October 26, 2015

තත්පරයට බිලියන 48 ක ස්නායු ක්‍රියාකාරකම් සිදු කරන කෘතිම කුඩා මොළ

මොලය තුළ ඇති ස්නායු ක්‍රියාකරන ආකාරයට ක්‍රියාකරන ස්නායු චිප් (chip) නිර්මාණය කිරීම සදහා IBM පර්යේෂකයෝ 2008 වසරේ සිට උත්සහ දරමින් සිටිති.ඒ සම්බන්ධ කුතුහලයට පත්වන සොයා ගැනීමක්‌ ගැන පසුගියදා ඔව්හු නිවේදනය කළෝය. එමඟින් කුඩා කෘමි සතෙකුගේ මොළයේ ඇති ස්නායු සෛල මිලියන 48 කට සමාන කෘතිම ස්නායු පද්ධතියක චිප පද්ධතියක් විද්‍යාඥයින් විසින් සංවර්ධනය කරන ලද බව ප්‍රකාශයට පත් විය.

වසර කිහිපයක සිට පර්යේෂණ කණ්ඩායම,DARPA ගේ NEUROMORPHIC අනුවර්තිත ප්ලාස්ටික් ඉලෙක්ට්‍රොනික ප්‍රමාණක(SYNAPSE) සමඟ කටයුතු කළෝය. පර්යේෂකයින් සහ රාජ්‍ය නිළධාරීන් සඳහා වූ සති තුනක අධ්‍යාපනික උද්දීපන කඳවුරකදී පර්යේෂණ කණ්ඩායම ඔවුන්ගේ TrueNorth පද්ධතියේ සුවිශේෂී ප්‍රයත්නය ඉදිරිපත් කරන ලදි.මෙම TrueNorth පද්ධතිය කෘතිම ස්නායු සෛල මිලියන 48 කින් සමන්විත චිප් ජාලයක් බවත් එහි සෑම එක් චිපයක මිලියන 01 ක කෘතිම ස්නායු අන්තර්ගත බවත් සඳහන් වේ.මෙම චිප නිර්මාණය කර ඇත්තේ කාබනික (ඓන්ද්‍රීය) මොළයක් ලෙස ක්‍රියාකිරීමට හැකිවන අයුරිනි.ඒ නිසා එම චිප් පද්ධතිය NEUROMORPHIC ලෙස හැදින්වේ.

 IBM පර්යේෂකයෝ පවසන්නේ ඔවුන් මොළය හෝ වෙනත් කිසිදු ආකාරයක කෘතීමමොළයක් නිර්මාණය නොකළ බවයි.ඇත්තවශයෙන්ම ඔවුන්  නිර්මාණය කළේ මොළයේ ක්‍රියාකාරීත්වයට සමාන  පරිගණකයක් පමණකී.සම්ප්‍රදායික පරිගණකය,මොළයේ වම් කොටස මෙන් හෙවත් සංඛ්‍යා කැල්කියුලේටරයක් ලෙස ක්‍රියකරන බව සඳහන් කරන ඔවුන් TrueNorth පරිගණකය හෙවත් කෘතිම ස්නායු චිප පද්ධතිය මොළයේ දකුණු කොටස ආකාරයට එනම් සෙමින් සංවේදී, රටා හඳුනා ගන්නා යන්ත්‍රයක් ලෙස ක්‍රියාකරන බව දන්වයි.
 
FACE BOOK හි මුහුණු හඳුනා ගැනීම හෝ SKYPE හි සජීවී පරිවර්තන ක්‍රම සඳහා යොදා ගත් AI තාක්ෂණයට අනුරූප තාක්ෂණයන් TrueNorth සඳහා යොදා ගෙන තිබේ.එහෙත් මෙම ක්‍රම දෙක අතර ප්‍රධාන වෙනස නම් IBM චිපය වඩාත් කුඩා,අඩු විදුලියකින් ක්‍රියාකරන සහ අඩු වියදමකින් ක්‍රියාත්මක කල හැකි වීමයි.එම නිසා AI තාක්ෂණය, වඩා කුඩා උපකරණ වූ දුරකථන,අත් ඔරලෝසු යනාදිය සඳහා යොදා ගැනීමට TrueNorth භාවිතා කළ හැකිය. කෘතිම ස්නායු චිප් පද්ධතිය හෙවත් TrueNorth ක්‍රමයේ නිෂ්පාදන වෙළඳපොළට පැමිණීමට තව කාලයක් ගතවිය හැකි වුවද එමඟින් පරිගණක ලෝකයේ විශාල විප්ලවයක් සිදුවනු ඇතැයි අනාවැකි පල වී තිබේ.

උපුටාගැනීම :
New Brain-Inspired Chip Can Perform 46 BILLION Synaptic Operations Per Second by Aamna Mohdin

https://www.youtube.com/watch?v=akIVU6le0g4

2 comments:

අපේ ජඩ මීඩියා වල මේ ජාතියේ දේවල් පෙන්නන්නේ නැති කොට මේ වගේ බ්ලොග් වලින්වත් ඒ කර්තව්‍යය ඉෂ්ට කරන එකට මගේ හද පිරි ස්තුතිය.

බොහොම වටිනා ලිපියක්.

හැමෝම කියනවනේ අමාරු වැඩ ගැන.. මෙන්න ලේසි වැඩක්.. දවස් 15න් 16GB Pen එකක් ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්.. ලේසිම ලෙසි වැඩක් තියෙන්නේ.. මේ site එකට යනවට එයාල point එකක් දෙනවා.. දවසට ප්‍රශ්නයක් අහනවා (පට්ටම ලේසි ප්‍රශ්න). එකට හරි උත්තරේ දුන්නම තව point එකක් දෙනවා.. ඒ කියන්නේ දවසට අනිවා point දෙකක් ගන්න පුළුවන්.. 16GB Pen එක point 30යි . ඒ කියන්නේ දවස් 15න් Pen එක අතේ.... මෙන්න ඔයාලත් Try කරලම බලන්න...... http://www.gokano.com/ref/pM4Ck4Qc

Post a Comment