October 12, 2015

ලොව වැඩිම ආයු කාලයක් හිමි සතුන්

වර්ථමානයේ සතුන්ගේ ආයු කාලය අඩුවීම හා වදවී යාම පිළිබදව විද්‍යාඥයින් කරුණු අනාවරණය කරමින් සිටිති. ඒ අතර දැනට ලොව වැඩිම ආයු කාලයක් භුක්තිවිදින සතුන් කවුරුන්දද යන්න සොයාබැලීම වටියි.

1 Arctica Islandica -මෙම සත්ව විශේෂයට වසර 405ත් 410ත් අතර කාලයක් ජීවත් වීමට වාසනාව තිබෙනවා. මේ වන විට වාර්තාවී ඇති වැඩිම ආයු කාලය අවුරුදු 507කි.




2 Bowhead Whales-මෙම තල්මසුන් විශේෂය වසර 200ක් පමණ ජීවත් වන බව පැවසෙනවා. මෑතකදී සිදු කල  පර්යේෂණ වලට අනුව මෙම තල්මසුන්ගේ ශරීර තුල තිබී 1890 කාලයට අයත් බිලි කොකු වල කැබලි හම්බුවෙලා තියනවා. එමෙන්ම ඇමයිනෝ අම්ල පරික්ෂාවට ලක්කිරිමෙන්ද ඔවුන්ගේ ආයු කාලය වසර 177 සිට 245ක් තරම් වන බව පැවසේ.




    3 Eels (ආඳා)-මෙම සතාට අවුරුදු 150ක් ජීවත් වන බව පැවසේ.




4 Tuataras ( ටු(අ)ට්‍රා )-
මෙම උරඟ විශේෂය නවසීලන්තයටම අවේනික විශේෂයකි. මෙම විශ්මිත කටුසු විශේෂය වසර 100ත් 200ත් අතර කාලයක් ජීවත් වන බවට සැලකෙයි.




5 Galápagos giant tortoise
 ගැලපගොස් දුපත් වල ජීවත් වන මෙම යෝධ ඉබ්බන් අවුරුදු 190ක ආයු කාලයක් තිබේ.


6 Greenland Sharks-
උතුරු අත්ලාන්ටික් සාගරය තම නිජභූමිය කරගෙන අවුරුදු 200ක් පමණ ජීවත් වන බව වාර්තා වේ.





7 Koi (කොයි)-මෙම කොයි නම් මසුන් වර්ගය අවුරුදු 200ක් පමණ ජීවත් වන බවට වාර්තා වේ. මෙම මාළු විශේෂය ජපානයේ ගෘහාශ්‍රිතව පොකුණු වල අලංකාරය සඳහා ඇති කෙරේ.




8 Macaws (මැකෝ)-මැකෝ පාට පාට ලස්සන ගිරව් විශේෂයක්. දිග පිහාටු නැට්ටක් සහිත මෙම ගිරව් විශේෂය නිවෙස් වල සුරතලයට ද ඇතිකෙරේ. මොවුන් අවුරුදු 80ත් 100ත් අතර කාලයක් ජීවත් වන බව පැවසේ.




9 Asian elephants (ආසියානු අලියා)-ලංකාවේ ජීවත් වෙන්නෙත් මෙම අලි විශේෂයම තමයි. අවුරුදු 86ක පමණ උපරිම ආයු කාලයක් ජීවත් වෙන්න වාසනාව තියනවලු.



10 Horses (අශ්වයා)-වර්ගය , පරිසර පද්ධතිය හා කළමනාකරණය යන කරුණු මත වර්තමානයේ ගෘහාශ්‍රිතව ජීවත් වන අශ්වයින් අවුරුදු 25ත් 30ත් අතර කාලයක් ජීවත් වෙයි. කලාතුරකින් අවුරුදු 40ක් හෝ ඊට වඩා කාලයක් ජීවත් වූ සිද්ධිද වාර්තා වෙයි. 19 වන සියවසේ ජීවත් වුනු “Old Billy ” නම් අශ්වයා වසර 62ක් ජීවත් වූ බවට තොරතුරු වාර්තා වේ.

විද්‍යා හා තාක්ෂණ නිලධාරී
තිඹිරිගස්යාය
Bux ලන්තය වෙබ් අඩවියෙන් 

0 comments:

Post a Comment