරාන්තික ඒවා නොවේ.නමුත් Cubozoa ශ්‍රේණියේ ජෙලි ෆිෂ් මසුන්ගේ හා Box jelly fish මසුන්ගේ දෂ්ඨ කිරීම් (සුප්‍රසිද්ධ විෂ සහිත Irukandji jelly fish වැනි) මාරාන්තික විය හැක.ඒ ප්‍රබල අසාත්මිකතාවයන් හට ගැනීම නිසාය.මේ සදහා ඖෂධ ලෙස පාලනයකට නතු කර ජෙලිෆිෂ් ගේ විෂෙන්ම නිපද වූ ප්‍රති විෂ උපයෝගී කර ගනු ලබයි.    

සිංහ කේශර ජෙලිෆිෂ්-
වෙරලේ රැදුනු මිය ගිය සිංහ කේශර ජෙලිෆිෂ් සත්වයෙක්
2010 වර්ෂයේ දී නිව් හැම්ප්ෂයර් ප්‍රාන්තයේ වෙරළක දී මියගිය සිංහ කේශර ජෙලිෆිෂ් සත්වයකු නිසා පුද්ගලයන් 125 ත් 150 ත් අතර සංඛ්‍යාවක් ආසාදනයට ලක්ව ඇත. වසරකට පිලිපීනයේ පමණක් පුද්ගලයන් 20 ත් 40ත් අතර සංඛ්‍යාවක් ජෙලි ෆිෂ් දෂ්ඨ කිරීම් නිසා මිය යයි.
2006 වර්ෂයේ දී කොස්ටා බ්‍රාවා (Costa Brava) වෙරළ තීරයේ දී පමණක් ජෙලිෆිෂ් ගේ පහර දීම් වලට ලක්වූ කිමිදුම්කරැවන් 19,000 කට ස්පාඤ්ඤ රතු කුරුස සංවිධානය මගින් ප්‍රතිකාර කොට ඇත.
ඕස්ට්‍රේලියානු සාගර ආශ්‍රිතව ජීවත්වන මාරක Box jelly fish වර්ගයක්-
ඕස්ට්‍රේලියානු සාගර ආශ්‍රිතව වෙසෙන මෙම ජෙලිෆිෂ් වර්ගයට හොදින් වැඩුනු නිරෝගී පුද්ගලයකු වුවත් මිනිත්තු කිහිපයක දී මරණයට පත් කිරීමේ හැකියාව ඇත.

ජෙලිෆිෂ් මසුන්ගෙන් ප්‍රමාණවත් ආරක්ෂාවක් ලබා ගැනීමට දුහුල්,තුනී,රෙදි වැනි අමුද්‍රව්‍යයකින් නිපද වූ ශරීර ආවරණයක් හදුන්වා දී ඇත.මෙය ශරීරයට ඇලුන ස්වභාවයෙන් යුක්තයි.විද්‍යාඥයින් පවසන පරිදි ජෙලිෆිෂ් ගේ දෂ්ඨ කරනු ලබන කෝෂ ක්‍රියාත්මක වීමට මිනිස් සමේ අඩංගු ඇතැම් රසායනිකයන් හේතු වේ.ඉහත සදහන් ඇදුම මගින් ඊට බාධා ඇති කරන නිසා ජෙලිෆිෂ් ගේ පහර දීම් වලින් ආරක්ෂා විය හැක.
දෂ්ඨ කිරීමක දී ගත යුතු ක්‍රියාමාර්ග:
සංකීර්ණ නොවූ දෂ්ඨ කිරීමක දී ප්‍රථමාධාර ලබා දීමේ දී කරුණු 3ක් පිළිබදව අවධානය යොමු කරනු ලබනවා.
  1.   මුදා ගන්නාගේ ආරක්ෂාව.
  2. ජෙලි ෆිෂ් ගේ විෂ රැදුනු කෝෂ ඉවත් කිරීම.
  3. රෝගියාගේ සිරුරේ ඇලී ඇති ඉස්කෙදි ගලවා ඉවත් කිරීම.

