October 5, 2015

ජලය යටත් වැඩකරන ජංගම දුරකථන

ජලවාරක හෝ ජලයෙන් හානියට පත් නොවන ජංගම දුරකථන අද වනවිට භාවිතයට ගැනේ. මේ කාරණයේදී දෙයාකාරයකින් තාක්ෂණය යොදා ගන්නට මිනිසා සමත්ව සිටී.එක  ආකාරයන් වන්නේ ජංගම දුරකථනයේ තිබෙන සියළුම සිදුරැ වසා එහෙමත් නැත්නම් ද්වාර ^Port සීල් තබා වසා දැමීමේ ක්‍රමයයි. එවැන්නක් කලවිට  ජංගම දුරතථනය තුලට ජලය ඇතුළුවීමට මගක් නැතිව යයි.

ජංගම දුරකථනය ජලයෙන් ප්‍රවේශම් කරන්නට උපයෝගී තරගත හැකි අනෙක් තාක්ෂණික උපක්‍රමය නැනෝ ආලේපනයයි. ^ Nanocoatig   නැනෝ ආලේපනය යනු බහු අවයවයක් සහිත රසායන  ද්‍රව්‍යයකි.
ජංගම දුරකථනය මත එකී රසායනික ද්‍රව්‍ය  යන්ත්‍රානුසාරයෙන් විසුරුවා හරිනු ලැබේ. එම රසායනික ද්‍රව්‍යෙයන් තුනී ස්ථරයක් ජංගම දුරකථනය මත තැම්පත් වේ.ජංගම දුරකථනය මත ඇති නැනෝ ආලේපන ස්ථරය  කෙස් ගසෙන් 1000 න් පංගුවක් තරම් සහිතය. නැනෝ ආලේපනය සහිත ජංගම දුරකථන ජලයෙන් හානිවන්නේ නැත. අලේපනය තුළින් ජලය දුරකථනය තුලට ගමන් ගන්නේද නැත.එසේම ජංගම දුරකථනය පිටත මෙන්ම ඇතුළත කොටස්ද නැනෝ ආලේපනය තුළින් ආරක්ෂාකර තැබීම අනිවාර්යයෙන්ම කළ යුත්තකි.

නැනෝ ආලේපනය සහිත මතු පිටකට ජලය වැටුනු විට ජලය පබළු මෙන් විසිරී ඉවත පෙරී යනු දක්නට පුළුවනි.  පමණක් නොව අනෙක් ඕනෑම ද්‍රව වර්ගයක් නැනෝ ආලේපනය මතදී මේ ආකාරයට විසිරී පෙරී ඉවත්ව යනු ඇත. නැනෝ ආලේපනය සහිත විට දුරකථනයේ බාහිර පෙදෙස් හෝ එහි අභ්‍යන්තර කොටස් වල ද්‍රව කිසිවක් රැදීමට ඉඩක් නැත. එබැවින් මළ බැදීමක්ද ඇති නොවේ.

නැනෝ ආලේපනය මේ වන විට නිෂ්පාදනය කරන්නේ බ්‍රිතාන්‍යය සමාගමකි.මෙම සමාගම බ්‍රිතාන්‍යයේ  ඩක්ස්ෆෝර්ඩිෂියර්හි පිහිටා තිබේ. එය හැදින්වෙන්නේ Pzi ලෙසය.

යුධ හමුදා පාවිච්චියට ගන්නා උපකරණ ජලයෙන් ආරක්ෂා කරගන්නටද නැනෝ ආලේපනය යොදා ගැනීම තවත් අවස්ථාවකි.විශේෂයෙන් හමුදා නිළ ඇදුම් ආරක්ෂා කර ගැනීමටද නැනෝ ආලේපන යොදා ගත හැකිද යන්න කෙරෙහි අවධානය යොමු වී  ඇත.අනෙක් අතට විද්‍යුත් උපාංග ආරක්ෂා කර ගැනීමටත් මේ ක්‍රමය යොදා ගන්නට හැකි බව අනාවරනය වී ඇත.

 සකස් කලේ - ඒ ඒ සි වි අතාවුද
                     විද්‍යා හා තාක්ෂණ නිලධාරි
                     අරණායක

0 comments:

Post a Comment