October 29, 2015

ශබ්දය උපයෝගී කර කුඩා වස්තු පාලනයකින් චලනය කිරීම.(ශබ්ද හොල්මන)

විද්‍යා ප්‍රබන්ධයක් වූ STAR TREK හි නිර්මාණ දිනෙන් දිනම විද්‍යා ප්‍රබන්ධයන් නොව සත්‍ය විද්‍යාවක් බවට පරිවර්තනය වේ.හොලොග්‍රැෆික් වෛද්‍යවරු , භෞතික වස්තුන් ප්‍රවාහනය කරන විදුලි කදම්භ, Andtricorders සහ ස්වයංක්‍රීය දොරවල් යනාදි නිර්මාණ අද සාර්ථක වී තිබේ.එහෙත් Trek ලෝකයේ නිර්මාණ පිළිබඳ තථ්‍ය ලෝකයේ ඇත්තේ අඩු පිළිගැනීමකි. ආලෝකය මඟින් කුඩා වස්තු කෙටි දුරක් ප්‍රවාහනය කළ හැකි ආකෘති නිර්මාණය කිරීම සඳහා විද්‍යාඥයින් ක්‍රියාකරමින් සිටියි.මේ අතරට නවතම සංකල්පයක් ලෙස ආලෝක කදම්භ වෙනුවට ශබ්ද කදම්භ මඟින් කුඩා වස්තු කෙටි දුරක් ප්‍රවාහනය කිරීමද ආරම්භ වී තිබේ.

Nature Communication සඟරාවේ පළ කර ඇති වාර්තාවකට අනුව කුඩා භෞතික වස්තු මෙහෙයවීමට හැකි ධ්වනි හොලෝග්‍රම් කදම්භ (Acoustic Hologram) පර්යේෂකයින් විසින් හඳුනාගෙන තිබේ. කුඩා ශබ්ද විකාශන ජාලයක් යොදා ගනිමින් කුඩා බෝලයක්, මධ්‍ය අවකාශයේ මෙහෙය වීමට එනම් ඉහල පහල යැවීම, කැරකැවීම යනාදිය ශබ්දය උපයෝගී කරගෙන ක්‍රියාත්මක කිරීමට විද්‍යාඥයින් සමත්ව ඇත .මේ සඳහා ශබ්ද විකාශන යන්ත්‍ර මඟින් අධි තීවෘතාවයක් සහිත ශබ්ද ඇති කර එමඟින් බෝලය වටා බල ක්ෂේත්‍රයක් නිර්මාණය වන සේ වූ වැඩසටහනක් ප්‍රතිලේඛනය කර තිබේ.

මේ සම්බන්ධව ඉදිරිපත් කර ඇති වීඩියෝවේ Tractor model beam (ට්‍රැක්ටර් කදම්භ ආකෘතිය), කුඩා බෝලය අවකාශය තුල මෙහෙයවන්නේ ඇඟිලි වලින් බෝලයක් චලනය කරන ආකාරයෙනි.එය පියවි ඇසට හිස් අවකාශයේ ස්වයංක්‍රීයව බෝලයක් පාවෙන ආකාරයෙන් දිස්වේ.එය ශබ්ද හොල්මනක් ලෙසද පෙනෙනු ඇත. මීට අමතරව පර්යේෂකයින් විසින් ප්‍රයෝගකාර ශබ්ද කේතුවක් නිර්මාණය කර ඇති අතර එමඟින් වස්තුවක් ශබ්ද කේතුවේ කේන්ද්‍රය දෙසට ආකර්ශනය වේ.

මින් පෙර පර්යේෂණ වලදී ට්‍රැක්ටර් කදම්භ, ජලය තුලදී ක්‍රියාකිරීමට හැකි ලෙස නිර්මාණය කර තිබුනද නව නිර්මාණය අවකාශයේදීද ක්‍රියාත්මක වේ.මෙම සියුම් මෙහෙයවීම මගින් ඉදිරියේදී ශබ්දය පාදක කොට භාණ්ඩ එකලස් කිරීම හා රෝගියෙකුගේ ශරීරය තුල ඇති ඖෂධ මෙහෙයවීම වැනි කාර්යයන් ක්‍රියාත්මක කළ හැකි වේ යැයි පර්යේෂකයෝ විශ්වාසය පළ කරති.

උපුටාගැනීම:

You can now lock on to (very small) targets by Beth Griggs

0 comments:

Post a Comment