මුදා ගන්නන් විසින් ආරක්ෂිත ඇදුම් භාවිතා කල යුතුය.
විෂ සහිත කෝෂ හැකි ඉක්මණින් සිරුරෙන් ඉවත් කිරීමෙන් තව දුරටත් විෂ ශරීරගත වීම වැලකේ.

-දෂ්ඨ කිරීමක දී භාවිතයට ගැනෙන diphenhydramine (Benadryl) ඖෂධය-
විනාකිරි (3%-10% ජලීය ඇසිටික් අම්ලය) Box jelly fish  ගේ පහර දීම් වලින් ආරක්ෂා වීමට පොදු උපක්‍රමයක් ලෙස භාවිතයට ගනී.ඇසට හෝ ඇස වටා දෂ්ඨ කරනු ලැබූ විට විනාකිරි වලින් පෙගවූ තුවායකින් ඇස ආරක්ෂා වන පරිදි ඒ වටා තැවීම සිදු කරයි.විනාකිරි සොයා ගැනීමට අපහසු විට ලුණු වතුර ද ආදේශකයක් ලෙස භාවිතයට ගත හැක.
කරදියේදී දෂ්ඨ කිරීම සිදු වූ විට සාමාන්‍ය පිරිසිදු ජලය මේ සදහා භාවිතා නොකරයි.එමගින් අතිරේක විෂ නිදහස් වීමට පුළුවන. දෂ්ඨ කල ප්‍රදේශය වටා ඇතිල්ලීම,මධ්‍යසාර,ස්ප්‍රීතු,ඇමෝනියා හෝ මුත්‍රා භාවිතා කිරීම විෂ ඉවත් කිරීමේ කටයුතු සදහා ඉතා හානිදායක අයුරින් බලපායි.
තියුණු පිහි දාරයකින්,ආරක්ෂිත රේසරයකින් වැනි දෙයක් උපයෝගී කරගෙන ආසාදිත සම සියුම් ලෙස රැසීමක් සිදු කිරීම තුලින් මෙම දෂ්ඨ කරනු ලබන කෝෂ ඉවත් කල හැක.එන්නත් කරනු ලබන ප්‍රති විෂ අඩංගු ඖෂධ 1970 දී පමණ සිට භාවිතයට ගනු ලබයි.
පරිසර හිතකාමී නිෂ්පාදන සදහා ජෙලිෆිෂ් යොදා ගැනීම.
Cine al නමින් හදුන්වනු ලබන ඊශ්‍රායල් සමාගමක් විසින් ජෙලි ෆිෂ් උපයෝගී කරගෙන සුපිරි අවශෝෂක සංඝටකයක් නිපදවා ඇත.එය Hydro mesh නමින් හැදින්වේ.මෙමගින් තීන්ත පොගවන කඩදාසි,ටිෂූ කඩදාසි හා ඩයපර්ස් වැනි දේ නිපදවනු ලබයි.මෙම Hydro mesh  සංයෝගය මගින් හොදින් දියර අවශෝෂණය කර ගන්නා අතර ඒවා මුදා නොහැර ඒ තුලම රදවා ගනී.මෙය ඊශ්‍රායලයේ Tel Aviv සරසවිය මගින් සිදු කල පර්යේෂණයක ප්‍රතිඵලයකි.
Wikipedia ඇසුරිනි.
සකස් කලේ,
K.J.A.V  පෙරේරා
විද්‍යා හා තාක්ෂණ නිළධාරි                                 
විදාතා සම්පත් මධ්‍යස්ථානය                       
මීගමුව.

1 comments:

ලංකාවෙ ඉන්න අයගෙ පින්තූර ටිකක් මං ගාව තියෙනවා

Post a Comment