October 19, 2015

රටක් සලිත කළ පාසල් නිර්මාණය

ටෙක්සාස් ප්‍රාන්තයේ අර්වින් හි පදිංචි 14 හැවිරිදි අහමඩ් මොහමඩ් දරුවා පරිපථ පුවරුවක් ආධාරයෙන් ඩිජිටල් (සංඛ්‍යාංක) ඔරලෝසුවක් පසුගිය ඉරිදා දිනයක නිර්මාණය කරන ලදි.පැන්සල් පෙට්ටියක් තරම් වූ එහි ඩිජිටල් සංදර්ශකයක් (DISPLAY) ඇතුළු තවත් කොටස් කිහිපයක් තිබුණු අතර එය නිර්මාණය කිරීමට අහමඩ් විනාඩි 20 ක් පමණ ගත කර තිබේ.පසුදින ඔහු මෙම  ඩිජිටල් ඔරලෝසුව පාසලට ගෙන ගියේ  තම නිර්මාණය ගුරුවරුන්ට ඉදිරිපත් කර පාසලේ ඉංජිනේරු සංගමයට ඇතුලත් වීමට සුදුසුකම් ලැබීමේ අපේක්ෂාවෙනි. ඔහුගේ ඉංජිනේරුමය හැකියාව සහ ඒ සඳහා ඇති උනන්දුවත් මෙම නිර්මාණයෙන් පිළිඹිබු වෙතැයි ඔහු සිතුවේය.එහෙත් අනපේක්ෂිත ලෙස  පාසලේ බලධාරීන් එම  ඩිජිටල් ඔරලෝසුව නිවසේ සෑදූ බෝම්බයක් යැයි සිතා අහමඩ් දරුවා සහ එම නිර්මාණය අත්අඩංගුවට ගෙන තිබේ.

උදෑසන ප්‍රවෘත්තියක් ලෙස මෙම සිදුවීම එදින රාත්‍රී මාධ්‍යය ඔස්සේ ප්‍රචාරය වීමෙන් පසුව එම පුවතින් කලබලයට පත්  රට පුරා සිටි විද්‍යාඥයින්, ඉංජිනේරුවන් සහ තාක්ෂණ ශිල්පීන් කිසිදු භේදයකින් තොරව අහමඩ් දරුවා වෙනුවෙන් ඉදිරිපත් වුනේ ඔහුගේ  හැකියාව සහ උනන්දුව අගය කරමින් හා ඔහුට ප්‍රශංසා කරමිනි.ලොව ප්‍රථම  ඩිජිටල් ඔරලෝසු‍වේ නිර්මාණයේ සම අයිතිකරු වූ අනිල් දාස්, අහමඩ්ගේ පවුලේ සාමාජිකයින් මුණ ගැසී අහමඩ් අගය කරමින් සජීවීව අන්තර්ජාලය ඔස්සේ අදහස් පල කිරීමට ජනතාවට අවස්ථාව උදා කර දුන්නේය.තවද ප්‍රසිද්ධ විද්‍යා ප්‍රබන්ධ රචක ජෝන් ස්කාල්ඩි ඇතුළු සිය ගණනක් විද්වතුන් අහමඩ්ව විවිධ මාධ්‍ය ඔස්සේ අගය කළෝය.මේ අතර අහමඩ් අත්අඩංගුවට ගන්නා විට ඔහු ඇඳ සිටියේ නාසා ලාංඡනය සහිත ටී ෂර්ට් එකක් යැයි නාසා ඉංජිනේරු බෝබත්  ඉදිරිපත් කළ  ප්‍රකාශය මෙහිදී  වඩාත් කැපී පෙනුණි.

අවසානයේදී දරුවන්ගේ හැකියාව සහ උනන්දුව අගයකිරිම සදහා  ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති බැරක් ඔබාමා මහතා  ,අහමඩ් දරුවාට ධවල මන්දිරයට පැමිණෙන ලෙස ආරාධනා කළේ මෙලෙස අදාළ විද්වතුන් කළ මැදිහත්වීම නිසාය.දැයේ දරුවන් පිලිබදව බොහෝදෙනා විවිධ අදහස් පළ කරමින්, විරෝධතාපාමින් කටයුතු කරන මේ වකවානුවේ දරුවන් හා මතුව ඇති ගැටළු කෙරෙහි විද්වතුන්ගේ මැදිහත්වීම වඩා වැඩදායක බවට මෙම සිදුවීම වුව සැලකිය හැකිය.

උපුටාගැනීම :
 FOUR CHILD INVENTORS WHO WEREN’T ARRESTED AND ONE WHO WAS GREAT THINGS HAPPEN WHEN SCHOOLS REWARD INQUISITIVE MINDS

https://youtu.be/3mW4w0Y1OXE

2 comments:

කෝ ඉතින් අපේ වගේ රටවල දරු නිමැවුම් මෙහෙම අගය කරන පුරුද්දක්.හුඟක් වෙලාට එැවැන්නක් පුවත් පතක පළවෙන කියවා ඉවත දමන ප්‍රවෘත්තියක් පමණක් වෙලා.

පුදුමයි මේක අපේ රටේ වෙන්න ඕනි දෙයක්...

Post a Comment