October 15, 2015

ශරීරයට යෝග්‍ය දුඹුරුවන් ආහාර වර්ග 07 ක්

චොකලට් හැර සාමාන්‍යයෙන් දුඹුරු වර්ණය ආහාර සඳහා ඉතා ප්‍රිය වර්ණයක් නොවේ. එහෙත් ඔබ දන්නවාද බොහෝ දුඹුරු වර්ණ ආහාර ඔබගේ හදවත සඳහා ඉතා යෝග්‍ය වන  අතර දියවැඩියාව වැළැක්වීමටද උපකාර කරන බව . එවැනි දුඹුරු වර්ණ ආහාර වර්ග 07ක් හා ඒවායෙන් ඔබට ලබා දෙන ප්‍රතිලාභ පිළිබඳ කෙටි විස්තරයක් පහත දක්වා ඇත.

  Yam (බතල)
බතල වල ඇති විටමින් බී 6 ඉහල ප්‍රතිශතය නිසා හදවතෙහි ආරක්ෂාවට හා හෘද රෝග වැළැක්වීමට ඉතා යෝග්‍ය වේ. මහබඩවැල් වල විෂ සෝදාහැර මහ බඩවැල් පිළිකා අවධානම අවම කිරීමට බතල ක්‍රියා කරයි.


       Walnut   
මෙම දුඹුරු වර්ණ ඇට වර්ගය ඔබගේ සම හා කෙස්වල නීරෝගීභාවයට  බොහෝ ලෙස උපකාරී වේ. නිතර පරිභෝජනය මගින්  දියවැඩියාව 2 රෝගය සහ හෘද රෝග වැළැක්වීම සිදුවේ. පුරුෂ ශක්තිය වර්ධනයටද බලපායී.

           Almond  (රට කොට්ටම්බා)
සෑම දිනක උදෑසන රට කොට්ටම්බා අනුභව කිරීමෙන් මතක ශක්තිය දියුණු වන බවට වූ මතය ඉතා නිවැරදිය. ඊට අමතරව ඒවා ශරීරයේ ක්ලොරෝස්ටරෝල් ප්‍රමාණය අඩු කිරීමට ,දියවැඩියාව පාලනයට සහ පිත්තාශ්ම වැළැක්වීමට උපකාරී වේ.


   Black Chana  (කඩල වර්ග )
මෙම දුඹුරු පැහැති රණිල බෝගය වූ කඩල පෝෂ්‍ය පදාර්ථ වලින් අනූනය. ඒවා ප්‍රතිශක්තිකරණය වර්ධනයට මෙන්ම ඔබගේ ශරීර ශක්තිය ශක්තිමත්ව පවත්වාගෙන යෑමට උපකාරී වේ. කොතරම් පෝෂ්‍යදායකද යත් අශ්වයන්ගේ ආහාර සඳහා යොදාගනී. තවද සිරුරේ බර අඩු කිරිමට සහ ආහාර තෘප්තිය ලබා දීමට කඩල සමත් වේ.

         Potato (අර්තාපල්)
විටමින් බී 6 න් පොහොසත් අර්තාපල් නව සෛල ගොඩනැගීමට උපකාරී වේ. එහි ඇති ප්‍රතිඔක්සිකාරක සිරුරේ බර අඩු කිරීමට සහ ඉක්මනින් වියපත් වීම වැළැක්වීමට කටයුතු කරයි.

     Brown Rice (රතු සහල්)
සිරුරේ බර අඩු කර ගැනීම සඳහා සාමාන්‍යයෙන් සුදු සහල් වලට ආදර්ශයක් ලෙස භාවිතා කෙරේ. දියවැඩියාව වැළැක්වීම සහ ක්ලොස්ටරෝල් පාලනය සඳහා රතු සහල් වල ඇති අඩු glycaemia දර්ශකය හේතු වේ. මැග්නීසියම් වලින් පොහොසත් නිසා ශරීරයේ අස්ථිවල නීරෝගීතාවය ඇති කරයි.
  
         Dates රටඉඳි
ශරීරයේ සීනි මට්ටම වැඩි නොකර සීනි අවශ්‍යතාවය සම්පූර්ණ කරයි. රට ඉඳි වල ඇති ඉහල යකඩ ප්‍රතිශතය නිසා නීරක්තිය වලක්වන හෘද රෝග අවධානමද අඩු කරයි.


උපුටාගැනීම :

http://www.thehealthsite.com/photo-gallery/fitness/brown-coloured-foods-to-eat-for-healthy-heart-strong-immunity-and-low-cholesterol-bs915/dates--327824

2 comments:

වැදගත් පෝස්ට් එකක්. මමත් share කරගත්තා ඔන්න.

ඉතා වැදගත්

Post a Comment