October 29, 2015

විසිතුරු කඩදාසි නිමැවුම් පණ ගන්වන (රොබෝ ) Arduino මොළ

ඇත අතීතයේ සිට පැවත එන කඩදාසි නැවීමෙන් විසිතුරු නිමැවුම් බිහිකරන කලාව Origami ලෙස හැඳින්වේ. Origami කලාකරුවන් ද්විමාන කඩදාසි ත්‍රිමාණ වස්තු බවට පත් කරන ආකාරය ඉතා සිත්ගන්නා සුළුය. නවීන විද්‍යාව හා ඉංජිනේරු ශිල්පය භාවිතයෙන් නිර්මාණය කළ Arduino නම් ඉලෙක්ට්‍රොනික් මොළ මෙම ත්‍රිමාණ වස්තු බහු නිපුණතාවය සහිත සක්‍රීය උපකරණ බවට පත් කිරීමට සමත්ව තිබේ.උදාහරණ ලෙස අවකාශ කැඩපත, හෘද stent හැඳින්විය හැකිය.එනිසා මෙම තාක්ෂණය උපයෝගී කර ගනිමින් කඩදාසි වලින් මිල අඩු ලාභදායි රොබෝවරු නිර්මාණය කළ හැකිවීම තවත් එක් ප්‍රයෝජනයකි.

මුලින් සරල ලෙස සාමාන්‍ය රුප සැකිල්ලක මුද්‍රණ පිටපතක්  ලබා ගෙන එය කැපීමෙන් හා නැවීමෙන් කඩදාසි වලින් ත්‍රිමාණ වස්තුවක් සකස් කර ගත හැක.ඉන් පසු එයට සරල ඉලෙක්ට්‍රොනික් මොළයක් හෙවත් Arduino සම්බන්ධ කල විට මෙම කඩදාසි ත්‍රිමාණ වස්තු වලට පොළව මත පෙරලීම ,අඳුරු මතු පිට වල ඇලී සිටීමට හැකියාව ලබා දිය හැකිය. පරාවර්තනය වන ආලෝක ප්‍රමාණය හඳුනා ගැනීමේ හැකියාව ඇති Arduino මොළ මඟින් මෙවැනි කාර්යයන් ක්‍රියාත්මක කල හැකි වේ.යම්හෙයකින් විසිතුරු කඩදාසි රොබෝගේ කඩදාසිය ඉරී ගියද කඩදාසි වල මිල අඩු බැවින් නව සැකිල්ලක් මුද්‍රණය කර ගැනීම අපහසු නොවේ.

අඩු මිලකට රොබෝවක් සෑම කෙනෙකුටම ලබා ගැනීමේ හැකියාව ලබා දීමේ අරමුණින් තම Arduino යන්ත්‍රය නිර්මාණය කල බව එහි නිර්මාතෘ MIT ආයතනයේ පශ්චාත් ආචාර්ය උපාධි අපේක්ෂක Ankur Metra ප්‍රකාශ කරයි.ජංගම දුරකථන ඇතුළු ස්මාට් උපකරණ සමඟ කටයුතු කරන ආකාරයට, ඉංජිනේරුවන් නොවන සාමාන්‍ය පුද්ගලයින්ටද මෙම ඉලෙක්ට්‍රොනික මොළය යොදා ගෙන තම රොබෝවරු නිෂ්පාදනයට හා ඒවා පාලනයකිරීමේ හැකියාව උදාකර ගත හැකි බවද Ankur Metra තවදුරටත් පවසා සිටියි. 
                  
අවවාදයයි:
ලිතියම් පොලිමර් බැටරි ගිනි ඇතිවීමේ ප්‍රවනතාවයක් ඇති නිසා කඩදාසි ත්‍රිමාණ නිර්මාණවලට විදුලිය ලබා දීමට ප්‍රථම බැටරියේ ආරක්ෂිත භාවිතය පිලිබඳ උපදෙස් පත්‍රිකාව, කඩදාසි නිර්මාණයට විදුලි ශක්තිය ලබා දීමට ප්‍රථම හොඳින් කියවා අවබෝධ කර ගැනීම වැදගත් වේ.

උපුටාගැනීම:
FOLD A PAPER ROBOT WITH AN ARDUINO BRAIN ORIGAMI ACTION
By Liz Kruesi
http://www.popsci.com/fold-paper-robot

https://www.youtube.com/watch?v=Ibg7M7Qoqag

1 comments:

Post a Comment